
(අංජුල මහික වීරරත්න)
ඩීසල් බැරල් 1,400,000+/-5% නැව් තොග 5ක ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 -11-15 දින සිට 2026-06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 5ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 7 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව එකී ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s. Trafigara Pte Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1576
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1369
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩීසල් නැව් තොග පහක් ගන්න සම්පාදනය සිංගප්පූරුවට