අපි ‘නොදර්න් එක්ස්ප්‍රස් වේ‘ කියා හදන්න හැදූ පාරටම රනිල් වික්‍රමසිංහ මහතා ‘සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ‘ යනුවෙන් නම් යොදා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අද (4) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීවේය.
වහ බෝතල් කිහිපයක් ගෙනැවිත් ඒවා මහ බැංකු වංචාව වහන්න හැදූ රනිල් වික්‍රමසිංහ මහතාට, රවී කරුණානායක මහතාට, ලොකුම වංචාව කළ මහ බැංකු අධිපතිට, ලොතරැයි ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් මංගල සමරවීර මහතාට, වැලි පර්මිට් ලබාදුන් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දුට බීමට සුදුසු බවත් ජනතාවගේ සල්ලි හොරකම් කරන අයට වහ බොන්න යැයි කියූ මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවී මේවා ලබාදී එම පුද්ගලයන්ට බීමට ලබාදීමට කටයුතු කරන බවත් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජීව
වීඩියෝ - සනත් ඩෙස්මන්
විඩියෝ - ඉෂාන් සංජිව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිලාන් කියන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
දේශපාලකයන්ගේ කතා ඇහුවාම අපිට හිතෙන්නේ ඒ ගොල්ලන්ට පිස්සු තද වේ ගෙන එනවද කොහෙද කියා.(නදී)
කාටද බලමුකෝ වහ බොන්න වෙන්නේ? (නි)
දැන්නම් පිස්සු හැදිලා වගෙයි ඉන්නේ (නි)
දිලාන් මහ්තයෝ තමුන්නාන්සේ ඇමති කාලේ කල එක හොඳ වැඩක් කියන්ඩ. ඇයි ඔබ තුමා ජාතික ලැයිස්තුවට පැන්නේ ? කල වැඩක් බදුල්ලට නැති නිසා නේද? රතු පස්වල ජනතාවට වෙඩි තියල මැරුවට මොවුන්ට දඬුවම් දිය යුතුයි. 18 දට බලමු (නදී)
කවුද දන්නේ ඇත්තටම වහමද කියලා? (නි)
මඩේ ඉන්න උදවිය වැඩිය දඟලන්නේ නැතුව හිටියොත් කවුරුහරි ගොඩදාවී. (නදී)
බලමුකෝ කාටද වහ බොන්න වෙන්නේ කියලා (නි)
මේ වස ගෙනාපු නඩයට වස පොවලා මදි. මේ අයගේ කටේ ලෝදිය දන්නා ඕන කියන බොරු බේගල් වලට. මේවගේ බාලාංශයේ වැඩකරන සන්ධානේ අය ඉන්නවා කියල අපි දැන් තමයි හරියට දැනගත්තේ. මේ මාධ්‍ය සාකච්ඡාව පටන්ගත්තේ මඩ බාල්දියක් නාගෙන. අද මෙහෙම දේවල් ගේනාවා නම් හෙට මොනවා ගෙනෙයිද දන්නේ නෑ . මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ රටේ තත්වය සහ අලුත් ප්‍රතිපත්ති තීරණ දැනුම් දෙන්න. එහෙම නැතුව මේ සෙල්ලම් ගෙවල් දාන්න නෙමෙයි. අඩුතරමේ මොලේ පොඩ්ඩක්වත් තිබුනා නම් මේ වගේ සෙල්ලම් ගෙදර වැඩ කරන්නේ නෑ. මේ අයට වස බොන්න වෙන්නේ එන 18 වෙනිදට තමයි. ඊට කලින් වස බැරල් 10 ක් වත් ගෙනැල්ල තියන්න වේවි. මොකද ඉතින් වස බොන්න ගොඩක් අය සන්ධානේ ඉන්නවනේ.(නදී)
අනේ මන්දා මෙහෙමත් කතා! (නි)
රටක් පාලනය කරන්න යාමට උත්සාහ කරන දේශපාලකයන්ගේ සමහර ප්‍රකාශ අසනවිට අනේ අනිච්චං කියලා හිතෙනවා (නි)
ඇත්තටම වස පානය කල යුත්තේ 01. රිසානා, මිය ගිය අවස්ථාවේ ඒ බව නොදැන පාර්ලිමේන්තුවේ ඇය බේරාගන්නා බවට පැවසු ඩිලාන් මහතා, 02. රුපියල් 2500 කින් මාසයක් කාල බිලා ජිවත් විය හැකි බව පැවසූ මහතා, 03. එහෙට මෙහෙට පැන අනාථවූ මහතා. (නදී)
මෙරට ඇතැම් භික්ෂූන් වහනසේලා අනුගමනය කරන්නේ බුදුන් වහන්සේගේ න්‍යාය නොවීම අවාසනාවකි (නදී)
අවුරුදු දහයක් කාපුවා දැන් අජීර්ණවෙලා නේද. තව සති දෙකකින් බඩ බුරුල් වෙන්න බෙහෙත් ලැබෙයි. (නි)
ඔබලා එක වෙලාවකට චෝදනා කරනවා ඔබල පටන්ගත්තු සංවර්ධන වැඩ අතරමග නතර කරලා කියල , සංවර්ධන වැඩ දිගටම කරගෙන යන එකටත් ඔබල විරුද්ධයි. මොකක්ද මේ ප්‍රතිපත්තිය ? (නදී)
මෙයාලා මෙහෙම කතාකරන එකනේ පුදුමය කියන්නේ... (නි)
ජනතාව ඔයාලව ප්‍රතික්ෂේප කලා නේද ? (නදී)
සෝහිත හිමියන්ගෙන් මෙවර රොටී වෙනුවට මොනවද දෙන්නේ ? (නදී)
තමුන්ගේ කිල්ලෝටෙත් පොඩ්ඩක් ඇරලා බැලුවානම් නෙවේද හොඳ ඔක්කොම එකයි කට්ටියම (එයාලයි මෙයාලයි)ඕක බිලා අපිව නිදහස් කරන්න පින් අයිතිවෙයි ආයුබෝවන(නදී)
ඩිලාන්ට පිස්සු හැදීගෙන එන්නේ කතා කරන්න දන්නේ නැති එකෙක් (බ)
මේක තමයි නියම නිර්මාණාත්මක සහ යථාර්ථවාදී කතාව. ජයවේවා (බ)
සම්පූර්ණ ඇත්ත (බ)
ඩිලාන් ඇතුලු පොදු පෙරමුණු හොර නඩයට 17 වැනිදායින් පස්සේ බොන්න වෙන්නේ වහම තමයි. බොරුවේ උපත. ගම්මන්පිල වගේ බොරු කාරයින් ළං කරගෙන වහ බිව්වොත් මේ රටට කොහොමත් හොදයි (බ)
හතර දෙනාගේ මූණු වලින් පේනවා අගෝ 17 දා අනිවාර්යෙන් 'ජයග්‍රහණය' කරන බව ! (බ)
ඔක්කොටම පිස්සු හැදීගෙන වගෙයි එන්නේ (නි)
ඔතනට තව එක්කෙනෙක් අඩුයි. එයත් එක්කගෙන ඇවිල්ලා වස බෝතල් 5ක් තියන්න ඉස්සරහින්. ඔයාලා අතරම බෙදාගන්න.මොකද ඉස්සරහට ඕනෑ වෙයි. අනේ ඩිලාන් මහත්තයෝ, බොරුවට කෑගහන්න එපා. ඔබතුමන්ලාගේ ආණ්ඩුවෙන් ඔය පාරවල් විවෘත කළානේ. කවුරුවත් මුකුත් කිවුවේ නැහැනේ. අන්න ඒ විදියට මහත්මා දේශපාලනයක් කරන්න. දිනන බව දන්නවා නම් මොකටද මේ විකාර වැඩ කරන්නේ. (නි)
එළකිරි කතාව, දෙන්න පුලුවන්නම් උත්තර.(නදී)
නිමල්, සහතික ඇත්ත මේ හතර දෙනාගේ මූණවල් දැක්කම අපිට හිතෙන දේවල් (නදී)
මුලින් ඔබතුමාගේ පක්ෂයේ ඉන්න හොරුන්ට මේක දුන්නා නම් හරි. (නදී)
ඔය ටික පරිස්ස්කරලා අරගෙන තියන්න 17 වෙනිදට අනිවාර්යෙන්ම ඕනෑ වෙයි (නදී)
බෝතල් ටික පරිස්සම් කරලා තියාගන්න. 17 න් පස්සෙ ඔය ටික ඕනෑවෙයි (නි)
මේවා බොරුනම් එක්ෂත් ජාතික පක්ෂයේ අධිකරණ ඇමති තුමා නිහඩව ඉන්නේ නැහැ. බැලුවහම යහපාලනයට ඡන්දෙ දීලා අපියි රැවටුනේ. රතු මල්ලිලාට තමයි මේ සැරේ ඡන්දෙ දෙන්නේ. එයාල අපිව රවට්ටන්නේ නැතිවෙයි නේද? (නදී)
ජයන්ත, යසීර් 17 වනදාට පස්සේ ඔය වහ බෝතල්ම තමහි ඔය නඩයට !(නදී)
දැන්නම් බොහොම වේදනාවෙන් වගේ ඉන්නේ. (නි)
ඔය වස කුප්පි ටික ප්‍රවේශමින් තියාගන්න මහත්තයෝ. මොකද ඔයාලගේ සෙල්ලම් අලුත් රජයෙන් හෙළිවුණාම ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)
දිලාන්ට තමයි 18 වෙනිදට වහ බොන්න වෙන්නේ (නදී)
එකක් දෙන්න
උගත් මහත්මයෙක් නේද ඔහොම බොළඳ කතා කියන්නේ.(නදී)
ඩිලාන් කියන්නේ කවුද කියන එක අපි දන්නවා (නි)
ඔය දේවල් වලට රැවටුන කාලේ ගියා (නි)
මුළු වියදම බිලියන 145.9 ක් ලු. එක කිලෝ මීටරයකට බිලියන 4.5 ලු. එතකොට කොළඹ ඉඳලා කිලෝ මීටර 32.4ක පාරක්ද හදන්නේ ? නුවරටම යන්න බැහැනේ ඕකේ.(නදී)
කතාව නම් ඇත්ත. (නි)
සම්පුර්ණ ඇත්ත කතාව (නදී)
කමල්, ජනතා ප්‍රතිචාරය 18 වෙනිදට පොළියත් එක්ක ලැබේවි. (නි)
ඕවා දැන්ම ළඟ තියාගන්න එක හොඳයි (නි)
ඡන්ද දායකයා මෝඩයෝ කියල හිතාගෙන දාන පොඩි මෝඩ චුන් එකක්. (නදී)
සන්දානයේ අළුත්ම දැක්ම (නදී)
ඔය ඔතන ඉන්න සමහර අයට වහ බැරල් ගණන් බොන්න වෙනවා. තව කන්ටේනර් ඕනෑ තව ගොඩක් අයට.අනේද කියන්නේ! (නි)
ඇත්තනේ. ඔවුන් කියන දේ ඇත්ත නෙමෙයි කියලා කියන්න පුලුවන්ද? (නි)
පරාජයේ වියරුව තදට වැදිලා. (නි)
අනිවාර්යයෙන්ම මෙතුමා කියන දේ වෙනවා (නි)
මෙතුමා කියන කතාව ඇත්ත (නි)
තෙල් බේහෙත්කාරයෝ වගේ (නදී)
තව දෙන්න ඕනෑ අය ඉන්නවා (නි)
අර විදේශ සේවා එකේදී කරපු වංචා ගැන පරීක්ෂන වල තත්වේ මොකක්ද දන්නේ නැහැ. (නදී)
මුන්ට ඇත්තටම පිස්සු. ඔය වස බෝතල් ටික උඹලම බීපන්.(නදී)
පරන අයට වහ බෝතල් දෙමු. අනිත් අයට කාලයක් දෙමු හැදෙන්න (නදී)
අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පර්මිට් එකක් ලැබෙනවා ලක්ෂ 200 ක වාහනයක් ආනයනය කිරීමට. පාර්ලිමේන්තුවේ 280 ක් ඉන්න නිසා මිලියන 5600 ක බදු මුදල් රජයට අහිමි වෙනවා. හරියට කන්ඩ බොන්ඩ ,ඉස්පිරිතාලවල සි ටි ස්කෑන් නැති රටක මේ වගේ බදු මුදලක් රජයට අහිමි කිරීම කොච්චර වැරදිද? මේ පර්මිට් එක අහෝසි කරන්න කියල අතිගරු ජනාදිපතිතුමාගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලනවා. (නදී)
ලස්සනම කතාව හරියටම හොඳ පැහැදිලි කිරීමක්. එක්සත් ජාතික පක්ෂයේ අයට තමයි වහ බොන්න වෙන්නේ (නදී)
නියම විහිළුව! (නි)
ජනතාවට තමයි වහබොන්න වෙලා තියෙන්නේ (නි)
මේ මිනිස්සු රුපවාහිනියේ ඉස්සරහ ඉඳන් මේ කරන්නේ නරකම ආදර්ශයක්. මේ ප්‍රවාෘත්ති අපේ පොඩි අයගේ මොලවලටත් යනවා. නරක ආදර්ශ සපයන මොවුන් ලංකාවෙන්ම තුරන් වෙන්න කියන එකයි මගේ පැතුම. මේ සියල්ලෝම බලලෝබීන් මිසක් ලස්සන ලංකාව සුන්දර කරන මිනිස්සු නෙවෙයි. ලංකාව ගැන හිතන මිනිස්සු ඉන්නේ බොහොම ටික දෙනයි ඔය ප්‍රදාන පක්ෂ දෙකේම.(නදී)
මට පේන විදිහටනම් මේ වැරදි පූර්වාදර්ශයක්. මාධ්‍ය ඉදිරියේ වස කුප්පී ගෙනවිත් බාල ළමා මහලු සියල්ලන්ටම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සිය දිවි නසාගැනීම් සදහා නියමින් හෝ අනියමින් පෙලඹවීම් කිරීම විය හැකිය.(නදී)
හොඳ වෙලාවට ඔය කතාව සෝබිත හිමි මහින්දට කිව්වේ නැත්තේ (නදී)
ඔබම බොන්න වහටික, අනුන්ට පොවන්න පෙර. ඔබ මොනවාද රටට කලේ ? දැන් බොරුවට දඟලනවා කෑගහගෙන (නදී)
ලී-කුවාන්ගේ ක්‍රමය සහ අංගුලි මාල පවා නිවැරදි පිලිවතට ගත බුදුන්ගේ ක්‍රමයද වැඩ උතුම් කියා සඟ පරපුර සීතා බැලිය යුතුය (නදී)
හොද කතාවක්.. හරක් අහගෙන ඉන්නවා හෝ ගාලා..(නදී)
රතු මල්ලිලා අලියාගේ පිටේ නැග්ගේ නැත්නම් හිතන්නවත් තිබුණා (ම)
18 වෙනිදට පස්සේ ඔයටික ඔයාලම එක උගුරට බොන්න හොඳේ...(නදී)
මේ සෙල්ලම් පෙන්නන ඩිලාන් මහත්තයා ගියපාර ඡන්දෙදී එයාගේ ආසනෙත් පරාදයි නේද?අන්න ඒ වෙලාවෙනේ ඔය වහ බෝතල් ටික ප්‍රයෝජනයට ගන්න තිබුණේ?වැඩිපුර තියෙනවා නම් ඔය වටේ ඉන්න කට්ටියටත් දුන්නට කමක් නැහැ (නි)
මේ වගේ විජ්ජා කරන අය වටේ ඉන්නාතුරු මහින්ද මහත්තයාට සෙතක් වෙයිද? (නි)
මෙයාලා කරන මේ දේ රටේ දේශපාලන තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට රැස්වීමට පැමිණි ජනතාවට කළ අවමානයක්. (නි)
මේ කියන කතාව බලන්නකෝ.සෝභිත හාමුදුරුවන්ට ගිහිල්ලා දෙනවලු වස බෝතල් 5 කට්ටියට බෙදලා දෙන්න කියලා. මාදුළුවාවේ සෝභිත කියන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේට වස බෝතල් ගිහින් දීලා හරියනවද? ඔය කියපු කට්ටියට වඩා සුදුසු කට්ටියක් ඉන්නවා ඔය වස බෝතල් ටික බෙදලා දෙන්න තමුන්ගෙම පක්ෂයේ. ඒ හින්දා පරිස්සම් කරලා තියාගන්න 17 වෙනිදට ඕනෑ වෙයි. (නි)
ඩිලාන් මහත්තයෝ, විකාර වැඩ නොකර හිටියා නම් හොඳයි නේද? (නි)
මට වැටහෙන විදිහට මෙම පලිබෝධනාශක අවභාවිතය නීතිය අනුව වරදක් (නි)
අපේ මිනිස්සු කතාව ලස්සනට අහගෙන හිටියට එ්ක තියෙන්නේ මොනවද කියල දන්නේ නැහැනේ. මහින්ද මහත්තය අගමැති කරමු කිව්වත් හු කියන මිනිස්සු ඉන්නවනේ එතුමලගේ රැස්වීම්වල. (නදී)
සාමාන්‍යයෙන් පිටුපස තිරයේ දක්වන්නේ කථිකයන්ගේ අනන්‍යතාවයයි . (නදී)
පොඩි බබාලත් මෙහෙම තමා ඉදිරිපත් කරන්නේ. රට දුෂණයෙන්, හොරුන්ගෙන්, කුඩුකාරයින්ගෙන් බේරාගෙන හැමෝටම යහපතක් වෙන වැඩපිළිවෙලක් මෙයාලට වටින්නේ නැතුව ඇති. (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
නායකයන් රටට දෙන ආදර්ශ මේවද? මේ අය පරාජයෙන් වියරු වැටිලා (නි)
දැන් ඡන්ද ලංවෙනකොට බයෙන් උන හැදිලා වගේ (නදී)
අනේ මෙහෙම ජෝකර්ලා අන්න සමන්ත ජේ.වී.පී එකේ දෙනවා වහ දැන් බොන්න වෙන්නේ කාටද ? (නදී)
දිලාන් මහත්තයෝ මටත් කොරියාවේ යන්න බැරිවෙයිද? 50000ක් දෙන්නම්.. මැයි පෙළපාලි වලටත් එන්නම්...(නදී)