
(සුමිත් පොතුපිටිය)
රට පුරා දිස්ත්‍රික්ක 14 ක මහජන සෞඛය වෛද්‍ය කලාප 89 ක ඩෙංගු අවධානම හදුනාගෙන ඇති බවත් , ඩෙංගු මැඩ පවත්වන්නට නම් සැම දෙනාගේ සහය අවශ්‍ය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කළුතර දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
රට තුල පසුගිය මාස 6 ක කලය තුළදී ඩෙංගු රෝගින් 42800 ක් පමණ වාර්ථා වෙනවා. මෑතකදී ඩෙංගු අවධානම පවතින දිස්ත්‍රික්ක 14 ක් හදුනාගත්තා. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 ක්, දකුණු පළාතේ දිස්ත්‍රික්ක 3 ක් ,සබරගමු දිස්ත්‍රික්ක දෙක, මහනුවර ,මාතලේ , බදුල්ල ,මඩකලපුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ඒ අතර වෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල අනුව ගත්තොත් 89 ක් වශයෙන් හදුනාගෙන තියෙනවා.
මේ වනවිට රෝගින් 27 කු මියගොස් තියෙනවා . පාසල් ළමයන් කිහිප දෙනෙක් ද ඒ අතර සිටිනවා.
ඩෙංගු රෝගීන් සියයට 51 ක් වාර්ථා වෙන්නේ බස්නාහිර පළාතෙන්. මෙයට විසදුම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හදුනාගෙන හැකි පමණ ඉවත් කරන එක. ඒකට ජනතාව ගේ සහය උවමනායි. ජුනි 15 සිට 20 දක්වා සියලු රාජ්‍ය ආයතන පාසල් පද්ධතිය මහජනතාව රාජ්‍ය නොවන සංවිධානය එක්වෙලා සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ මදුරුවන් ගහනය වැඩි තැන්වල අවධානය යොමුකරල තියෙන්නේ . සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වුනා. ඩෙංගු මර්ධන කමිටු රැස්වුනා. ඒ ඒ ප්‍රදේශවල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වෙලා උවදුර මැඩප්ප්වත්වන්නට සමාලෝචනය කරමින් සිටිනවා.
සියයට 26 ක් කර්මාන්ත ශාලවල ඩෙංගු තත්ත්වය හදුනාගෙන . අපි ඒවට නීතිය ක්‍රියාත්මක කලා. දඩ ගැහුවා.අවවාද දුන්න .නමුත් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ.මෙය මැඩ පැවැත්වීමට සහය ලබාදිම.
කර්මාන්ත ශාලවල කසල බැහැර කිරිම සම්බන්ධයෙන් ප්‍රශ්න හදුනාගෙන තියෙනවා ඒවාට සෞඛ්‍ය අංශ නිසියාකාරව කටයුතු කරගෙන යනවා. නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් කසල එක්කරගැනීමේ කටයුතු කරගෙන යනවා.කසල වෙන්කරල භාරදෙන්න. තැන තැන කසල දමන්න එපා. පාරවල් නිවාස සහ ඒ අවට ආයතන පිරිසිදුව තබාගන්න.
විශේෂයෙන් පාසල් වල සියයට 41 ක් එකක් හදුනාගෙන තියෙනවා .ඒ නිසා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින ළමුන් මාපියන් සහභාගි කරවාගෙන පිරිසිදු කිරීම් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තියෙනවා . ආරක්ෂක ලේකම් උපදෙස් දී තියෙනවා ත්‍රිවිද හමුදාවල සහය ඒ සදහා ලබාදෙන්න.පොලිසිය සක්‍රීය වෙලා ඉන්නව. මේ සියලු දෙනාගේ දායකත්වය තුල වැඩිවන ඩෙංගු උවදුරට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙනවා .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd