එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි සුවිසල් මන්දිරයකින් ඩිරාම් තුන් ලක්ෂ පනස්දහසක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් කෝටි තිස්හත් ලක්ෂයක්) වටිනා අත් ඔර්ලෝසු, ස්වර්ණාභරණ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් පස්දෙනකු සැකපිට ඩුබායි පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘කලීජ් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි.
මෙම ලාංකිකයින් පස්දෙනාගෙන් හතරදෙනකු සොරාගත් මුදල් හා භාණ්ඩ රැගෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් හොර රහසේ පලා යෑමට උත්සාහ කිරීමේදී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් ලාංකිකයා ඩුබායි හි වෙනත් ප‍්‍රදේශයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත්දා මෙම ලාංකිකයින් පිරිස ඩුබායි හි අල් බෂ්රා ප‍්‍රදේශයේ පිහිටි එක්සත් අරාබි එමීර් ජාතිකයෙකුට අයත් මෙම මන්දිරයේ ප‍්‍රධාන දොරටුව කඩා සැකකාර ලාංකිකයින් අදාළ මන්දිරයට ඇතුළු වී ඇත.එම අවස්ථාවේ මන්දරයේ හිමිකරුවන් නොසිටි බව දැන ගැනීමත් සමඟ එහි තිබූ ඩිරාම් දෙලක්ෂ පනස්දහසක් වටිනා අත් ඔර්ලෝසු සහ ඩිරාම් ලක්ෂයක මුදල් නෝට්ටු සොරකම් කොට පලා ගොස් ඇත.
තම නිවසේ දොරගුළු කඩා නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කොට ඇති බව නිවසේ හිමිකරු නිවසට පැමිණිවිට දැනගැනීමට ලැබී ඇති අතර පසුව හැකිවිගසින්ම ඔහු මෙම සොරකම සම්බන්ධයෙන් ඩුබායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ලංකාවේ හිටපු දේශපාලකයෝ හොරකම සාමාන්‍ය දෙයක් ලෙස සමාජගත කළ එකේ ප්‍රතිඵල තමයි මේ. ඒ අතින් බලන කල රනිල් වික්‍රමසිංහ මහතා පරමාදර්ශී නායකයෙක්. (නි)
අනේ මෙහෙමත් හොරු ! අරාබි රටවල් තද නීති ගැන මෙරටින් එහාට යවන ශ්‍රමිකයන් දැනුවත් කළ යුතු වෙනවා, ඉදිරියේදී වත්. කොහොම වුනත් එරටේ අධිකරණය මගින් මේ පස්දෙනා වැරදිකාරයන් බව තීරණය වුනොත් මරණ දණ්ඩනය නොලැබුනත්, අඩුම වශයෙන් අත් නැතුව තමා ආපහු ශ්‍රී ලංකාවට එන්න වෙන්නේ !!! (හේ)
අපොයි රටේ නමත් කැත කරනවා.(හේ)
වැරදිකරුවන් වුනොත් කොහොම ලංකාවට එන්න වෙයිද දන්නේ නැහැ. (ර)
ඩුබායි වල සුළු හොරකම් වලට ඇඟිලිත් මෙවැනි සැලසුම් සහගත සොරකම් වලට තමා කැමති අතක මැණික් කටුව අසලිනුත් කපනවා. මීට අමතරව සිර දඬුවම් දී එම කාලය අවසානයේ රටින් පිටුවහල් කරනවා. (ර)