
(කැලුම් බණ්ඩාර)
ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සැලසුම්කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය.
එක්සත් රාජධානි පුරවැසියෙකු වීම නිසා ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූවාය. ඩයනා ගමගේ මහත්මිය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇති බවත් මෙරට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පවත්වාගෙන යාමට ඇය අපොහොසත් වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය.ඒ හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.
පෙත්සමේ තීන්දුවත් සමග ශ්‍රී ලාංකික නොවන ඇය කිසිදු වලංගු ලියවිල්ලක් නොමැතිව මෙරට ජීවත් වූයේ කෙසේද යන ප්රශ්නය මතු වූවේය.ඇය ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ ලේඛනයක් භාවිත කර මෙරට ජීවත් වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බලන්නේද යන්න පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ දැන දැනත් නීති කඩපු කෙනා අල්ලන්න නීතිය හොය හොයා ඉන්නවා.. අරයාගෙන්, මෙයාගෙන් අහ අහා ඉන්නවා... මෙහෙම නිවටකමක්..., රනිල් මේසෙ යට ඉන්නවා කියලා හිතාගෙනද වැඩ කරන්නේ? අපි වගේ දුප්පත් කෙනෙකු වරදක් කළා නම් කොහොමද ඔය බන්දුගේ පොලීසිය...?
නීතිපති ඔය උපදෙස් දෙන්න තව දශක දෙක තුනක් ගනීවිද මන්දා...!
ඔය වගේ වැරැද්දක්, වෙන එක්කෙනෙක් කරානං මෙලහකට මොනවා වෙලා ඇත්ද?
ඒකත් එහෙමද? නිකම්ම නිකම් පුරවැසියන්ට නම් ලෝකෙ කොහේවත් නොමැති නීති යටතේ නඩු පවරනවා. මතකද බ්‍රිතාන්‍ය ජාතික සංචාරක ස්ත්‍රියකට අතේ බුදුන්ගේ පච්චයක් තිබීම නිසා නඩු පැවරුවා. සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ලංකාවේ නීතිය එකසේ ක්‍රියාත්මක කළ යුතු නැද්ද?
නීති විරෝධී ලෙස මෙරට තුළ රැඳී සිටින අයට ඉස්සර කිව්වේ කල්ලතෝනි කියලා.
ඇත්තටම මේක නම් විහිළුවක්. මේකත් හරියට අර අය්තිකරු නොමැති මල්වානේ නිවාස වගේ කතාවක්... මේතරම් ප්‍රසිද්ධ චරිතයක්, ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බවට පාර්ලිමේන්තුවේ විටින් විට ඇසුණු සංවාදයක් මුළු ලංකාවටම නොරහසක්, මේතරම් දේවල් සිදුවෙලත් මේ නිලධාරීන් ඒ පිළිබඳව නොදැනුවත් නම් ඇත්තටම පුදුමයක්.. මං හිතන්නේ ජනතා සේවයට මූලිකත්වය ලබාදෙන... ඒ සඳහා ඇප කැපවුණු අදාල නිලධාරීන්ට වෙලාවක් නෑ ඒවා සොයා බලන්නට...
එය එසේ නම් ඇය ඡන්දය පාවිච්චි කළ සියලු අණ පනත් නීතී විරෝධී හා වලංගු භාවයක් නොමැති ඒවා විය යුතුයි.
දැන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ එක රටක්... එක නීතියක්...
අත් අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන්න... නම අසාදු ලේඛනයට දාන්න.