මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) එරෙහි වාරණ නියෝගයන් ලබා ගැනීමෙන් සිදුකර ඇති අගතියට රුපියල් මිලියන දහය බැගින් රුපියල් මිලියන 20ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු විරෝධතා ගොනු කරමින් කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (10) හරස් ඉල්ලීමක් කළහ.
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා ඉදිරියේදී අද (10) ඔවුන් මෙම ඉල්ලීම කරනු ලැබීය.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරිපත් කර ඇති තොරතුරු ජනතාවට දැන ගැනීමේ අයිතිය නැති කරමින් මෙම නඩු දැමීම තමන්ගේ කීර්ති නාමයට අගතියක් සිදුව ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් සිය හරස් ඉල්ලීමෙන් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටී.
සුජීව සේනසිංහ මහතා දේශපාලන වාසි ලබා ගැනීමට අයුක්ති සහගතව නඩු පවරා ඇති බවද එබැවින් සිදුවූ අගතියට හා කීර්තිය හානියට මෙම රුපියල් මිලියන 10 බැගින් වූ රුපියල් මිලියන 20ක වන්දි මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.
වගඋත්තරකාර කෝප් කමිටුවේ සෙසු සාමාජික විත්තිකරුවන්ගේ විරෝධතා ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා මීට පෙර දන්වා සිටියේය. අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස්දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ වගඋත්තරකරුවන් වන ඩිව් ගුණසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විරෝධතා ගොනු කළේය.
නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට කතානායකවරයා පත් කල කෝප් කමිටුවට එරෙහිවපැවරූ නඩුවෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය දිසා අධිකරණය විසින් ඒක පාර්ශවිකව නිකුත් කරනු ලැබුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේනතුවේ සභාගත කිරීමකින් තොරව ප‍්‍රකාශයට පත් කිරීම හෝ ප‍්‍රසිද්ධ කිරීම වළකාලමිනි. නමුත් සේනසිංහ මහතා පසුගිය 23 වැනිදා මෙම වාරණය ඉල්ලා අස් කර ගත් අතර අදාළ වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද විත්තිනරුවන්ට දන්වා සිටින ලදී. ලබන 27 වැනිදා මෙම හරස් ඉල්ලීම් යළි සලකා බැලේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මේ ලංකාවේ නෙමේ වෙන රටක සිද්ධ වුණ දෙයක්.(ම)
23 සිට අද වෙනකන් ඇයි ඩිව්ට බැරි වුනේ වාර්තාව ඉදිරිපත් කරන්න....... කළානම් ඉවරයිනේ.............. බොරුවෙන් හැමදාම ජිවත් වෙන්න බෑ (බ)
මාත් නොදන්න හින්දා අහන්නේ. භාණ්ඩාගාර බැඳුම්කර වංචාවක් සිද්ධවුණේ නැද්ද එතකොට? (නි)
මමත් මේ අහන්නේ වංචාවක් එහෙම යටපත් කරලා තියාගන්නත් නීතියට පුලුවන්ද? ඒක එහෙම නම් එහෙම රටක් ගැන අහපු පළමු වතාව මේක (නි)
මම මේ නොදන්න හින්දා අහන්නේ නඩු දාපු එකට විරුද්ධවත් නඩු දාන්න පුළුවන්ද ? (බ)