ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අඟහරුවාදා සවස ශ්‍රීලනිපය ගැන සිදුකළ ප්‍රකාශය හේතුවෙන් පක්ෂයට බලවත් අවාසියක් සිදුවී ඇතැයිද ශ්‍රීලනිපය මේ ගැන වහා තීරණයක් ගත යුතු යැයිද හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කෙරුණු ඉල්ලීම අනුව මෙම රැස්වීම කැඳවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද මධ්‍යම කාරක සභා සාමාජිකයෝය. ඔවුන් මෙම රැස්වීමට පැමිණේදැයි තහවුරු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබ්බා කියලා මොනා කරන්නද ? පක්ෂයේ ලොක්කෝ කලිනුත් එක එක විදියේ ප්‍රකාශන කරද්දී බලාගෙන සිටියා නම් , දෙනවත් වහල් භාවයෙන් මිදෙන්න බලන්න (අ)
ඕක වෙන බව මම නම් කලින්ම දැනගෙන හිටියා (ම)
චන්ද්‍රිකා මැඩම් එයිද? (ම)
මැඩම්ට ජයවේවා (ම)
මොකද අතට වෙලා තියන්න ඇත්තටම (ම)