ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාතාවගේ තනපට ගලවා සිරිකොතට විසි කරලා යනුවෙන් ප‍්‍රකාශයක් කරන ඩලස් අලහප්පෙරුම මහතාත් එහි හක් (ගාංචුව) ගලවන්නට උදව් වුණා යැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී.ල.නි.පයේ පිරිසක් ආණ්ඩුව හා එක් වූයේ යට ඇ`දුම් ගැලවීමට නොව රට වෙනුවෙන් පක්‍ෂය ගත් තීරණයක් අනුව බව ද ඇමතිවරයා කීවේය.
එම තීරණය ගත් අවස්ථාවේ එයට කැමැත්ත පළ කර ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාත් අත ඉස්සූ බව කී දයාසිරි ජයසේකර මහතා විරුද්ධ වූයේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා පමණක් බව ද ස`දහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සිට තම වාසියට පැති මාරුකරන, කවදත් හිරිකිත කතා කියා ජනතාව පිනවන, එහෙත් කිසි වැදගම්මක් නැති අය ඕනෑතරම් අපි අතර ඉන්නවා (නි)
ලොක්කාට ආරංචි වුණොත් මඩු වලිගෙන් තලයි (බ)
ෂික් විතරක්, මෙයාලට හැදියාවක් ඇත්තෙම නැද්ද? (නි)
දයාසිරි මහත්තයා එජාප. තනපටය කොහාට විසිකරලද ශ්‍රී ල.නි.ප. තනපටේ ඇදගත්තේ. (බ)
අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)
දැන් තනපට සම්බන්ධ කරගන්නේ නැතුව කතාකරන්නම බැහැ වගෙයි (නි)
දේශපාලනය කියන්නේ ලෝකේ තියන හොදම බිස්නස් එක මේ බිස්නස් එකෙන් හොදම ලාබයක් ගන්නේ සහ නියම බිස්නස් ගැට දන්නේ සහ පාරිබෝගිකයා රවට්ටලා හොදට තමන්ගේ මඩිය තරකරගන්න දන්නෙත් අපේ ලංකාවේ ඉන්න දේසපාලුවෝ.සමහර වෙලාවට කරන වැඩ පුදුම අප්‍රසන්නයි. බොරුද ? (බ)
මේ විදිහේ කතා අහන්න වෙන්න ඇති මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නේ. තියන නැහැදිච්ච කම තමයි මෙයින් පේන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අය සැවොම එළවන්නේ නැතුව රටට හොඳක් වෙන්නේ නැහැ. (අ)
අද සමහරුන්ට දේශපාලනය කියන්නේ නියම බඩගෝස්තරවාදී රැකියාවක්. (නි)
මේ රටේ ජනතාව මේ විදිහට පල් වෙන්නේ අතීතයේ සිට දේශපාලුවන්ගේ අමන වැඩ කෙරුවාව නිසානේ . දැන් දැන් ඒක වැඩි වෙනවා. මේ අයට කුද ගහගන්ඩ මේ රට පොහොසත් රටක් පාලනයට ගන්නවානම් හොදේ කියල හිතෙනවා දැන් . (අ)
මේ වගේ සත්තු ටිකක්ද හප්පා මිනිස්සු මැරී මැරී ඡන්දෙ දීලා උඩට යැව්වේ? (අ)
ඔය කතා සාමාන්‍ය දේවල් අපේ දේශපාලකයන්ට (නි)
මේ හැමෝම එකතුවෙලා ඔය කියන මාතාව ගණිකාවක් කරලා අවසන් (බ)
ඩලස් තනපට ගාන්චුව ගලවන විටම දයාසිරි තනපටය අරන් දුවලා කියලා තව කොටසක් කියනවා (කෞ)
මේ කතාවෙන් එතකොට පිළිගන්නවා නේද තනපටය විසිකරලා කියලා. (නි)
අපි කොහොමද අපේ අතීතය ගැන උදම් අනන්නේ, වර්තමානයක් නැතිකොට. (නි)
පේනවා නේද අපේ මහජන නියෝජිතයින්ගේ භාෂාව? (නි)
මේක තමයි ඇත්ත දේශපාලන ක්‍රියාවලිය , තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කියයි ලියයි කරයි , මේවට හුරේ දාන පාක්ෂිකයොත් ඉන්නවා ඉතින් (බ)
අපි මොනතරම් නම් මේ කුණු රසයට ලොල්ද කියනවා නම්, දවස තුළ දේශපාලකයින් කියන මේ වගේ කුණු හරුපයක් ඇහුවේ නැති නම් හරියට රෑට නින්ද යන්නෙත් නැහැ. (බ)