IMG-LOGO

ඩොලර් හැංගු අය අමාරුවේ

(අංජුල මහික වීරරත්න)

දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි අය අද අමාරුවේ වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බවද ඒ දේශපාලන පක්ෂ විශ්වාස කළ විදේශ රැකියාවල නිරත සමහරුන් රටට ‌ ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන සිටි බව අමරවීර මහතා කීය.

මේ වනවිට රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙන අතර ඩොලර් මිලියන 400ක් රටට ලැබීම, සංචාරක කර්මාන්තය, හා අපනයනය ආදායම ඉහළ යාම, ණය හා පොලී  නොගෙවීම ඊට හේතුවී ඇති බව අමාත්‍යවරයා කීය.

රුපියල ශක්තිමත් වීම පටන් ගත් ගමන් පිටරටවල සේවයේ නියුතු සමහරු සඟවාගෙන සිටි ඩොලර් ආපසු එවන්න පටන් අරන් තියෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (23)

ඩොලර් හැංගු අය අමාරුවේ

චන්දන Thursday, 09 March 2023 10:19 AM

මේක තාවකාලික ජොලියක් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ත් කියනවා. ඉදිරියෙදි 390 දක්වා වැඩි විය හැකිිබවයි ඔවුන් කියන්නේ . ඒ ක හැමෝටම තේරෙනවා . ණය ගෙවන්න පටන්ගෙන , ආනයන සීමා ලිහිල් වෙන කොට මොකද වෙන්නේ .

:       158       47

DilshanThursday, 09 March 2023 10:36 AM

මරු කතරට දිය පොදක් ඉසින්නට...... සිත නිවන කතා... සිත නිවන කතා...

:       22       62

SenakaThursday, 09 March 2023 10:38 AM

පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. ඔය පටන් ගත්තා විතරයි. IMF ණය තාම ලැබුනේ නැහැ. ඒකත් ලැබුනම එවන්නකෝ. එතකොට 250ට බැස්සම ඔය අමාරු ටික සෑහෙන්න හොඳ වෙයි.

:       28       79

Anton austria Thursday, 09 March 2023 03:12 PM

Imf එකෙන් දෙන සල්ලිත් ගෙවන්න වෙනවා. ඔබ ඒක දන්නවාද? අපේ දරුවන්ට තමා ගෙවන්න වෙන්නේ... ඒකවත් තේරෙන්නේ නැත්නම් මොනවා කරන්නද?

:       0       0

TiranThursday, 09 March 2023 10:43 AM

ආනයන පටන් ගන්නේ ස්ථාවර තත්ත්වයකට ආවාමනේ. එතකනුත් හදවතක් තියෙන මිනිස්සු සල්ලි එවනවනේ. අපනයන වෙනවනේ. කොහොමත් 250ට උඩින් තියාගෙන රටට දරන්න අමාරුයි. ඕක අඩු කරන්නම වෙනවා. නැත්තන් හැමදාම මිනිස්සුන්ට දරාගන්න බෑනේ. ඒක මහබැංකුවටත් තේරෙනවනේ.

:       5       57

සමන් Thursday, 09 March 2023 10:51 AM

දැන් ඔයාට වෙන්න ඕනැ මොකක්ද? සදාකාලික ජෝලියක්ද? ඒ කියන්නෙ ඔයාගෙ ලොක්ක කියන විදිහට අවුරුදු හැත්තෑ හතරක් මේ රටේ කවුරුත් මොනවත් කරලා නැහැ, ඩොලර් එක ඉහල ගිහිල්ල රුපියල පහල ගිහිල්ල, දැන් හරිද?

:       11       45

චන්දන Thursday, 09 March 2023 11:36 AM

රුපියල ශක්තිමත් වීම කාටත් හොඳයි . එත් මම කියපු දේවල් වල සත්‍යතාව තව මාස 6කින් බලන්න . පුළුවන් නම් මම කියපු දේ ලියල තියාගන්න . තාවකාලික වින්දනයක් ලැබීම නම් සෞඛ්‍යාරක්ෂිත යි.

:       46       16

සේදිරිස්Thursday, 09 March 2023 01:27 PM

චන්දන, මේ ලෝකෙ ස්වභාවයක් තියෙනවා අමනකම් කරන අයට කවදා හරි දඬුවම් හම්බවෙන... ඒක ඇත්ත නම් ඔය ඩොලර් හංගගෙන ඉන්න අයටයි, ලංකාවට කුඩු ගෙන්නන්න උන්ඩියල් එවන අයටයි... ඒවාට විපාක කවදා හරි හම්බෙනවාමයි. අන්න ඒකත් කොහේ හරි ලියලා තියාගන්න. ණය හම්බෙන්න ගත්තාම ඩොලර් එක 250ට විතර අඩුවෙලා.. ඊට පස්සේ ණය ගෙවන්න ගත්තාම 275 ට වැඩිවෙනවා. ඕක කිව්වේ මොලේ තියෙන කෙනෙක්ට දැන්වත් හැදෙන්න...

:       0       0

PathiranaThursday, 09 March 2023 12:25 PM

මමනම් මෙ එකක්වත් ගනන් ගන්නෙ නැහැ - අත්‍යවශ්ය දේවලට සල්ලි බැංකුවෙන් යවනවා ඉතිරිය මෙහෙ තියාගන්නවා යන දවසට එදා තියෙන රට් එකට මාරු කරනවා

:       0       0

Rata PerataThursday, 09 March 2023 12:42 PM

ඔය වදගත් අදහස් මෙතන දාල වැඩක් නෑ. මෙතන ඉන්න බයියො දන්නෙ ඩොලරයට කියක් ගෙවනවද කියන එක විතරයි. එකෙන් පිටිපස්සෙ තියෙන ක්‍රමවෙද තෙරුම් ගන්න පුලුවන් උන් හිටියනම් මහරජාල හදල, උන්ගෙ සනුහරෙටම වදිනවද? තව සමහරු කියනව IMF ණය අවම තව ඩොලරය බහිනවලු. මුන් හරියට උරු කොටුවක ඉන්න උරො වගෙ. කන්න ටිකක් ලබෙනවනම් එච්චරයි.

:       0       0

යාපාThursday, 09 March 2023 03:17 PM

වහල් ජෙප්පෙක්ට දුක හිතිලා...

:       0       18

විසල් Thursday, 09 March 2023 10:33 AM

මේ මහින්ද අමරවීර මම කිසි ලෙසකින් කැමති මනුස්සයෙක් නෙමෙයි, හැබැයි අපි ඉන්න රටේ ජේවීපී එකෙන් ලොකු වැඩපිළිවෙලක් ගෙනිච්චා ලංකාවට සල්ලි යවන්න එපා කියල. ගොඩක් අයට කිව්වෙ ගෙදර වියදමට පොඩ්ඩක් යවන්න බැරිමනම් කියල, හැබැයි සමහරු තර්ක කළා ලංකාවෙ පොඩි දරුවන්ටත් බෙහෙත් නැහැ නේද කියල.

:       15       100

නිමල් Thursday, 09 March 2023 10:36 AM

අපට ආරංචි හැටියට ජේවීපී එක තමයි ගොඩක් පිටරට වල වැඩකරන කට්ටියට කිව්වෙ ලංකාවට සල්ලි යවන්න එපා හිරකරන්න කියලා .ජේවීපී එකටත් අවශ්‍ය බලය විතරයි. රටේ මිනිස්සුන්ට මොනවා උනත් කමක් නැහැ.

:       33       100

KALUM Thursday, 09 March 2023 10:39 AM

මේ නිව්ස් එකට අනුව රට කට්ටිය සල්ලි එවලම නෑ .සල්ලි ඇවිල්ලා තියෙන්නේ ලෝන් වලිනුයි අපනයන සහ සංචාරක වලිනුයි විතරයි

:       5       14

LilanandaThursday, 09 March 2023 01:20 PM

නෑ නෑ පුතා. ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය හරියට කියවන්න. උණුවෙන හදවත් තියෙන, මනුස්සකම තියෙන මිනිස්සු තමන්ගේ රටේ දුප්පත් මිනිස්සු ටික කන්න නැතුව, බේත් ටික නැතුව මැරෙන හැටි බලන් ඉන්න බැරුව, කවුරු දේශපාලනේ කරත් අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කියලා සල්ලි ලංකාවට එව්වා. ඒ මිනිස්සු දිහා දෙයියෝ බැලුවා වගේ ලොකු වටිනකමක් ඒ සල්ලිවලට ලැබුණා. තව සෙට්එකක් ජෙප්පන් කියපු එක අහලා ඒක තව වැඩිවෙයි කියලා මිනිස්සු එකා පිට එකා මැරුණත් සල්ලි එවන්නේ නෑ කියන අමන මතයේ හිටියා... දැන් එයාලාට නිකන්ම සාපේ වැදිලා. ඕකතමයි කියන්නේ වැඩි තණ්හාවට ගියාම තියෙන ටිකත් නැති වෙනවා කියලා...

:       0       0

පල්ලියගුරු Thursday, 09 March 2023 10:40 AM

අගරදගුරාණනි, සිරිල් ගාමිණී මැතිතුමනි ඔබ කොහිද? ඔබලා විශ්වාස කල සෙට් එකටම කෙලෙව්වා නේද. ඔබ දෙපලට දෙවියන්ගේම ආශීර්වාදය ලැබේවා!

:       9       81

ලසන්ත Thursday, 09 March 2023 10:42 AM

රටක් හරියට දුවනවට ජේවීපී එක කැමති නැහැ, වැඩ වර්ජනයක් නැති කර්මාන්ත ශාලාවලට ප්‍රශ්න නැති විශ්ව විද්‍යාල පාසල් වලට කැමති නැහැ. ඒවගේම තමයි කොරෝන වලින් අඩපන වෙච්ච රටට ඩොලර් එවන්න එපා කියල කිව්වේ ජේවීපී එක

:       9       75

දහම් Thursday, 09 March 2023 10:53 AM

හෝව් හෝව් අර ජේවීපී එකේ මනෝ ලෝකෙ බිඳින්න එපා, මේ රටේ සමාජවාදී ආර්ථිකයක් හදන්න රට සම්පුර්ණයෙන්ම වට්ටලා ගන්න ඕන එයාලට. එයාල කැමති නැහැ රුපියල ශක්තිමත් වෙනවට.

:       10       61

fairoos Thursday, 09 March 2023 12:37 PM

උඩ අඩහස් ලියන බයි වහල්ලු තාමත් ජීවතුන් අතර ඉන්නවනෙ..රටට මෙචර වෙලත් මෙ කාලකන්නින් කියන කා විශ්වාස කරනවනෙ

:       0       0

sanjeewa Thursday, 09 March 2023 01:55 PM

රුපියල ඉහළ ගිහිල්ලා නම් ඉන්ධන මිල අඩුවෙන්නේ නැත්තේ මොකද?

:       0       0

විපරමා Thursday, 09 March 2023 02:21 PM

උගන්ඩාවේ ඩොලර් හන්ගපු රාජපක්ෂලා දැන් වගේ වගක් නැතුව ඉන්නේ? දූෂිත දේශපාලුවන් පිටරට බැංකුවලත් හන්ගපුවා ඕනෑතරම්? ඔය දූෂිත දේශපාලුවන් නිසා අද අමාරුවේ වැටිලා තියෙන්නේ අපේ රටේ ජනතාවයි.

:       0       0

Hafeel Thursday, 09 March 2023 02:27 PM

අමරවීර ඇමතිගෙන් අහන්න තියන්නේ, එදා ප්‍රචණ්ඩ දවසේ චමල් රාජපක්ෂගේ සහ මහීපාල හේරත්ගේ නිවසේ සඟවා තිබූ පොහොර තොගය හෙලි වුණා නේද? ඒ ගැන මෙයා වාර්තාවක් ඉල්ලුවා. ඒ හංගපු පොහොර සහ ඔයා ඉල්ලූ වාර්තාවට මොනවද වුනේ?

:       0       0

Jagath Thursday, 09 March 2023 02:34 PM

මේ දේශපාළු ගොබ්බයා දන්නේ නැතිව ඇති තව මාස තුනකින් හතරකින් නැවතත් ඩොලර් එක රුපියල් 390,400 වෙන බව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1347 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site