(අංජුල මහික වීරරත්න)
දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි අය අද අමාරුවේ වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බවද ඒ දේශපාලන පක්ෂ විශ්වාස කළ විදේශ රැකියාවල නිරත සමහරුන් රටට ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන සිටි බව අමරවීර මහතා කීය.
මේ වනවිට රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙන අතර ඩොලර් මිලියන 400ක් රටට ලැබීම, සංචාරක කර්මාන්තය, හා අපනයනය ආදායම ඉහළ යාම, ණය හා පොලී නොගෙවීම ඊට හේතුවී ඇති බව අමාත්‍යවරයා කීය.
රුපියල ශක්තිමත් වීම පටන් ගත් ගමන් පිටරටවල සේවයේ නියුතු සමහරු සඟවාගෙන සිටි ඩොලර් ආපසු එවන්න පටන් අරන් තියෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තාවකාලික ජොලියක් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ත් කියනවා. ඉදිරියෙදි 390 දක්වා වැඩි විය හැකිිබවයි ඔවුන් කියන්නේ . ඒ ක හැමෝටම තේරෙනවා . ණය ගෙවන්න පටන්ගෙන , ආනයන සීමා ලිහිල් වෙන කොට මොකද වෙන්නේ .
මේ මහින්ද අමරවීර මම කිසි ලෙසකින් කැමති මනුස්සයෙක් නෙමෙයි, හැබැයි අපි ඉන්න රටේ ජේවීපී එකෙන් ලොකු වැඩපිළිවෙලක් ගෙනිච්චා ලංකාවට සල්ලි යවන්න එපා කියල. ගොඩක් අයට කිව්වෙ ගෙදර වියදමට පොඩ්ඩක් යවන්න බැරිමනම් කියල, හැබැයි සමහරු තර්ක කළා ලංකාවෙ පොඩි දරුවන්ටත් බෙහෙත් නැහැ නේද කියල.
අපට ආරංචි හැටියට ජේවීපී එක තමයි ගොඩක් පිටරට වල වැඩකරන කට්ටියට කිව්වෙ ලංකාවට සල්ලි යවන්න එපා හිරකරන්න කියලා .ජේවීපී එකටත් අවශ්‍ය බලය විතරයි. රටේ මිනිස්සුන්ට මොනවා උනත් කමක් නැහැ.
මේ නිව්ස් එකට අනුව රට කට්ටිය සල්ලි එවලම නෑ .සල්ලි ඇවිල්ලා තියෙන්නේ ලෝන් වලිනුයි අපනයන සහ සංචාරක වලිනුයි විතරයි
අගරදගුරාණනි, සිරිල් ගාමිණී මැතිතුමනි ඔබ කොහිද? ඔබලා විශ්වාස කල සෙට් එකටම කෙලෙව්වා නේද. ඔබ දෙපලට දෙවියන්ගේම ආශීර්වාදය ලැබේවා!
රටක් හරියට දුවනවට ජේවීපී එක කැමති නැහැ, වැඩ වර්ජනයක් නැති කර්මාන්ත ශාලාවලට ප්‍රශ්න නැති විශ්ව විද්‍යාල පාසල් වලට කැමති නැහැ. ඒවගේම තමයි කොරෝන වලින් අඩපන වෙච්ච රටට ඩොලර් එවන්න එපා කියල කිව්වේ ජේවීපී එක
හෝව් හෝව් අර ජේවීපී එකේ මනෝ ලෝකෙ බිඳින්න එපා, මේ රටේ සමාජවාදී ආර්ථිකයක් හදන්න රට සම්පුර්ණයෙන්ම වට්ටලා ගන්න ඕන එයාලට. එයාල කැමති නැහැ රුපියල ශක්තිමත් වෙනවට.
උඩ අඩහස් ලියන බයි වහල්ලු තාමත් ජීවතුන් අතර ඉන්නවනෙ..රටට මෙචර වෙලත් මෙ කාලකන්නින් කියන කා විශ්වාස කරනවනෙ
රුපියල ඉහළ ගිහිල්ලා නම් ඉන්ධන මිල අඩුවෙන්නේ නැත්තේ මොකද?
උගන්ඩාවේ ඩොලර් හන්ගපු රාජපක්ෂලා දැන් වගේ වගක් නැතුව ඉන්නේ? දූෂිත දේශපාලුවන් පිටරට බැංකුවලත් හන්ගපුවා ඕනෑතරම්? ඔය දූෂිත දේශපාලුවන් නිසා අද අමාරුවේ වැටිලා තියෙන්නේ අපේ රටේ ජනතාවයි.
අමරවීර ඇමතිගෙන් අහන්න තියන්නේ, එදා ප්‍රචණ්ඩ දවසේ චමල් රාජපක්ෂගේ සහ මහීපාල හේරත්ගේ නිවසේ සඟවා තිබූ පොහොර තොගය හෙලි වුණා නේද? ඒ ගැන මෙයා වාර්තාවක් ඉල්ලුවා. ඒ හංගපු පොහොර සහ ඔයා ඉල්ලූ වාර්තාවට මොනවද වුනේ?
මේ දේශපාළු ගොබ්බයා දන්නේ නැතිව ඇති තව මාස තුනකින් හතරකින් නැවතත් ඩොලර් එක රුපියල් 390,400 වෙන බව.