නවදිල්ලි බලා එමින් සිටි ගුවන් යානයක වැසිකිළියේ ඉන්දියා රුපියල් කෝටි නවය හමාරක්( ශ්‍රී ලංකා රුපියල් විසිඑක් කෝටියකට වැඩි මුදලක්) වටිනා රන් බිස්කට් තිස් දෙකක් සඟවාගෙන ආ බව කියන ශ්‍රී ලංකා වැසියෝ සිව් දෙනෙක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඩුබායි සිට චෙන්නායි ඔස්සේ නවදිල්ලියට ආ මගීන් ගැන සෝදිසියෙන් සිටි ඉන්දියා ආදායම් අංශය මුලින්ම ඩුබායි සිට ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
බදු ගෙවිය යුතු කිසිවක් තමන් නොගෙනා බව පැවසුවත් වැසිකිළියෙන් රත්තරං සොයා ගැනීමට හැකි වු බවත් කුලියට ඔවුන් රන් හොරෙන් ගෙන එන්නන් බවත් ඉන්දියාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක මල්ලි, අද ලංකාවේ වැඩිම අපරාධ කරන්නේ සිංහලද මුස්ලිම් ද නැත්නම් දෙමළද කියලා ටිකක් පොලිසියේ අපරාධ අංශයට ගිහිල්ලා බලන්නකෝ (නි)
චින්තකගේ චින්තනය හරි. (ස)
ජනවාර්ගික ප්‍රශ්නවලට මුල් වූ චින්තන .(නදී)...
ඔව් ඔව් බෞද්ධයෝ හරිම අහිංසකයි .. කුඩු, දුෂණ, මිනි මැරුම්, බේබදු මේවා දන්නේවත් නැති උදවිය. (ස)
ලකී මහත්තයෝ..ජාත්‍යන්තරව කෙරෙන මත් ද්‍රව්‍ය හා අනෙකුත් නීති විරෝධී ජාවාරම් වල සිංහල බෞද්ධයන්ට තැනක් නැහැ..ඒවා සින්නක්කරව දවසට හත් පාරක් ආගම අදහන අය ලියාගෙන තියෙන්නේ.. (ස)
බෞද්ධයෝ මුස්ලිම් අයට එක ඇඟිල්ලක් දික් කරන කොට තව ඇඟිලි තුනක් තමන්නට දික් කර ගන්නවා. අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගැන හොයන්න ඉස්සෙල්ල තමන්ගේ ඇහේ තියෙන පරාලය අස්කර ගත්තොත් හොඳයි නේද ? (ස) කුමාර්.
චින්තක පෙරේරා මහත්තයෝ, නීති ගරුක සිංහලයෝ ඉන්නේ පින්තුර වලයි මිනි පෙට්ටි ඇතුලෙය් විතරයි නිකන් හීන දකින්න එපා. (නදී)
ද සිල්වා බෙර්ලින්, ඔබ හරි. ඔය දේ තේරුම් ගන්න බැරි කී දෙනෙක් අද සමාජයේ ඉන්නවද? රට අගාධයට ඇදයන්නේ ඔය මිනිස්සු තමයි. (නි)
ලකී කියා ප්‍රතිචාර දමන්නේ කොන්දක් නැති කෙනෙක් නේද? (නදී)
සිංහලයන්ට බනින අයටයි මේ. සිංහලයන් ළඟ මිනිස් ගති නැති වුණා නම් ඔය බනින අය කිසිවෙක් මෙහෙ නැති වන්නත් ඉඩ තිබුනා (නි)
ශ්‍රී ලංකාවේ අපරාධ, හොර ජාවාරම් කරන්නේ මුස්ලිම් ජනතාව කියන අදහස මම ප්‍රතික්ෂේප කරනවා. හොද වැඩ කරන මුස්ලිම්වරුත් ඉන්නවා. නමුත් සෑම මුස්ලිම්වරයාම හොර ජාවාරම්කාරයන් නෙමෙයි.ජාතිවාදය වැපිරීම රටේ අනාගතයට හොද නැත. ජාති ,ආගම්, කුලය අනුව භේද නොවී අපි ශ්‍රී ලාංකිකයන් කියන හැගීමෙන් කටයුතු කරන්න කාලය පැමිණ ඇත (නි)
චින්තන හරි. අපි හදුනන කෙනෙක් රන් බිස්කට් වැඩේට අතගහලා රේගුවට අහුවෙලා හරිහම්බ කළ වස්තුවත් නැතිවුණා. දරුවටත් සුපිරි පාසලට සමුදෙන්නත් වුණා.ටික කාලෙකින් නැවතත් හොද තත්ත්වයට ආවා. (නි)
චින්තක පෙරේරා මහත්මයා 100%ක් හරි. (නි)
චින්තක හරි. (නි)
මෙතන ජාතිවාදයක් ගැන නෙමෙයි කතාකරන්නේ, අපරාධකරුවන් ගැනයි. චින්තක අවධාරණය කරලා තියෙන්නේ "වැඩියෙන්" කියන වචනයයි. ඒක බොරුද? විවෘතව බලන්න, දවස ගානේ පළවෙන පුවත් දෙස. වැඩියෙන් කියන්නේ 'ජනගහනයට අනුපාතිකව වැඩියෙන්' කියන එකයි. (නි)
රොෂාන්, කුමාර්, ලකී,සිංහල නම් වලින් ලියන වෙන අය වගෙයි පෙනෙන්නේ. කරුණාකරලා ලියා තිබෙන දෙයක් තාර්කිකව තේරුම් ගන්න උත්සාහ ගන්න. ලංකාවේ අපරාධ වල සංඛ්‍යා ලේඛන වාර්ගිකත්වය අනුව වර්ග කර තිබෙනවා නම් මේ සත්‍ය දැනගත හැකිවේවි. (නි)
චින්තක,ඔය රටේ ඉපදුණු එකටත් මම ඉතාමත් කණගාටු වෙමි (නි)
ද සිල්වා මහතාට උත්තරයක් නොදීම බැහැ. මගේ ප්‍රකාශයේ කියලා නැහැ ලංකාවේ සියලු අපරාධ කරන්නේ මුස්ලිම් අය කියලා. හොඳින් කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. හැබැයි අපි ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන්න නම් මේ ජාවාරම් කරන අය මුලින්ම හිතන්න වෙනවා තමන් මේ ජාවාරමට සම්බන්ධ වුණොත් තමන්ගේ පවුලට, තමන්ගේ රටට ලැබෙන ප්‍රතිපලය මොකක්ද කියලා. (නි)
මෙන්න තවත් ජාතිවාදී ප්‍රශ්නයක්...... වැරැද්ද කලේ ලංකාවේ කෙනෙක් ලෝකයට වැඩක් නැත වැරැද්ද කලේ මුස්ලිම් ද නැත්නම් සිංහලද කියල... ලෝකය බලන්නේ මෙය වැරැද්ද කලේ ලංකාවේ කෙනෙක් කියල.. අපේ වැරැද්ද අපි අපිටම වැරැද්ද කරගෙන ඉන්න එක.. මුස්ලිම් මිනියෙක් හොරෙක් නම් එයා හොරෙක් විතරි එකම සිංහල මිනියෙක් කලත් හොරෙක්.(අ)
හැම එකටම මුස්ලිම්,මුස්ලිම් කියාගෙන කෑගහන අය ඉන්නවා. රටට විදේශ විනිමය එන්නේ කොහෙන්ද? (නි)
මෙවැනි ජාවාරම් වල වැඩියෙන් නිරත වන්නේ මුස්ලිම් ජාතිකයිනුයි. මම චෙන්නයි ගුවන් තොටුපොළේදී කිහිප වරක් දැක තිබෙනවා. ශ්‍රී ලංකා පාස්පෝර්ට් අතැතිව සිටින මුස්ලිම් ජාතිකයින්ව විශේෂ පරීක්ෂාවන්ට ලක් කරනවා. මුස්ලිම් ජාතිකයින්ට අවශ්‍ය කොහොම හරි මුදල් උපයා ගන්නයි . විදේශ වල විවිධ ජාවාරම වලට හසුවී ඇත අඩංගුවට පත් වන ශ්‍රී ලාංකිකයින්ගේ ජන වර්ගය වාර්තා නොකිරීම නීති ගරුක සිංහලයාට කරන අසාධාරණයක්. (ස)