අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට බව කියමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකට රැුගෙන ආ වස බෝතල් පහ අගෝස්තු 18 වැනිදාට ලැබෙන මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පසු භාවිතා කිරීමට එතුමාට නොසිතේවා යැයි ප‍්‍රාර්ථනා කරන බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
කෙසේ වෙතත් එම වස බෝතල් 17 වැනිදා උදේ වන විටවත් කබඩයක දමා අගුල් දා එහි යතුර බිරිද අතට දෙන්නැයි පෙරේරා මහතාගෙන් තමා ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
එසේ කිරීමෙන් ඔහුගේ ජීවිතය බේරෙතියි ද ඔහු කීවේය.
‘ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස හෝ එතුමා පාර්ලිමේන්තුවේ දී දකින්න අපි කැමතියි’ කී නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙත් එතුමාට ජාතික ලැයිස්තුවෙන්වත් අවස්ථාව ලැබේද යන්න සැක සහිත යැයි කියා සිටියේය.
වසර 20ක් පමණ දේශපාලනය කළ අය ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්නේ දිනන්න බෑ කියා සිතුනාම යැයි කී පෙරේරා මහතා ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලන්නත් බැරි තත්ත්වයක් පෙරේරා මහතාට ඇතිවීම ගැන කනගාටු වන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් හරිම දුකයි (නි)
ඇපත් නැතුව ගෙදර යවන හැටි අපි දන්නවා (නි)
ඔන්න ඔය වස බෝතල් ටික දැනට අවුරුද්දකට පෙර පෙවියයුතු අයට පෙවුවා නම් අද ඔයගොල්ලන්ට ඔච්චර දඟලන්න වෙන්නේ නැහැ (නි)
වස කතාව සමහරුන්ට විස වෙලාවද්ද? (නි)
මේක එච්චර ආරක්ෂාකාරී පියවරක් කියලා මම නම් හිතන්නේ නැහැ. (බ)
බලපෑම් නිසා කලකිරුණු රුපවාහිනි චැනල් එකක සභාපති කෙනෙක් ඉල්ලා අස්වෙනවා කියල දිලාන් මහත්තය කිව්වනේ. දැන් මොකද කියන්නේ? එතුමාට එහෙම බලපෑමක් නැත්තම් එතුමා දේශපාලන රැස්වීම් වලට නගීද? (බ)
තමුන්ට වහ පොවන්න එන අයටත් කරුණාවන්ත වීම. උගත්කමේ වෙනස (බ)
ඇත්තක් කීවත් බොරුවක් කීවත් පස්ස දොර ඇරිලා තිබෙන නිසා පාර්ලිමේන්තුවට යන්න හැකියි (බ)
ජගත් කිව්වේ සෝබිත හාමුදුරුවෝ ගැනද (බ)
බොරුවට කෑගහන්න එපා ඔය දින 100 ට අනවසර ගොඩකිරීමක් කරලා ඉන්ධන පිරවුමකුත් දාල නේද යහපාලනය කියා කෑ ගහන්නේ (බ)
ඔක්කොම එකතුවෙලා අපිව අන්දවනවා. (නි)