(යොහාන් භාසුර)

ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල සියයට 4 ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු වියයුතු බවත් රුපියල් 430 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියක් 15 කින් ඩු කිරීමට සියයට 4 කට අඩු ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවත් මිරැන්ඩා මහතා කීය.