ඩුබායිහි රථවාහන අලෙවිසලක සේවයේ නිරතව සිටියදී එහි තිබූ මෝටර් රථ 11ක් සොරකම් කොට අනවසරයෙන් විකුණා පළා ගිය ශ්‍රී ලාංකික සේවකයන් තිදෙනකුට ඩුබායි අපරාධ අධිකරණය වසර තුන බැගින් සිර දඬුවම් නියම කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග පවසයි.
ඩොලර් මිලියන 2.8ක් (රුපියල් මිලියන 410) වටිනා මෝටර් රථ 11ක් මෙම ලාංකික සේවකයින් එහි හිමිකරු විදේශ ගතව සිටින අවස්ථාවක විකුණා පළා ගොස් ඇති බවට එරට අධිකරණය හමුවේ ගොනු වූ නඩු විභාගයකින් පසුව මෙම දඬුවම් පනවා ඇත.
ඔවුන්ට සිර දඬුවමට අමතරව අධිකරණය ඔවුන්ට ඩිරාම් එක්ලක්ෂ 50,000 බැගින් වූ මුදල් දඩ ද නියම කර ඇති අතර සිර දඬුවම් කාලය නිමවීමෙන් පසුව ඔවුන් රටින් පිටුවහල් කරන ලෙසද නියෝග කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම කාපල්ලා , මෙහෙ වැඩ කරන ලංකාවේ හැමෝටම මහා අවනම්බුවක්, මුන් නිදහස් වෙලා ලංකාවට අා දාට නැවත හිරේ දන්නා ඕන රටේ නම ට අගෞරව කළාට (බ)
මම නම් කියන්නේ මොවුන්ට දුන් දඬුවම් ලිහිල් වැඩිය කියා , ජිවත් වීම සඳහා ලංකාවේ පිට රට ගොස් , ජිවත් වීමට රැකියව දුන් හාම්පුතාට මෙවෙනි දෙයක් කිරීම සහ ලංකාවට අපකීර්තියක් කිරීම , මොවුන් කවදා හෝ ලංකාවට ආපසු නැවතත් අප රටේදී දඬුවම් කළ යුතුයි (බ)
කරන්න පුළුවන් උපරිම හොර වැඩ කරලා අන්තීමට අරාබි අයට බනිනවා.ගල් ගහල මරනවා අරක මේක කියලා.බලන්න පොඩි හොරකමක්ද මේ බය නැති කමක් (බ)
හොරකම් කළ මුදලින්ම දඩේ ගෙවන්න පුළුවන් ඉතුරු මුදලින් ලංකාවට ඇවිත් තේ වත්තක් අරගෙන දියුණු වෙනවා දානයකුත් දෙනවා (හේ)
ලැජ්ජයි වෙලා තියෙන දේ දැක්කම.(හේ)
අනිවාර්යෙන්ම මේ වගේ වැඩ කරන්නේ අර වගේ අය තමයි..(හේ)