මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ 11 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සම විභාගයට ගන්නාවාද නැද්ද යන්න සලකා බැලීම සඳහා අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය.
එසේම එම පෙත්සම පංච පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහාද පෙත්සම හෙට (8) අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටද තීරණය විය.
මෙම පෙත්සම අද (07) බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.
තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු ඇමැති සිය පෙත්සමින් ඉල්ලා සිටී.
මැතිවරණ කොමසාරිස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී ප‍්‍රකාශිත ගැසට් නිවේදනයේ නම නොමැති සහ මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස ප‍්‍රකාශ කිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයි එතුමාගේ පැමිණිල්ල. (ර)
ඔන්න රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවාද කියා දැන් බලාගන්න පුලුවන් මේ තීරණයත් එක්ක. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අපිට තියෙන්නේ ඉතින් නිශ්ශබ්දව බලා ඉන්න එක (නි)
පැරදුන අපේක්ෂකයින් මෙයට පෙරත් පත්කර ඇත .ජාතික ලයිස්තුවෙන් පත්කළ යුත්තේ විශේස දක්ෂතා ඇති පුද්ගලයන්. (බ)
මේ නඩුව නිකම්ම නිෂ්ප‍්‍රභා වෙලා යන බවයි මම නම් කියන්නේ .මෙවැනි පත්වීම් වලට ඇති තරම් පූරවාදර්ශ තියෙනවා. ඊටත් එහා ගිහින් ලැයිස්තුවෙ වත් නොහිටපු ජන්දෙන් පරාද වෙනව තියා ජන්ද ඉල්ලුවෙවත් නොමැති අය පුරප්පාඩු වශයෙන් පත් කළ අවස්ථාත් තියෙනව. මේව ඩියුලට මතක නැති එකනේ පුදුමෙ. (අ)
මෙම නඩුව තාක්ෂණික හේතුන් මත නිෂ්ප්‍රභා නොවුවහොත් ඓතිහාසික නඩු තීන්දුවක් වීමේ සම්භාවිතාව වැඩි වීමට ඉඩකඩ ඇත. (බ)
ඩිව් කිව් විදියට ඉතිහාස ගතවන නඩු තීන්දුවක් ලැබෙනවා නම් සතුටුයි. ජාතික ලැයිස්තුවට නිදහස් රට පිළිගත් රටට අවශ්‍යය විද්වත් ප්‍රාමාණීකයින් පමණක් ඇතුල් කිරීමට තීන්දුවක් ලැබෙනවානම් . (ම)
යහපාලනය වෙනුවෙන් හෘද සාක්ෂියක් සහිතව කඩේ ගිය එව්වෝ ලජ්ජා වෙන්න ඕන යහපාලන ලොක්කගේ මේ නින්දිත ක්‍රියා පටිපාටියට..ඔහු ආවේ සියයල්ල දන් දෙන වෙස්සන්තර කෙනෙක්ට ඇදගෙන..නමුත් දැන් හැසිරෙන්නේ අනුන්ගේ දේත් බලෙන් උදුරා ගන්න අමුම අමු මසුරු සිටාණෝ කෙනෙක් හැටියට..ඔහු තම විධායක ජනපතිකම යොදා ගන්නේ තමන්ට පක්ෂයේ බලය තහවුරු කර ගන්න..තමන් ද්‍රෝහී වුනු තමන් පාවාදුන් පක්ෂය තමන්ගේ අනාගත දේශපාලන තහවුරු තාවය වෙනුවෙන් යොදා ගන්න...අපි මෛත්‍රී මහත්තය රටේ ජනාධිපති හැටියට පිලි ගන්නවා.. ඒ බහුතර කැමැත්ත මත ප්‍රජාතන්තරවාදය ක්‍රියාත්මක වන නිසා.අපි එයට ගරු කළයුතු නිසා..නමුත් කවදාවත් ඔහු ශ්‍රී ලංකා එකේවත් සන්ධානයෙවත් නායකයා හැටියට පිළිගන්නේ නැහැ..අපි ඔහුට විරුද්ධව ඔහුව ප්‍රතික්ෂේප කළ අය..මහා මැතිවරණයේදීත් ඔහුව පමණක් නෙමෙයි ඔහුගේ අනුගාමිකයිනුත් නිර්දයවම ප්‍රතික්ෂේප කළ අය..අපේ ඒ මතය තමයි සන්ධානය වෙනුවෙන් ඡන්දය දුන් පාක්ෂික මතය ..ඔහු මේ අමු අමුවේ මංකොල්ල කන්නේ ඒ මතය..යහපාලනයේ ලොක්කෙක් කවදාවත් එහෙම වෙන්න බැහැ..එහෙම වෙනවනම් එතන තියෙන්නේ යහපාලනයක් නෙමෙයි..යම පාලනයක්.. (බ)