පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වන ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි ලබන 16 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.
පෙත්සම් විභාගයට සහභාගී වීමට විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා අකැමැත්ත පළ කිරීමෙන් පසු මෙය තීන්දු විය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ, සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි. එහිදී පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිබඳ තීන්දුවක් ප‍්‍රකාශ නොකළ අධිකරණය පෙත්සම සම්බන්ධ නොතීසි පෙත්සමේ නම සඳහන් සියලූ වගඋත්තරකරුවන් වෙත දන්වා යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියෝග කළේය.
තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි" කියලනේ ඉල්ලන්නේ. මෙයාව තෝරා ගත්තනම් මෙයා මෙහෙම ඉල්ලීමක් කරයිද? නැහැනේ? (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
සාධාරණ ඉල්ලීමක්. ජය වේවා! (නි)
ඇත්තටම හොඳ තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
අපි බලමුකෝ ඉතින්... නේද? (නි)
උසාවිය මොනවා කියයිද? අපිත් බලාපොරොත්තු වෙන්නේ ඔබ බලාපොරොත්තු වෙනදේම තමයි. (නි)
අපි බලමු සතුටුදායක පිළිතුරක් ලැබෙයිද කියලා (නි)
මේ අය ඉස්සර මෙහෙම ඉල්ලුවේ නැහැනේ. දැන් මොකද මේ?? (නි)
තමන්ව ජාතික ලැයිස්තුවෙන් පත්කරන්න යැයි නොඉල්ලා පරාජිත අපේක්ෂකයින් පත්කිරීම බලරහිත කරන්නයි ඉල්ලීම සාධාරනය. (නි)
යුක්තිය සාධාරණය ඉටු වෙන්නට ප්‍රාර්ථනා කරමු (නි)
මොනවා වුණත් ජනතාවට වන අපට වැඩක් නැත. (නි)
ඩිව් ගුණසේකර මහතා ඉදිරිපත්කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා ලැබෙන තීරණය ඉතා තීරණාත්මකයි. නමුත් අසාධාරන ඉල්ලීමක් තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම්කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටීම. (නි)
රටට වැඩ කරන්න යන මහත්තයෙක්. අනේ මෙහෙම ආශාවක්! (නි)
ඉතාමත් වැදගත් තීරණයක් ලැබෙයි. නමුත් තමන්ව පත්කරන්න යැයි කීම නම් හොඳ නැහැ. (නි)
ජනමතයට අභියෝග කිරීමට විරුද්දව අභියෝග කිරීම (අ)
පරාජිත අපේක්ෂකයින් පත්කිරීම බලරහිත කරන්නයි ඉල්ලීම සාධාරණය.ඊටත් මෙයාලට යුක්තිය මකත් වෙන්නේ දැන් වීම ඊට වඩා කණගාටුයි..අපි කොහොමත් කැමති නෑ..එස්.බි, ලක්ෂ්මන්, විජිතමුණි වගේ අය කොහොමත් හොඳ නෑ..ආ ඩිලාන් ඊට හපන් එපා අය එපාමයි. (අ)