(සුමිත් පොතුපිටිය)

පානදුර මුහුදු වෙරළට අද (21) පස්වරු 2 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනකු ගොඩගසා සිට ප්‍රදේශවාසීන් විසින් නැවත මුහුදට යොමුකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර උයන්කැලේ ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට මෙම මත්සයන් ගොඩගසා ඇති අතර, ඔවුන් බරපතළ තුවාල ලබා සිට ඇතැයි සදහන් වේ.

ප්‍රදේශවාසීන් දැක පානදුර දකුණ පොලිසිය දැනුවත් කර ඇති අතර පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් නිරීක්ෂණය කරමින් සිටි අයුරු දැකගත හැකිවිය .