(සුජිත් හේවාජුලිගේ )
රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගමගේ මහත්මියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී තිබුණද විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද සභාපතිවරයා කීවේය.
නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය ලබා ගෙන ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව පැවසේ.
ද්විත්ව පුරවැසිභාවය ගැටලුව හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අයිතියක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ( 9) බදාදා දැනුම් දුන්නේය.
ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන යන තැන පොලු තියයි.
නිමල්, රනිල්ගේ හයිය තමයි...
දුප්පත් රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්නමයි එන්නේ, මහ රැජිණගේ පාස්පෝට් එක තියාගෙන හොරකම් කරන්නේ ලංකාවෙන්..., ඕක තමයි රාජපක්ෂ සහෝදරයිනුත් කළේ...
මෙච්චරකල් නඩු නොදා වුණාට සභාපතිට නඩුදාන්න වටින්නේ?
මේ කාලයේ මෙරට හොඳම නඩු භාණ්ඩය නොවුණොත් තමයි පුදුම...!
ඔය විදිහට දෙන්නං කාසිවලට සජීවී විකාශන අවස්ථා රටේ අනෙකුත් පාරිභෝගික ව්‍යාපාරිකයන්ටත්, ජනතාවටත් දෙනවාද? දැන් මැතිවරණත් ළඟ නිසා ඉදිරියට දැන්වීම් විකාශන අවස්ථා දීලා ඒවායේ පොලුත් මහා භාණ්ඩාගාරය හරහා රටේ ජනතාවගේ බදු මුදලින් පියවා ගන්න පුළුවන් වේවි....!
ඩයනා ලංකාවට පිලිලයකි. නඩුහබ නැතුවම රටින් පිටකලත් අපට ඇත්තේ ලොකු සැනසීමක්.
ගෑනු නං දැකල තියෙනවා . මෙහෙම ගෑනු කෙනෙක් නං ජීවිතේට දැකල නැහැ .
බලාගෙන යනකොට මේ අම්මන්ඩි මාර චෞර පොරක් නෙ... තොත්ත බබෙක් වගේ හිටියට රාජකීය හොර වංචා වලට කප් ගහලා තියෙන බව පෙනවා. තව තවත් එලියට එන්න දෙවල් ඕන තරම් ඇතිය කියා මගේ ආච්චි, සීයා එහෙම නිතරම කියවනවා !!
මේ අම්මණ්ඩිට නඩු දාපු එක හොඳයි. හැබැයි රටේ වගකිවයුතු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් ලෙස රූපවාහිනියත් ලොකු වරදක් කරලා තියෙනවා. ඒ තමයි " දෙන්නම් කාසි " වලට වැඩ කිරීම. රජයෙන් යැපෙන , කොන්දක් නැති ,නිකම්ම නිකම් පතෝල ටයිප් එකේ නිලධාරීන් කොහොමද කියන්නේ " පේමන්ට්ස් ඉවරකරලා අවශ්‍ය ලියකියවිලි එවන්න අපි ඉක්මනට වැඩේ කරලා දෙන්නම් " කියලා. කියන්න බැහැ ,මොකද උන් දේශකාපාලුවාට බයයි.මේ භය එදා ඉඳලාම ..අවුරුදු 75 කටත් කලින් ඉඳලාම පැවත එන " ජාන ගත බයක් ". මම ප්‍රර්තනාකරනවා අනාගතයේදීවත් මේ අනවශ්‍ය ජානගත භය නැති නිර්භීත අවංක ශක්තිමත් නිලධාරීන් බිහිවේවා කියලා.එත්.. " කොල්ලෝ වැඳපන් මන්ත්‍රී තුමාට .." කියා තම දරුවන්ට අණ කරන, තමදරුවාගේ වැඩීගෙන එන පවුර්ෂ්‍ය නැතිකරන මෝඩ නුගත් නොන්ජල් ..දෙමාපියන් සිටිනතාක් කල් ..මොන කතාද ?