ඩුබායි සිට නීති විරෝධීව මෙරටට එවා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා සිගරට්, සපත්තු කුට්ටම්, සුවඳ විලවුන් ආදී භාණ්ඩ තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශය ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද (15) අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එහි සිගරට් 116000ක්, සපත්තු කුට්ටම් 2488ක්, සුවඳ විලවුන් මිලි ලීටර් 200 ප්‍රමාණයේ බෝතල් 5088ක් හා අයිලයිනර් තොගයක් තිබී සොයාගෙන ඇත.
අත් අඩංගුවට ගත් සිගරට් තොගයේ වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 65 ක් පමණ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කිවුවත් මිනිස්සු මේ දේවල් නවත්වන්නේ නැහැ (නි)
ඩුබායි වල බඩු ලාබායී එකනේ ගෙනියන්නේ ..(හේ)