IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩිලාන්ගෙන් ප්‍රකාශයක් ගන්නැයි ජෝන් ඉල්ලයි

බ්ලූමැන්ඩල්හි දී රවි කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි වැදුණේ පාතාල සාමාජිකයන් දෙපිරිසකගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට හිටපු ඇමැති ඩිලාන් පෙරේරා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නැයි රහස් පොලිසියට උපදෙස් දුන් බව පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි.

 



අදහස් (0)

ඩිලාන්ගෙන් ප්‍රකාශයක් ගන්නැයි ජෝන් ඉල්ලයි

අනිල් රෝහණ Sunday, 02 August 2015 03:47 PM

එතකොට අර 10 ,12, දිනවල කොහෙද බෝම්බ පිපිරෙනවා කියල කියපු ඇමතිතුමාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නේ නැද්ද ? ප්‍රකාශ නෙවෙයි ඔහුව අත්අඩංගුවට ගන්න ඕන බොරු ප්‍රචාර ගේනවට(නදී)

:       0       0

සජිත් Sunday, 02 August 2015 03:51 PM

ආමි සම්පත් අණ පරිදි නිදහස්වීම ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද? (නදී)

:       0       0

ටිකිරි Sunday, 02 August 2015 03:56 PM

ඔන්න යහපාලනයේ වෙනස!! (නි)

:       0       0

රාජා Monday, 03 August 2015 05:39 AM

එතකොට ඒ කතාවම කියපු සුජීව ගෙන් අහන්නෙ නැද්ද? (ම)

:       0       0

කමල් Sunday, 02 August 2015 04:06 PM

දහම්, නිකන් මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

කුමාර Sunday, 02 August 2015 04:06 PM

පුදුමයි කිසිම වීඩියෝ එකක් නැතිවීම. මේ වගේ තැන්වල කැමරා මෙන්ම ජංගම දුරකතන ඇතිතරම් තියෙනවා. ඇයි කිසිම කෙනෙක් සිද්ධියට පෙර හෝ පසු වීඩියෝ නොකළේ...? (නි)

:       0       0

සිංහ Sunday, 02 August 2015 04:41 PM

අනේ ඇමතිතුමනි, මිනිස්සු ඇත්ත දන්නවා. යහපාලන කිරි කළයට පාතාල ගොම බිංදුව වැටිලා ඉවරයි. (නි)

:       0       0

තාරක Sunday, 02 August 2015 06:53 PM

අපි බලමු මොක්කද වෙන්නේ කියලා (නි)

:       0       0

අප්පුහාමි Sunday, 02 August 2015 07:38 PM

මමත් ඕක කලින්ම නොකියා කිව්වා. (නි)

:       0       0

අප්පුහාමි Sunday, 02 August 2015 07:38 PM

ඩිලාන් කොහොමද පාතාල කට්ටිය ගැන දන්නේ? (නි)

:       0       0

ඉමාෂි Sunday, 02 August 2015 08:34 PM

ඩිලාන් කොහොමද දන්නෙ නැහැ ඒක හරියටම කිවුවේ? (නි)

:       0       0

කසුනි Sunday, 02 August 2015 09:00 PM

පාතාල සාමාජිකයන් ඡන්ද වැඩට ගන්න අය කවුද කියන එක මේ සිද්ධියෙන් රටටම පැහැදිලි වුණා. (නි)

:       0       0

නාමල් Sunday, 02 August 2015 09:03 PM

ඇත්ත... මටත් ඒ කතාව ගැන සැක හිතුනා (නි)

:       0       0

රන්ජන් Sunday, 02 August 2015 09:08 PM

ඩිලාන් කිව්වටත් වැඩිය විස්තර තව කෙනෙකුත් කියලා තිබුණා නේද මේ "පාතාල ගැටුම" ගැන. (නි)

:       0       0

ඇන්ඩෲ Sunday, 02 August 2015 10:33 PM

ඊළඟට මොනවා වෙයිද? (නි)

:       0       0

ශිරන්ති Sunday, 02 August 2015 10:48 PM

මේ රැස්වීම් බලන්න යන අයට අබ සරණයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)

:       0       0

දිනේෂ් Monday, 03 August 2015 12:22 AM

මොකද ඩිලාන්ගෙන් විතරක්? (නි)

:       0       0

නන්ද Monday, 03 August 2015 12:37 AM

සාමාන්‍ය මනුස්සයෙක් කිවුවා නම් ගැටුම ඇතිවුණ ගමන් මේක පාතාල කල්ලි අතර ගැටුමක් කියලා, ඒ මනුස්සයා හිරෙත් දමලා. (නි)

:       0       0

මොහොට්ටි Monday, 03 August 2015 12:57 AM

අවස්ථානුකූල තීරණයක්! (නි)

:       0       0

උපාලි Monday, 03 August 2015 02:01 AM

තව කෙනෙකුත් කිවුවලු නේද ඕක පාතාල ගැටුමක් කියලා. එහෙනම් ඒ කෙනාවත් පොලිසි ගෙන්වනවද. (නි)

:       0       0

දුමින්ද Monday, 03 August 2015 02:02 AM

ප්‍රකාශ ගන්නේ එයාගෙන් විතරද? (නි)

:       0       0

සෙන්සාන් Monday, 03 August 2015 02:25 AM

පාතාලයත් එක්ක සම්බන්ධකම් තිබෙන සියලුම අය මෙවර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වියයුතුය.යහ පාලනයට ගොම එකතු කරන්න එපා.හොඳ අයට තැන දීලා ඉවත්වෙන්න. (නි)

:       0       0

තිලකසිරි Monday, 03 August 2015 02:50 AM

අපි බලමුකෝ ඉදිරියට වෙන දේවල් (නි)

:       0       0

ප්‍රියාන් Monday, 03 August 2015 03:17 AM

ඇයි දිලාංගෙන් විතරක්. සුජීව සේනසිංහත් කියල තිබුනේ එ්කට මහින්ද සම්බන්ද නැහැ පාතාල වැඩක් කියලා. එයාගෙනුත් ප්‍රකාශ ගන්න එපැයි එහෙනම්. ඕක තමයි එයාලගේ යහපාලනය. (නදී)

:       0       0

සඳා Monday, 03 August 2015 03:17 AM

ඇයි බය උනාද ඇත්ත එලිවෙයි කියල (නදී)

:       0       0

සැමී Monday, 03 August 2015 03:24 AM

ගන්න ගන්න අාසාවනේ. මේ වගේ අය තමයි අද රටේ වැදගත් කොටස් පාලනය කරන්නේ (නදී)

:       0       0

පොඩින් Monday, 03 August 2015 04:05 AM

එතකොට සුජීව සේනාසිංහගෙන් ප්‍රකාශයක් ඕනේ නැද්ද? (නදී)

:       0       0

ඉන්දික Monday, 03 August 2015 04:33 AM

එතකොට සුජීව සේනසිංහ සහ ශ්‍රීනාත් ගෙනුත් ප්‍රකාශ ගන්නවද? (නදී)

:       0       0

සේන Monday, 03 August 2015 04:52 AM

හිටපු ඇමතිතුමා ඒ ගැන මොකුත් දන්නවා ඇති ඉතින් පොලිසිය එතුමාගෙන් කරුණු අහලා දැනගෙන පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන ගියාම මොකද වෙන්නේ (ම)

:       0       0

දහම් Sunday, 02 August 2015 03:35 PM

මහින්දගේ කාර්යාලේ ඉඳල නොහඳුනන කෙනෙක්ව අල්ලගෙනලු නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site