කවීෂා කාවින්දි තම මාපියන් වන ජනපි‍්‍රය හා සම්මානනීය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන සහ සමන් පුෂ්පවර්ණ සමග ඇමෙරිකාවට යන විට වයස අවුරුදු 6 ක් විතර ඇති. ඊට වසර 12 කට පසුව කවීෂා දැන් ලංකාවට ඇවිත්. ඒ නව යොවුන් සුන්දර කවීෂා එලෙස මුලින්ම ලංකාවට පැමිණියේ
පසුගිය ජනවාරියේදීය. ඉන්පසුව නැවත ඇමෙරිකාවට ගිය ඇය මේ ජූනියේදී යළි ලංකාවට ආවා. ඇයි කවීෂා නැවතත් ලංකාවට ආවේ? සුන්දර ඇය සමග අපි සඳැල්ල කතාබහට එක්වෙමු.
කවීෂා වයස කීයද?
අවුරුදු 19 ලබන්නෙ.
මොනවද කරන්නේ?
තවම සරසවි අධ්‍යාපනය ලබනවා. එක් අවුරුද්දක් ඉවරයි. තව අවුරුදු 3 ක් ඉවර කරන්න තියෙනවා.

මොන අංශයෙන්ද උපාධිය හදාරන්නෙ?
ව්‍යාපාර කළමනාකරණය සහ ගණකාධිකරණ අංශයෙන්.
ඉන්පසුව?
උපාධිය හමාර කරලා මගේම මව් රටට පදිංචියට එන්නයි කල්පනාව. මගේම ව්‍යාපාරයක් ඇරඹීම අරමුණයි.
පසුගිය ජනවාරියේදී ඔබ ලංකාවට පැමිණියේ වසර කීයකට පසුවද?
වසර 12 කට පසුව. ලාල් වීරසිංහ අංකල් අධ්‍යක්ෂණය කළ ”සිංගා මචන් චාලි” විකට තේමාවක් රැගත් චිත‍්‍රපටයේ රඟපෑමට.
දැන් ආයෙත් මේ ජූනියෙ ලංකාවට ආවේ?
ජනවාරියේදී ඇවිත් ෆිල්ම් එකේ රඟපාලා යන්න ගියා. ඒ මුළු මාසයේදීම මට ලංකාවේ කිසිම තැනක ඇවිදින්න යන්න බැරි වුණා. දැන් නැවතත් ආවේ මම ආදරය කරන මගේ රටේ ඇවිදලා යන්න.
කොහේටද වැඩිපුරම ආස කරන්නේ?
නුවරට හරිම ආසයි. කොළඹ වගේ ලොකු සද්ද නැහැ. ඒ නිසා නිදහසේ කාලය ගතකරන්න පුළුවනි.
ඇත්තටම ඇයි කවීෂාට රඟපාන්න හිතුණේ? අම්මගේ අඩුව පුරවන්නද?
කුඩා කාලයේ ඉඳලාම රඟපෑමට කැමැත්තක් තිබුණා. නමුත් අම්මා මට අවස්ථාවක් දුන්නෙ නැහැ. උසස් අධ්‍යාපනය හමාර කරලා අනෙක් දේ කරන්න කීවා. අම්මා කැමැති මම ඉගෙනීමෙන් ඉදිරියට යනවාටයි.
ඉගෙනීමෙන් වාර්තා තියලත් ඇති නේද?
පාසල් අධ්‍යාපනය හොඳටම හමාර කළා. සරසවි අධ්‍යාපනය ආරම්භ කළාම ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකට හේතු වුණේ පළමු වසරේදී අදාළ විෂයයන් පහට ‘A’’ (ඒ) සාමාර්ථ 5 ක් ලබාගත්ත නිසයි.
අම්මයි තාත්තයි ඔබ ගැන ගොඩාක් සතුටු වෙනවා ඇති නේද?
එයාලට මට දෙන්න පුළුවන් ඉහළම සතුට මම හොඳින් අධ්‍යාපනය ලැබීමයි. ඒ නිසා එයාලා සතුටු කරවනවා තරම් දෙයක් මට තවත් නැහැ.
අම්මා එහේ මොනවද කරන්නෙ?
රූපලාවන්‍ය ආයතනයක උපදේශිකාවක ලෙස කටයුතු කරනවා. තාත්තා භෝජනාගාර සේවයක කළමණාකාර තනතුරක් දරනවා. මගේ මල්ලී උපන්නේ එහිදී. එයාට දැන් අවුරුදු 10 යි.
ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?
හැමෝම වැඩ. කාලය ගෙවනවා දැනෙන්නෙ නැති තරමටම වැඩ. අපි හැමෝම එහෙමයි.
නිවාඩුවක් ලැබුණාම?
අපි එකතුවෙලා ගීත ගයලා, නටලා විනෝද වෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් ජිම් එකට යනවා.
දැන් ඔබට රඟපෑමට දිගටම ආරාධනා ලැබෙනවද?
ටෙලිනාට්‍ය දෙකක විතර හොඳ චරිත ලැබුණා. නමුත් වසර ගණන් මට කාලය වැය කරන්න බැහැ. තවම අධ්‍යාපනය හමාර කරලා නැති නිසා. දැන් මේ සැරේ ඇවිත් සිටින්නෙත් ගිම්හාන නිවාඩුවටයි. සිංගා මචන් චාලි චිත‍්‍රපටයට අමතරව තවත් චිත‍්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒත් තවම ඒ ගැන හිතුවේ නැහැ. ලබන දෙසැම්බර්වල නැවත ලංකාවට එනවා.
අම්මා රඟපෑ චිත‍්‍රපට අතරින් ඔබ වඩා කැමැති චිත‍්‍රපට මොනවද?
සීතල ගිණිකඳු, සුජාතා, බිතුසිතුවම් චිත‍්‍රපට චරිතවලට ආසයි. රන්දෝලි සහ සෙනුරි ටෙලි චරිතවලටත් කැමැතියි.
අම්මා ලංකාවට නැවත ඒමට අදහසක් නැද්ද?
හොඳ චිත‍්‍රපටයක රඟපෑමේ ලොකු ආසාවක් අම්මට තියෙනවා. හොඳම චරිතයක් ලැබුණොත් බාර ගනීවි.
කවීෂා ඔබ කොහොම කෙනෙක්ද?
සංවේදී, වඩා මිත‍්‍රශීලී කෙනෙක්. මගේ මිතුරු මිතුරියන් එක්ක නිතරම ඉන්න ආසයි. හුදෙකලාවට කැමැති නැහැ. ගීත ගායනයටත් ආසයි. මොනවා කළත් අධ්‍යාපනයට තමයි මුල් තැන.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා.(හේ)
මෙයා තවම පොඩි ළමයෙක්, තව ටික දවසකින් ජිම් එකකට යවලා ගානට ශේප් කරලා ගනීවි. (නදී)
අපේ අයට ඉතින් ඇහැට කණට පෙනෙන කෙල්ලෙක් දැක්කොත් ඊර්ෂ්‍යාවේ බැහැනේ (නි)
අධ්‍යාපනය සහ ලංකාව ගැන පවසා ඇති දේවල් මට නම් හිතට ඇල්ලුවා (නි)
මේ ඇඟ තියාගන ඉතින් ස්ටේට්ස් වල රඟපාන්නද ලංකාවේ තමයි කර ගන්න දෙයක්. (ස)
අවුරුදු 12 කට පසු ලංකාවට ආවේ ලංකාවට ගොඩක් ආදරේ නිසාද? පුදුම ආදරයක්. මම මෙයට වඩා මොනවත් කියන්නේ නෑ. කියුව කියල හිතාගන්න. (නදී)
මෙතන දැන් ලිඳ ලඟ සංගමය වෙලා තියෙන්නේ. කරුනාකර ප්‍රවෘතියට කොමෙන්ට්ස් කරන්න. මිනිසුන්ට නිකරුනේ අපහාස කර, පහත් ලෙස සැලකීමෙන් වැළකෙන්න. සමහරුන්ගේ බුද්ධි මට්ටම නම් අන්තිමයි (නදී)
පිළිවෙලට අදහස් දමා තිබෙන 123 මම පක්ෂයි. (ස)
සුමනා ගෝමසුත් නැති එකේ මෙයාට හොඳ ඉල්ලුමක් තියේවි අපේ සිනමාවේ. මගේ සුබ පැතුම්! (බ)
හපොයි කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න නැ. (ර)
මෙයා නිළියකට ගන්න බැහැ (ම)
ලංකාවේ දෙමව්පියෝ දේශපාලනේ කරනවානම් ළමයි දේශපාලනයට යනවා, දෙමව්පියෝ නළු නිලියෝ නම් ළමයි රංග පාන්න යනවා. (ර)
හැමෝම ඔහොම තාමා කියාගෙන එන්නේ. (ර)
සුමෝ ක්‍රීඩාව සදහා උත්සහ කරලා බලන්න (බ)
ධම්ම කිව්වා දේ හරි. එකට නම් ගැලපෙනවා (අ)
මෙය හොද රගපාන්න නෙමෙයි, (හේ)
ජයන්ත,ඒ ළමය පොඩි වුණාට කරන්න හදන දේටනේ කට්ටිය අදහස් දාලා තියෙන්නේ.ඔයාට දුවේ අම්මාට නොදෙවෙනි දුර ගමනක් ඒ අංශයෙන්ම යන්න ලැබේවා කියලා පතනවා. මුලින්ම පොඩි පොඩි චිත්‍රපටි වල ලොකු චරිත කරන්න. පස්සේ හොඳට ඒ අංශෙන් පළපුරුද්ද ලැබුනාට පස්සේ පුළුවන් ලොකු ලොකු චිත්‍රපටි වල ලොකුම චරිත කරන්න. (නි)
ඇමරිකාවේ හිටියට ෆිගර් එක හදාගෙන නැහැ. රගපාන්න ඉස්සෙල්ලා ෆිගර් එක හදාගන්න වෙයි (නදී)
අම්මයි සුමනා ගෝමසුයි දෙන්න ඇමරිකාවේ පදිංචියට ගියාට පස්සේ දුවේ ඔය චිත්‍රපටි අංශය බලන් ඉද්දි කඩන් වැටුනා. මම එහෙම පිටින්ම ෆිල්ම් බලන එක නැවැත්තුවා. හැබැයි මේ පුවත දැක්කම නිදා සිටි ඒ සිතිවිලි වලට නැවත ජීවයක් ලැබුනා. ඔබට ඉක්මනින්ම මවගේ අත්දැකීම් සහ සුමනා ඇන්ටිගේ ආශිර්වාදය සමගින් මේ අංශයට පැමිණීමට අවස්තාව ලැබෙන තෙක් මා බලා සිටිමි. ඔවුන්ට නොදෙවෙනි අති සාර්ථක නිලි රැජිනක් වෙන ලකුණු ඔබ දෙස බලන විට පෙනේ. පුළුවන් නම් ඔබ එන ගමන්ම මවව සහ සුමනා අැන්ටිවත් එක්කගෙන එන ලෙස ඉල්ලමි. ඔබට සදා ජය සහ අපට දෝරේ ගලා යන සතුට ලැබේවා. (නදී)
ඔබලාට සුබ පැතුම් (ම)
අවුරුදු 19 ක් ලබනවා කියන්නේ පොඩි ද ජයන්ත. ජයන්තට පොඩියට පෙනුනට අපිට නම් කොහෙවත් පොඩියට පෙනෙන්නේ නැහැ (නදී)
ආරි,බොහොම දුකයි ඔයගොල්ලෝ වගේ කට්ටිය ගැන. ඔයෝගොල්ලොන්ගේ ඔය වගේ කුහක සිතුවිලි නිසා තමයි ගොඩක් ලංකාවේ කට්ටිය ගිය රටවල් වලම නවතින්නේ ආයේ ලංකාවට නෑවිත්. (නදී)
දීප්තිමත් අනාගතයක් නම් උරුම බව පෙනෙනවා (නි)
මේ වගේ පොඩි ළමයකුට මේ වගේ කොමෙන්ට් දාන්නේ අැයි (බ)
අම්මගේ වගේම හොද රගපෑමක් බලන්න පුළුවන් වේවි.හොද අඩව්වක් අල්ලන විදියට ඉන්නේ. (අ)
ලංකාවේ දේශපාලනයයි, නළුකමයි දෙකම ආරෙට යනවා. ඩිලානි විශිෂ්ට නිළියක්. (නි)
ඇමරිකාවෙත් හොදට නටල තියෙන බව නම් පේනවා (ම)