ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ් හි පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයත් සමග ක්‍රීඩාගාරයට පිවිසි කණ්ඩායම් සාමාජිකයන් අතර සිටි ටී.එම්.ඩිල්ෂාන්ට ප්‍රේක්ෂකාගාරයේ සිට අයකු ‘ඩිල්ෂාන් දැන් රිටයර් වෙන්න‘ යනුවෙන් කෑ ගසා ඇත.
ඉන් ප්‍රකෝප වූ ඩිල්ෂාන් එම පුද්ගලයාට බැන වදින ආකාරය එම අවස්ථාවේ වීඩියෝ පටයක සටහන් වී ඇත. අනතුරුව ඩිල්ෂාන් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාපිටියේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනකුට පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහිච්ච පොල්වල තමයි හොදට තෙල් තියෙන්නේ. (කෞ)
ඩිල්ෂාන් විශ්‍රාම යවන එක තේරීම් කමිටුව කරයි. ප්‍රේක්ෂකයො තරග බලලා ජය පරාජය විඳගෙන එන්න දැනගන්න ඕනෙ. (බ)
දිල්ෂාන් මුණවීර වගේ තරුණ කොල්ලෙකුට චාන්සේ එක දීල න ගෙදර යා යුතුයි, මේකත් හරියට ලංකාවේ දේශපාලනේ වගේ වෙලා, නාකි වේවි හරි ඉන්නමෛ කල්පනාව (කෞ)
මිස්බා උල් හක් හොදටම සෙල්ලම් කළේ 40 පැන්නට පස්සේ. නීල් ෆෙයාර් බ්‍රදර් හොදටම සෙල්ලම් කළේ 45 පැන්නට පස්සේ. ක්‍රීඩකයෙක් 55 වෙනකල් ක්‍රීඩා කිරීම අනිවාර්ය කළ යුතුයි. (බ)
ඩිල්ෂාන්ගේ තරහා සාධාරණයි (නි)
සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෙකුට අවථාවක් දීල දිල්ශාන් විශ්‍රාම යනවනම් හොදයි. (ම)
දැනට ලෝක මට්ටමේ ඉන්න ඉහළම ශාරීරික යෝග්‍යතාවයක් තියෙන ක්‍රීඩකයන් අතර ඔහු ඉදිරියෙන්ම ඉන්නවා. ඇලෙක්ස් ස්ටුවර්ට් හා මිස්බා උල් හක් වගේම දක්ෂතාවලට වයස බාධාවක් කර නොගත් කීප දෙනා අතර කෙනෙක් තමයි දිල්ෂාන් (කෞ)
ඔෆිස් එකේ ඉතාම වැදගත් වැඩක් අවුල් ගිහින් එනකොට ලොක්කොන්ට ඔය වගේ කිව්වොත් කොහොම තියෙයිද ? මට නම් දිල්ෂාන් කියපු හැම වචනයක්ම හරි.. (කෞ)
මෙයාගෙන් එයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (බ)
ඩිල්ෂාන්ට දැන් ඉන්න හුගක් ක්‍රීඩකයොන්ට වඩා ෆිට්නස් තියෙනවා... ක්‍රිකට් නොදන්නා, පුහුණුවීම් කරන්න කන කට්ට නොදන්නා නිකන් උඩු බුරන මෝඩ හිවල්ලු කියන කතා තමයි ඔව්වා.. තාමත් අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල ලංකාවේ නම තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක් දිල්ෂාන්.. (ම)
මහත්වරු සෙල්ලම් කරන ක්‍රීඩාවේදී ඉවසීම තියෙන්න ඕන. ඩිල්ෂාන්ට කේන්ති යන දෙයක් මටනම් පේන්නේ නැහැ (බ)
ඩිල්ෂාන්ට විශ්‍රාම යන්න වයස හරි නමුත් දිල්ෂාන් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටීමත් සහ දක්ෂතා අතර සිටීමත් , ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවර නවක ක්‍රීඩකයන් සොයා ගැනීමට බැරි වීමත් යන කරුණු මත දැන් ඔහු විශ්‍රාම ගියොත් කණ්ඩායම අමාරු වැටේවි (බ)
තරග පරද වුනණා දුක තියෙන්නේ බලන අයට වැඩිය ගහපු අයටයි .සල්ලි හම්බවෙනවා තමයි.එත් පුහුණු වෙන්න විඳින දුක ප්‍රේක්ෂකයෝ දැන ගන්න ඕන .පරද වෙනවා බලන්න දුක නම් අපි දිනපු තරග එකෙක වීඩියෝ බලනවා ඔයි.ක්‍රීඩකයින්ට ගරහන්නේ නැතුව (අ)
අකිල මහතාගේ අදහස නිවැරදිය (ම)
ඔය බැට් එක දීපන් දැන් ළමයෙකුට (බ)
සාමා එහෙනම් ඔයාද මේක කිව්වේ අහුවෙයන්කෝ ටවුමේදී (බ)
කට්ටියට මතක නැහැ වගේ. ගිය වසරෙත් අපි හොඳටම කෑවා. සංගා මහේල හිටියා කියලා වැඩක් තිබුනේ නැහැ. අනික ඩිල්ෂාන් ගැහුවොත් විතරයි අපි දිනන්නේ (නි)
ඕවා ගණන් ගන්න එපා අනේ (නි)
ඩිල්ෂාන්, දැන්වත් ඔය බැට් එක වෙන කෙනෙකුට දෙන්නකෝ (නි)
වයසට යන්න යන්න තමයි අත්දැකීම් වැඩි වෙන්නේ. ඩිල්ෂාන්ට ත් අනෙක් රජයේ සේවකයන්ට මෙන් හැට පහ වෙනතුරු සෙල්ලම් කිරීමට අවස්ථාව දිය යුතුය.(ම)
ඩිල්ශාන්ලා බලෙන් අල්ලගෙන නැහැ. එයාට වඩා හොඳ ක්‍රීඩකයෙක් නැහැ. 50 තරඟ වල සාමාන්‍ය 40ක් තියෙනවා. (නි)
දැන් ලංකාවේ තියෙන හොඳම විහිලුව තමයි ක්‍රිකට්. (ර)
කතාව ඇත්ත (ම)
මහේල කරපු කෙරුවාවක් නැත (බ)
ප්‍රශ්නය තියෙන්නේ ඩිල්ෂාන්ගේ විශ්‍රාම යාම ගැන නෙමෙයි , ඩිල්ෂාන් තවමත් හොඳට දක්ෂකම් පෙන්නුම් කරන පළපුරුදු ක්‍රීඩකයෙක් . ප්‍රේක්ෂයෙක් තමන්ගේ අදහස් දැක්වීමක් වෙනුවෙන් ඩිල්ෂාන් දැක් වූ ප්‍රතිචාරයයි . සංගා හෝ මහේල නම් හිනහ වෙලා ක්‍රීඩාගාරයට යනවා සිකුරුයි . ක්‍රීඩකයෙක් වුනාම මෙවැනි තත්වයන්ට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඕනේ . (ම)
සල්ලි දීල ටිකට් අරන් මැච් එක බලන්න මං ආවෙ. පරාද වුනාම දුකයි. දිගටම අසාර්ථක වුනු නිසයි මං ඩිලාට එහෙම කිව්වෙ. දැං ඉන්න ක්‍රීඩකයො බොක්කෙන් සෙල්ලම් කරන්නෙ නෑ. එයාලට දිනුවත් සල්ලි හම්බෙනව, පැරදුණත් සල්ලි හම්බෙනව. පොඩි වෙනසක් තියෙන්නෙ දිනුවොත් වැඩිපුර හම්බෙනව. වෙන කෙනෙක් නම් මාත් එක්ක සෙල්ෆියකුත් ගහල ක්‍රිකට් ඔහොම තමයි මචං කියල තට්ටුවකුත් දාල යයි. මට දිලා ගැන තවත් කළකිරුණා....(බ)
ඩිල්ෂාන්, නොසැළී මුහුණ දෙන්න මේවාට (නි)
කෙවින් හරි ඩිල්ෂාන් (නි)
අපේ ටීම් එකේ ඉන්න ජ්‍යෂ්ඨතම ප්ලේයර් තමා ඩිල්ෂාන් කියන්නේ. (ර)
ශ්‍රී ලංකා ජාතික පිලට 40 ට වැඩි ක්‍රීඩකයන් පමණක් එක්කරගන්න ලෙස ඉල්ලා සිටිනවා. (නි)
දවස පුරා වෙහෙසව තරග පරාජයවී හිත් වේදනාවෙන් එන ඔහුට මෙවැනි අපහාසාත්මක කතාවක් නොකළ යුතුය. ඔවුන් රටේ නම රැකගන්නට ඉතා හොදින් ක්‍රීඩාකළ බව එක තරගාවලියකින් අමතකකර අපහාස කිරීම නොහොබිනා වැඩකි.ඩිල්ෂාන් අපි ඔබ සමගයි. (කෞ)
දිනුවත් පැරදුනත් දෙකම සතුටින් බාරගන්ඩ අපිට පොඩි කාලේ ඉස්කෝලවල කියල දෙනවා .(අ)
පොඩිකාලේ ජිල් බෝලයකටවත් හරියට ගහගන්න බැරි අය තමයි, දැන් ලොකු පොරවල් කියලා හිතාගෙන ලෝක පුජිත ක්‍රීඩකයින්ටත් උපදෙස් දෙන්න එන්නේ. ඔය ලොකු කතා කියන අයියලව ක්‍රිකට් ගහන්න නෙමෙයි, ප්‍රේක්ෂකයෝ ඉන්න ග්‍රවුන්ඩ් එකක් මැද්දට දැම්මොත්, ආයේ දෙකක් නැහැ සිද්ධවෙන දේ අපි දන්නවා (නි)
පාලක මණ්ඩලය තමා මේවට වග කියන්න ඕනි මොකද හරියට ටීම් එක හදාගන්න බෑනේ තව එකක් අපේ රටට ඕනි කරනවා 20-20 ටීම් එකයි 50 වලට එකයි ටෙස්ට් වලට එකයි ටීම් එක එතකොට අපේ රට හැමදාම මැච් දිනනවා සාර්ථකයි (බ)
ගහන ගහන එක පරාදයි ඉතින් මිනිස්සුන්ට තරහ යන්නේ නැද්ද ? සංගා මහේල ගියායින් පස්සේ ක්‍රිකට් කඩා වැටුණා (ම)
කෝ අලුත් අය ගැහුවද මේ පාර? (නි)
දිල්ෂාන් කේන්ති යන්න හේතුවක් මටනම් පෙන්නේ නැහැ. අර අවසානයේදී කියන වචන මේ වගේ ක්‍රීඩකයකුට ගැලපෙන්නේ නැහැ. මට කනගාටුයි දිල්ෂාන් ගැන (බ)
දිල්ෂාන් සමුගන්න ඕනේ නැහැ කාගෙවත් කතාවක් නිසා. (ර)
දිල්ෂාන් ඔබ අපට සම්පතක් දිල් ගැහැව්වේ නෙත්තම් හැමදාම පරදි සංගා, මහේලට වඩා දිල්ෂාන් තරග දිනවල තියෙනවා අපි ඔබ සමග (කෞ)
රටක් නෙමේ, ලෝකයම ජයගත්තු ඩිල්ෂාන්ට වල් සුනඛයෙක් තමයි බුරල තියෙන්නේ. මෙයා නම් ගෙදරක හැදෙන එකෙක් වෙන්න බැහැ. දඩාවතේ යන එකෙක් වෙන්න ඇති. එකයි මූට කෙලෙහි ගුණයක් නැත්තේ..(ම)
ඩිල්ෂාන් හරි (නි)
එක ඇත්ත. එයා යන්න ඕන .. ගහන්න බැරි නම් ඉඳලා වැඩක් නෑ පුළුවන් අයවට එන්න දෙන්න ඕනෑ (ම)
ඇයි දිල්ශාන් රිටයර් වෙන්නේ? එක තරගාවලියක් අසාර්ථක වීම මත ක්‍රීඩකයෝ ගැන එහෙම හිතන්න බෑ. ගිය අවුරුද්දේ ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍යය 52.47යි. ක්‍රිකට් ගැන නොදන්නා අය කියන කතන්දර මේවා. (කෞ)
හරියට හරි. ඇයි දිල්ෂාන් රිටයර් වෙන්නේ නැත්තේ? (නි)
මටත් හිතෙන්නේ ක්‍රීඩාවන් අයින් වුනා නම් හොඳයි.තරුණ අයට තැනක් හම්බුවෙන්නේ නැහැනේ වයසට යනකම් ගැහුවොත්. (බ)