IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'ඩ්‍රීම් ස්ටාර්' රවීන්ගේ අලුත් නිර්මාණ මැයි මාසෙන් පස්සෙලු

2016-04-11-ent-62

දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" සිවුවැනි අදියරේ දෙවැන්නා බවට පත්වූ කුලියාපිටියේ රවීන් කණිෂ්ක වික්‍රමරත්න මේ දිනවල තරමක් කාර්යබහුල වී සිටියි. ඒ ඉදිරි කාලයේදී ඔහුගේ නවතම ගීත එකතුවක් රසික, රසිකාවියන්ට තිළිණ කිරීමට සැලසුම් කරමින් සිටීම හේතුවෙනි. එමෙන්ම මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනේ දුලීකා මාරපනගේ ප්‍රමුඛත්වයෙන් තරග කරන "සුපර් ගැන්ජෙස්ටර්" කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කරයි. ඉදිරි කලා නිර්මාණ පිළිබඳව ඔහු "සාරවිට" අපිට මෙසේ දැනුම්වත් කළෙමු.

"අවුරුදු මාසේ නිසා තරමක් ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනාවල වැඩිවීමක් තියෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ආරාධනා ලැබෙන නිසා තරමක් දුරට සංගීත කටයුතු පැත්තෙන් මමත් මගේ සංගීත කණ්ඩායමත් කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනට සම්බන්ධවෙලා ඉන්නවා. මගේ කණ්ඩායම තමයි දුලීකා අක්කාගේ නායකත්වයෙන් තරග කරන "සුපර් ගැන්ජෙස්ටර්". ඉතින් එම වැඩසටහන්වලටත් පෙර පුහුණුවීම් කටයුතුවලටත් ලැබෙන විවේකය මත සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉදිරියේදී මගේ අලුත්ම ගීත කිහිපයක් රසික, රසිකාවියන්ට රසවිඳින්න පුළුවන් වෙයි කියන පොරොන්දුව මේ වෙලාවේ මම දෙනවා. හැබැයි මේ කාර්ය බහුලත්වයෙන් මිදිලා මැයි මාසේ අවසන් වෙලා තමයි අලුත්ම නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ. මම, සඳරුවන් ජයසිංහ, සිරස සුපර් ස්ටාර් රියලටි තරගාවලිය හරහා ක්ෂේත්‍රයට එකතු වුණ දිල්කි වැලිවත්ත වගේම සුලෝචන රාජපක්ෂ කියන අවුරුදු ගීතයක් මේදිනවල රූපවාහිනී නාළිකා කිහිපයකම විකාශය වෙනවා."

 

2016-04-11-ent-63



අදහස් (0)

'ඩ්‍රීම් ස්ටාර්' රවීන්ගේ අලුත් නිර්මාණ මැයි මාසෙන් පස්සෙලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site