පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්‍රකාශ කළේය.
ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනපති එසේ කීවේය.
‘විදේශ බලවේගවලට අවශ්‍ය පිට කොන්දක් නැති මිනිසුන් නායකත්වයට පත් කර ගැනීමයි. ඔවුන් ගහන ගහන බෙර පදයට නටන අය පත් කර ගැනීමයි.
ජනතාව එවැනි දේ අනුමත කරන්නේ නෑ. කවුරුන් ආවත් මා පරාජය කිරීම ලේසි නෑ. පිරිසක් මා හේග් යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා. ඔවුනට මා කියන්න කැමතියි හොල්මනට බය නම් සොහොනේ ගෙවල් නොහදන බව.‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත බොරුව හොයන්නේ කොහොමද ?මගේ නම් ඔලුව හොදටම අවුල් වෙලා .(ම)
ඔබට සම්මානයක් දෙන්න වටිනවා. (ත)
ඔබ තමයි ජාතියේ පියාණන්. සදා ජය (ත)
මිනිස්සු මෝඩ නැහැ . අපි ඔක්කොම දන්නවා කවුද කාවද ඩොලර් වලට ගන්න හදන්නේ කියල. (ත)
විපක්ෂයෙන් ආණ්ඩුවට ගත්ත අය ගත්තේ පරිප්පු වලටද දන්නේ නෑ. වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්න එපා. (ත)
ඕක කලින් අහපු තැටියමනේ. ඔවා අහලා අපට ඇති වෙලා. (ත)
කට්ටිය ගෙවල් දොරවල් අස්පස් කරලා ගත්තොත් හොදයි නේද ? (නදී)
ඇයි මේ ඔක්කොම මෛත්‍රී ජනාධිපති වෙනවා කියන්නේ. දින්නම එයා පුටුව රනිල්ට දෙනවා කියලනේ කීවේ. එතකොට එයාට මොකද වෙන්නේ? එයාට මුදල් ඇමති කම දෙන්න කියලද තියෙන්නේ (නදී)
ජයවේවා! ඔබතුමා තමයි නැවතත් අපේ ජනපති. (නදී)
මෛත්‍රී හොඳ කෙනෙක් උනත්, ජනාධිපති කමක් දරන්න ඔින පණ තියන කොන්ද ඇති කෙනෙක්. මෛත්‍රී දිනුවට පාලන බලය ලැබෙන්නෙ රනිල් මහත්තයටනෙ. ඒක හරියන වැඩක් නෙවි. මට තේරෙන විදියට මහින්ද මහත්තය ලඟවත් රනිල් මහත්තය ලඟවත් අතිෂය පිරිසිදු අය හොයන්න නෑ. කවුරු දූෂණ ගැන නීතිය ගැන කතා කරත් සාමාන්‍ය ජනතාවට මේ විදියට නිවී හැනහිල්ලෙ හම්බකරගත්තොත් කාල ඉන්න නිදහසක් තිබුන කාලයක් මට මතකෙ නෑ. ඒක ඔය හැමෝම හොඳට දන්නව. ඒ හින්නද අපි දේශපාලනය කොහොම උනත්, වඩා ශක්තිමත්, වඩා පෞර්ෂයක් තියන, වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තමයි හොයන්නෙ. එතන දේශපාලනයක් නෑ. තවමත් අපේ රටේ මහින්ද මහත්තය ඇරුනම ජාතික නායෙන් නෑ. කවුරුවත් ජාතික නායකයෙක් හදන්න මහන්සි ගන්නෙත් නෑ. දේශ පාලන පක්ෂ කරන්නෙ නායකයෙක් හදනවට වඩා කුලල් කාගන්න එකයි, ඒ ඒ වෙලාවට නායකයෙක් විදියට රුකඩ අටවන එකයි විතරයි කිලය මට පේන්නෙ. (ස)
රට විකුණගෙන කන්නේ කව්ද? හැමදාම එකම බොරුව පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකියි. මිනිස්සු මෝඩයෝ කියලා හිතන්න එපා (නදී)
නෑ කියනකොටම නවීන් පැන්නා. අනේ පවු. අපරාදේ ජනාධිපති තුමා තමන් විහින්ම තමන්ව අමාරුවේ දා ගත්තා. තවත අවුරුදු දෙකක් ඉඳලා රට හදලා ෙග ගියානම්. ඩී.ඒස්. බණ්ඩාරනායක තුමාලා වෙග් ජාතික වීරෙයක් ෙවන්න තිබුණා. බල තන්හාවට ෙමෙහම ෙවනවා. ඔබ තුමා ගැන දුකයි. (ස)
මහපොල දෙන්නෙත් ඡන්ද රැස්වීමක් විදිහටද? (ස)
ඩොලර් වලට ගන්න බැරි බව ඇත්ත ..එත් රුපියල් කෝටි ගණන් වලට ලේසියෙන්ම ගන්න පුළුවන්නේ? (ස)
මෙතුමා නොසිටියා නම් ප්‍රභාකරන් හා පරපුර තව අවුරුදු ගානක් අප පාලනය කරාවි.ජයලලිතා නෝනත් එහෙ ඉඳගෙන නුල අදිවී. කොන්ද පන ඇති ජනපතිතුමා හා අපේ රට දෙවියන් රැකදෙත්වා! (නි)
එකමදේ හැමදාම කියන්න එපා අනේ..(හේ)
මේ විධායක බලය කියන එක සෝවාන් කෙනෙකුට ලැබුණත් ඔවුනුත් පෘතග්ජන වෙනවා (නි)
ජනාධිපත්තුමනි ඔබ නිවැරදියි. යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ, ඔබට ජය නියතයි.(ස )
ගල් පැලෙන බොරු කියන්න එපා. (හේ)
සහතික ඇත්ත මේ කතාව නම් (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
අපි කලොත් එහෙමයි එගොල්ලෝ කලොත් මේමයි ! (අ)
සල්ලි වලට කොයි මිනිහත් යටයි.(හේ)
ඔබතුමා පරාජය කිරීම පහසු නොවන බව අපිත් දන්නවා (නි)
පුදුම සෙනඟක්නේ සහභාගි වෙලා තිබුනේ මේ රැස්වීමට! (නි)
ඔබට ජය! (නි)
තමන් කාපු ජරාව ප්‍රදර්ශනය කරනවා. ඊළඟ ඇමතිකම් දෙනකොට මේවට ලකුණු කපල සුදුසු ඇමතිකමක් දෙන්න ජනාදිපති තුමනි. මේ උත්සවය කරන්න අපේ ඇමති තුමා බෑන්ක් ලෝන් එකක් ගන්න ඇති නේද ? ඔබතුමා දිනවන්න අපි දුක් විඳිනවා පිස්සෝ ටිකක් නිසා ඡන්ද කඩනවා (නදී)
ජනපතිතුමනි, ඔබතුමාට අභියෝගයක් නැහැ.ඔබතුමා දිනන බව ස්ථිරයි! (නි)
ඇයි යූරෝ වලට?? (නි)
දැන් ගනුදෙනු වෙන්නේ ඩොලර් පවුම් වලින් නෙමෙයි චීන සල්ලි වලින්නේ. ගොඩක් අය දැන් චීන සල්ලි වලට පුරුදුවෙලා හින්ද ඩොලර් පවුම් වලින් ගනුදෙනු කරන්න කැමති නැතුව ඇති. (නි)
එතොකට ඔබතුමා මහිද යාපා මැතිතුමාව එදා ගත්තේ මොනවා දීලද? (නදී)
ඔහොම විශ්වාසය තියාගන්න එපා. මොකද එකට හිටිය මිනිස්සු තමා මාරුවෙලා ගියේ.කරුණාකරලා දැන් ඉන්න මිනිස්සු ටික තියාගන්න සැළසුමක් හදාගන්න.නැත්නම් කවදාහරි අපේ අනාගත පරපුරට මේකට වන්දි ගෙවන්න වේවි. (නි)
ආණ්ඩුවට එක්වුන මංත්‍රීලා එතකොට අාවේ කුඩු ව්‍යාපාරයටද කසිප්පු හරි එතනෝල් වලටද (අ)
දැන් ඉතින් ඉන්න අද කාලයේ ගොඩක් අය පැන්න ගමන් පිවිතුරු වෙනවානේ! (නි)
පොළොන්නරුවේ රැස්වීමට සාපේක්ෂව මෙතන සෙනඟ පේන්න නැහැනේ. (නදී)
අඩුපාඩු නැති ආණ්ඩු නැහැ. පාලකයොත් නැහැ.අපේ ජනාධිපතිතුමා අපිට වටිනවා. (නි)
ප්‍රියාන් කියන්නේ මොන විදියේ කෙනෙක් ගැනද කියලා මට තේරෙන්නේ නැහැ (නි)
මම සුළු සිල්ලර ව්‍යාපාරිකයෙක්. පසුගිය වසර 10 පුරාම සතියෙන් සතිය වගේ අඩුම ගණනේ එක බඩු වර්ගයක හරි මිල වැඩි කිරීමෙන් ව්‍යාපාරිකයන් විදිහට අපිට වාසි අත්වුණා. අපි පරණ තොග අරගෙන තියෙන්නේ කලින් මිලට නිසා බඩු මිල වැඩි කිරීමෙන් පසු ලාබය වැඩියි. වරක් ගෑස් මිල වැඩි කිරීමෙන් අපිට ලක්ෂයකට වැඩිය අමතර ආදායමක් ලැබුනා. (නි)
ඩොලර් වලට මන්දා? වෙච්ච අසාධාරනකම් ගැන කියා කියා ඊයේ හඬා වැළපුන කෙනත් මට නම් ෂුවර් නැහැ.(අ)
දවසක් හරි නොකා ඉඳලා තියෙනවා නම් අහිංසක මිනිසුන්ගේ දුක තේරෙයි (නදී)
ඔබතුමාට ගෙදර යන්න කාලේ හරි !!(හේ)
පව් අනේ දෙවෙනි ෆොටෝ එක දැක්කම දුක හිතෙනවා. (නදී)
ඇමෙරිකානු පුරවැසි භාවය තියෙන අය ඔතන ඉන්නවා නේද? (ස)
ජනාදිපති තුමනි! ඔබගේ සහ ඔබේ පවුලේ දවසේ වියදම ව්තරක් කීයද? මේවා දුප්පත් ජනතාවගේ මුදල් නේද ? (ස)
චානක, සුනෙත්, ඔබ හරියට හරි (නි)
යක්කු කෙසේ වෙතත් චණ්ඩ මාරුතයක් නම් ළඟ එන බව පේනවා ඒකටනම් ගේ දැනටමත් සෙලවෙන බව පෙනෙනවා. (හේ)
මහපොලත් දැන් ඩොලර් තත්ත්වෙට වැටිලා කියලා අපිට සරසවි සිසුවෙකුගෙන් ආරංචි වුනා.(හේ)
හොද මුදලක් දුන්නොත් කවුද යන්නේ නැතුව ඉන්නේ.(හේ)
ඔබතුමාගේ කතාව අගය කරනවා (නි)
විපක්ෂයෙන් ආණ්ඩුවට පැමිණි අය පැමිණි ආකාරයත් ඉතින් අපි දන්නවනේ! (නි)
සල්ලි දීලා මිනිස්සු ගත්තත් තනතුරු දීලා මිනිස්සු ගත්තත් දෙකම අන්තිමේදී එක වගෙයි කියලයි මම නම් හිතන්නේ (නි)
ජනාදිපති තුමා ඩාන්සින්ග් ස්ටාර් රියලිටි ෂෝ එකකට ගිහල්ලා වගේ මේකේ නම් (නදී)
අපි දන්නවා කාගේ සාක්කුවටද ඩොලර් යන්නේ කියල. (නදී)
මට හිතෙන්නේ මෙම ඡායාරූප ජනාධිපතිතුමා ලැජ්ජාවට පත් කරන්න එතුමාගේ ජනමාද්‍ය විශාරදයින් නිකුත් කරපු ඒවා විය හැකිය. (නදී)
ජනතාව මෝඩයෝ කරපු කාලය තව දවස් 40 න් අවසන්. (නදී)
ඉතුරු වෙන හොරු ටික හොඳට හම්බ කරලනේ. ඉතින් පනින්නේ මොකද ? (නදී)
අජිත් කරුණාරත්නට කාරණය තේරුනා. අන්තර්ජාලයේ අරවා මේවා බලන කොට ඒක මටත් තේරුනා. (නදී)
ඔබතුමාට ජයවේවා! (නි)
මෙතුමා නැත්නම් අද ඔය හැමෝගෙම පවුලේ කවුරුහරි මරල කොටි බෝම්බ තියලා. (නදී)
කවුරු මොනවා කිව්වත් එන අය එනවා.(හේ)
සල්ලි දෙනවා නම් කවුරු වුණත් යනවා.(හේ)
ඩොලර් අවශ්‍ය නැහැ. ඔවුන් මත් ද්‍රව්‍ය, එතනෝල් වලින් ගොඩක් හම්බකරලා තියෙනවා (නදී0
රට බේරාගත් ජනපති තුමනි මාතර ජනතාව සහ දකුණ ඔබ සමගය. මොකද කකියන සිංහල ලේ අපිටත් ඇති නිසා. (අ)
එතකොට මැතිතුමනි ඇමතිකම් වලට ගත්තු කට්ටිය ? (නදී)
ඩොලර් ටික රුපියල් කලවිට ඔය ටිකමනේ සිද්ධ වෙන්නේ ? (නදී)
ඒක නේන්නම් තනතුරු දීලා කට්ටිය ගන්නවා වගේ නෙවෙයි නේ නේද ? (නදී)
ලොක්ක ඔය නිකන් හොල්මනක් වගේනේ. මොකද හොල්මන් කතාකියන්නේ (අ)
එතකොට සමහර ඇත්තන් බාර් පර්මිට් වලටත් ගන්න පුළුවන් නේද ? (නදී)
අල ලුණු පරිප්පු කැම්පස් පෙන්නලත් කට්ටිය ගන්න පුළුවන් බව මගේ පුද්ගලික අදහස ! (නදී)
එතකොට ඔය විපක්ෂයෙන් පැනපු ටික ආවේ මීය කඩලා අත ලෙව කන්න හිතාගෙන වෙන්න ඇති. (නදී)
කාලෙකට පස්සේ බන්දුල පොඩ්ඩක් කල්පනාකරලා කමෙන්ට් එකක් දීල. ජනමාධ්‍ය කාරයින්ගේ වරද්දද නැත්නම් අලුත්ම සැබෑ තත්වයද? (අ)
යෙන් වලින් නය අරගෙන ඒවා රුපියල් කරලා, රුපියල් හොරාම්කරලා ඒවා පවුම්වලට හෝ ඩොලර්වලින් පිටරට ගිණුම් වල තැන්පත් කරපු අයනම් ඕනෑතරම් නේද සෑර්.. (අ)
ඩොලර් වලට පවුම් වලට නැතිවුනාට, යුවාන් වලට විකිනෙන අය ඉන්නවද මන්ද ? (අ)
මෛත්‍රීපාල සිරිසේන මතයට දැනටම බයවෙලා ඉන්නේ තව ගොඩක් කට්ටිය යන්න ඉන්නේ ඉදිරියේදී හොද හොද සෙල්ලම් බලන්න පුළුවන් ඔබතුමා ලග ඉන්න ඇමතිත් එන්න ඉන්නේ. (අ)
හොරුන්ගේ කලේ දැන් ඉවරයි දැන් එන්නේ මෛත්‍රී පාලනයක් !!! (අ)
හා ..හා... අපි බලමු ඡන්ද ප්‍රතිපල කියනකොට .. (අ)
රට කොටියට බාර නොදී, ගිවිසුම් නොගහ, සටනට හමුදාව මෙහෙයවීමට අණදුන් ඔබ සදා ජනාධිපති. ජය වේවා. (අ)
මාතර මිනිස්සු හොඳට කල ගුණ දන්නවා. ජනාදිපති තුමනි. ඔබයි අපේ ජාතියේ පියාණන්. ඔබට තෙරුවන් සරනයි (නදී)
ඔබ බලයට පෙරේතද (අ)
දැන්නම් ඇත්තටම බයවෙලා වගේ (නදී)
අදත් කෙනෙක් ගියා. (අ)
ඔහොමයන් ඔබතුමා කොන්ද කෙලින් තියෙන නායකයෙක් සුභ පතනවා නැවතවරක් ජනපති වෙන්න (අ)
එතකොට මෝටර් සයිකල් වලට කට්ටිය ගන්න එක ගැන තමයි මම කල්පනා කරන්නේ. (නදී)
දැන් දැන් ඇමෙරිකානු "ඩොලර්" වලට වගේම චීන "යුවාන්" වලට තැනක් තියෙනවා නේද ? ගනු දෙනු උනාට මතකයට එන්නේ නැහැ (නදී)
ඔව්ව කියන්න කොන්දේ බෙන්දපු චීන්නුන්ට. (අ)
තම දවස් 38ය් ගෙදර යන්න................(අ)
ඔබතුමාගේ කතාව අගය කරනවා (නි)
ජයවේව ජනපති තුමනි ,, අපි ඔබ සමග (අ)
අපෝ කෝ සෙනඟ කාටද මේ අත් වනන්නෙ.පව් කියලත් හිතෙනවා අප්පා. (අ)
චාන්, වෛරයෙන් දේශපාලන නායකයෝ දිහා කොළ පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා.රට නිදහස් කරදුන් නායකයායි රට පාලනය කරන්නේ. ඒ රටේ පුරවැසියන් ඔහු පාලන බලයේ රඳවා ගැනීමේ ඇති බහුතර කැමැත්ත මතයි. ඔහුගේ තනි මතයට රට පාලනය කරන්න එතුමාට බැහැ. කොයි රටේද අවුරුදු දෙකකින් රටක් සංවර්ධනය කළේ? ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙක් ජනතාවට මෙතුමා වගේ සේවයක් කර නැහැ.අපේ හදවත් තුළ ඔහු සැබෑම ජාතික වීරයෙක්.ලංකා ඉතිහාසයේ පොත්පත් අතර ජනාධිපතිතුමන්ගේ නම ලියැවී අවසන්. එය නැවත කිසිම කෙනෙකුට මකන්න බැහැ. ජයවේවා! (නි)
කාවද දැන් මෙහෙම ඩොලර් වලට අරගෙන තියෙන්නේ? (නි)
මෙම ඡන්ද සටනේ අවසානය කෙසේ වේවිද? (නි)
මෛත්‍රීට මහෝසද පඩිවරයකු නැති වුනාට මෙතුමාට කේවට්ටයෝ රැලක්ම ඉන්නවනේ. (හේ)
ජනධිපතිතුමනි එතකොට ඔබතුමා මෙපමණ කල් විපක්ෂයේ අයව ගත්තේ යුරෝ දීලාද .රටේ ජනතාවට මේ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වෙලා තිබුනා.ඒ අවශ්‍යතාවය ජනවාරි 8 වෙනිදට ඉටු වෙනවා .(හේ)
ඔබතුමාට ජයවේවා! (නි)
කතාව ඇත්ත. සිරිසේන මහතාට සහාය දෙන්න කෙනෙක් යනවා කියන්නේ දේශපාලනයේ අනාථවීමක් කියලයි බුද්ධිමත් දේශපාලකයින් හිතන්නේ. හේතුව කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ මහතා මේ මැතිවරණයේදීත් ඇති විශිෂ්ට ජයක් ලබන නිසයි. (නි)
අයියෝ මේ උත්සව වලට නාස්ති කරන සල්ලි! (නි)
මම නං ඔය කොයි සල්ලි ජාතියටත් ගන්න බැරි උනත් දෙන අය දන්නවා.(ස)
ඩොලර් නැති වුණාට රුපියල් වලට එන අය එනවා.(හේ
මේ රැස්වීමට මිනිස්සු ගෙන්නන්න මුළු මාතර දිස්ත්‍රික්කයේම ගම් වලට බස් නොමිලේ එව්වා. අඩුම තරමේ - බස් 500ක්, කෑම පැකට් 50000ක්, සමරු මග්ස් 50000ක්, මේ සල්ලි ඇමති තුමාගේ වැටුපෙන්ද වියදම් කලේ ? වැඩියෙන්ම සමුර්දි තියෙන අය, රාජ්‍ය සේවයේ ඉන්න අය, රස්සාවල්, අධාර දෙන්න ලිස්ට් වලට නම් දාපු අය ඒවා කපාහැරීමේ බයට තමයි මෙතනට ගියේ. ජනපති තුමනි අපි ඔබ තුමාට කැමතියි. එත් මේ ප්‍රෝඩා වැඩ වලට කැමති නෑ. පුලුවන්නම් දැන්වත් තේරුම් ගන්න. (නදී)
සෙත්මි, මේ යුගය ඉතිහාස ගත වෙන්නේ දූෂණය, අක්‍රමිකතා, අවනීතිය රජකරපු, එතනෝල්, කුඩු, අපරාධ, මිනි මැරුම් , හොරකම්, කොල්ල කෑම්, පාගා ගැහිලි ඉහවහ ගිය අවාසනා යුගයක් හැටියටයි. ඇස් දෙක හොඳට ඇරලා මධ්‍යස්තව බලන්න. කවුරුවත් යුද්ධය තනිවම දිනුවේ නැහැ. යුද්ධේ දිනා ගැනිල්ලෙන් පස්සේ කොරපු දෙයක් නැහැ. ඔබට මේ සංවර්ධනේ වගේ පෙනෙන්නේ රටට උහුලන්න බැරි තරම් නය ගහලා ඒකෙන් කොමිස් ගැහිල්ල වෙන්න ඇති (නදී)
ඒවා කියන්න බෑ.(හේ)