අදින් වසර ලක්ෂ 1500 ට පෙරාතුව මිහිමත වාසය කළ ‘කුරුළු හොරා ‘ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතියක් වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා ඇත. ඇමෙරිකාවේ වියෝමින් ප්‍රදේශයෙන් හමුවූ මේ අස්ථි පද්ධතිය වෙන්දේසි කරන්නේ පැරිසියේ සොතබි ස්වභාවික ඉතිහාස වෙන්දේසියේ දී ය.
ඩයිනෝසරයන් අතර කුඩා සත්ත්වයකු ලෙස සැළකෙන ‘කුරුළු හොරා‘ හඳුන්වන්නේ ‘ඕනිතෝලස්ටිස්‘ නමිනි. ඉදිරි පාදවලට වඩා සාපේක්ෂව දිගින් වැඩි ශක්තිමත් පිටුපස පාද දෙකක් සහිත මේ සතුන් ඉතා වේගයෙන් ඔබමොබ යමින් කඩිසර ලෙස දඩයමේ යෙදෙන්නට ඇති බව පොසිල විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් වැඩිපුර කුරුල්ලන් හා යෝද කටුස්සන් දඩයම් කරන්නට ඇතැයි විශ්වාසයක් පවතින හෙයින් ‘කුරුළු හොරා‘ යන නම දී ඇත.
අඩි හතක් දිගැති මේ ඇට සැකිල්ල වෙන්දේසියේ දී ස්ටර්ලිං පවුම් 350,000 ට හෙවත් රුපියල් කෝටි අටහමාරකට පමණ අලෙවි කිරීමට අපේක්ෂිතය. වසරකට පෙර මේ වෙන්දේසියේ දී ම ඩිපියෝඩෝකස් වර්ගයේ ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතිය ස්ටර්ලිං පවුම් 500,000 ට වෙන්දේසි කැරුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd