
(සුජිත් හේවාජුලිගේ )
සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය.
මීට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතය.
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරිණ.
මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත් ගමගේ මහත්මිය අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නැතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ.
රාජ්‍ය ඇමතිට නිල වාහන 3ක්. රටේ කොපමණක් ජනතාව තමන්ගෙ දෛනික කටයුතු වලට බස් එකක් නැතිව මහ මග වරු ගණන් රස්තියාදු වෙනවද? රටේ බත් කන හරක් ඉන්නතාක්කල් 226ටම දිව්‍ය ලෝක සැප සම්පත් මෙලොවදීම විඳලා ස්වර්ගස්ථ වෙන විදිහට තමයි මේ ක්‍රමය හදල තියෙන්නෙ !!!
මන්ත්‍රී පදවිය ස්වේච්ඡා සේවයක් කළ යුතුයි. රටට ආදරය කරන උතුම්, වැදගත් පුද්ගලයන් පමණක් ජනතා සේවයට එක්වනු ඇත. දැනට පාර්ලිමේන්තුවට පත්වී සිටින 225 දෙනා අතර එවැනි අවංක වූ පුද්ගලයින් සිටීනම් ඔවුන්ට වහාම ක්‍රියාත්මක වන විදිහට තම සේවය ස්වේච්ඡා සේවයක් බවට ප්‍රකාශයක් කළ හැකියි.
ඩයනා මෙච්චර කල් රජයෙන් ගත්තු පඩියත් රිෆන්ඩ් කරන්න ඕනෑ... කරපු අපරාධයට...
හොඳ වැඩේ...
දැන් ඔය භාර දුන්න වාහන වලට මොකද වෙන්නේ ?
ඩයනා ආපහු නයන වෙලා වගේ