නොකඩවා පස්වැනි වරටත් මහල්වරාව බේකරිය පරිශ්‍රයේ දී ඩවුන් ටවුන් පල්ස් නොහොත් %යටිනුවර හදගැස්ම^ නමින් ඊයේ (01දා), අද (02දා) සහ හෙට (03දා) දිනවල උදෑසන 9.00 සිට රාත්‍රිය පුරා පැවැත්වීමට නියමිත %ඩවුන් ටවුන් පල්ස්^ යනු ඔබ අවධානය යොමු කළ යුතු ව්‍යපෘතියක් වෙනවා.
එහිදී සංගීතයෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 පසු වනතුරු දවස් තුනේම හැපි ජර්නි, ස්කිට්සෝ, ඝෝෂා, මියුසික් මැටර්ස්, වකන් තන්කා, වැගන් පාක්, පැරනොයිඩ් අර්ත්ලින්, ලෝකල්, රෙබෙල් එක්සොඩස් කියන සංගීත කණ්ඩායම් දහය සම්බන්ධ වෙනවා.
ඊට අමතරව මෙම අවස්ථාවේ නිර්මාතෘ විරාජ් ලියනාරච්චි "ද හෝල්" කියන අරුතින් ඡායාරූප ප්‍රදර්ශනයක් සිද්ධ කරනවා.
මෙහි පැවැත්වෙන සංවාදවලදී අන්තර්ගතය ලෙස පළමු දවසේදී කන්ටෙම්පරරි ආට් නොහොත් නූතනකලාව පිළිබඳ ජගත් වීරසිංහ, භූපති නලීන්, පුබුදු ජයගොඩ කියන තුන් දෙනා සම්බන්ධ වී කතාබහක් සිදුවෙනවා.
දෙවැනි දිනයේදී නිෂ්පාදනයට පසු කලාව නොහොත් කාර්මීකරණයෙන් පස්සෙ ආපු කලාව ගැන මූලික කරගෙන උදිත ගයාෂාන් ගුණසේකර, සිතුමිණි රත්නමලල, චින්තන ධර්මදාස සහ විදර්ශන කන්නන්ගර එක්ව සංවාදයක් පවත්වනවා. තුන්වැනි දවසේදී විකල්පවාදී සංගීතය පිළිබඳ කරපු පර්යේෂණ මුල්කරගෙන "විකල්ප සංගීතයද? විකල්ප මිනිස්සුද?" කියන තේමාව යටතේ සංවාදයක් සූදානම් කර තිබෙනවා. එයට ඉසුරු කුමාරසිංහ, කෞෂල්‍ය කුමාරසිංහ සහ විදර්ශන කන්නන්ගර කියන අය සංවාදේ යෙදෙනවා. මෙම සංවාද මෙහෙයවීමට ධනුෂ්ක ගුණතිලක, කැළුම් අමරසිංහ සහ විමුක්ති ජයසුන්දර සම්බන්ධ වෙනවා. ඒ සමග ඔවුන් හැමවතාවකම කරපු ඩවුන් ටවුන් පල්ස් තුන්වැනි කෘතිය එළිදැක්වීමත් සිද්ධ වෙනවා. එයට සම්පූර්ණයෙන්ම ශ්‍රමය වපුරන්නේ කැළුම් අමරසිංහත්, සුපුන් විශ්වබුද්ධිත්. මේ සියල්ල බේකරියේ කට්ටියගේ වැඩක් විදියටයි සිද්ධ වෙන්නේ. මෙම සංවාදයන් දින තුනේම සවස 3.00 සිට සවස 5.30 තෙක් සිදුවෙනවා.
එසේම පර්ෆෝමින් ආටිස්ට්ලා සවස පහයි තිහේ සිට හත වනතෙක් ශරීරය රංගනයට භාවිත කරන්නේ කෙලෙසද යන්න පිළිබඳව නිර්මාණ කටයුත්තක් සිද්ධ කරනවා.
එසේම ඔවුන් වීඩියෝ ආට් සහ ග්‍රැෆිටි ආට් වෙතටත් ඉඩක් ලබාදී තිබෙනවා.
නිදුක් මධුෂික
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩවුන් ටවුන් පල්ස් වෙත අවධානය යොමුකරන්න