IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩුබායි ගියත් පුරුද්ද අත් නොහරිති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි සුවිසල් මන්දිරයකින්  ඩිරාම් තුන් ලක්ෂ පනස්දහසක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් කෝටි තිස්හත් ලක්ෂයක්) වටිනා අත් ඔර්ලෝසු, ස්වර්ණාභරණ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් පස්දෙනකු සැකපිට  ඩුබායි පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘කලීජ් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි.

මෙම ලාංකිකයින් පස්දෙනාගෙන් හතරදෙනකු සොරාගත් මුදල් හා භාණ්ඩ රැගෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින්  හොර රහසේ පලා යෑමට උත්සාහ කිරීමේදී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් ලාංකිකයා ඩුබායි හි වෙනත් ප‍්‍රදේශයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත්දා මෙම ලාංකිකයින් පිරිස ඩුබායි හි අල් බෂ්රා ප‍්‍රදේශයේ පිහිටි එක්සත් අරාබි එමීර් ජාතිකයෙකුට අයත් මෙම මන්දිරයේ ප‍්‍රධාන දොරටුව කඩා සැකකාර ලාංකිකයින් අදාළ මන්දිරයට ඇතුළු වී ඇත.එම අවස්ථාවේ මන්දරයේ හිමිකරුවන් නොසිටි බව දැන ගැනීමත් සමඟ එහි තිබූ ඩිරාම් දෙලක්ෂ පනස්දහසක් වටිනා අත් ඔර්ලෝසු සහ ඩිරාම් ලක්ෂයක මුදල් නෝට්ටු සොරකම් කොට පලා ගොස් ඇත.

තම නිවසේ දොරගුළු කඩා නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කොට ඇති බව නිවසේ හිමිකරු නිවසට පැමිණිවිට දැනගැනීමට ලැබී ඇති අතර පසුව හැකිවිගසින්ම ඔහු මෙම සොරකම සම්බන්ධයෙන් ඩුබායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.



අදහස් (0)

ඩුබායි ගියත් පුරුද්ද අත් නොහරිති

පිටිගල මිලානෝ Thursday, 14 January 2016 07:17 AM

සමහර ලංකාවේ හිටපු දේශපාලකයෝ හොරකම සාමාන්‍ය දෙයක් ලෙස සමාජගත කළ එකේ ප්‍රතිඵල තමයි මේ. ඒ අතින් බලන කල රනිල් වික්‍රමසිංහ මහතා පරමාදර්ශී නායකයෙක්. (නි)

:       0       0

නන්දලාල් Thursday, 14 January 2016 10:15 AM

අනේ මෙහෙමත් හොරු ! අරාබි රටවල් තද නීති ගැන මෙරටින් එහාට යවන ශ්‍රමිකයන් දැනුවත් කළ යුතු වෙනවා, ඉදිරියේදී වත්. කොහොම වුනත් එරටේ අධිකරණය මගින් මේ පස්දෙනා වැරදිකාරයන් බව තීරණය වුනොත් මරණ දණ්ඩනය නොලැබුනත්, අඩුම වශයෙන් අත් නැතුව තමා ආපහු ශ්‍රී ලංකාවට එන්න වෙන්නේ !!! (හේ)

:       0       0

සුමිත්‍රා Thursday, 14 January 2016 10:25 AM

අපොයි රටේ නමත් කැත කරනවා.(හේ)

:       0       0

පෙරේරා Thursday, 14 January 2016 11:09 AM

වැරදිකරුවන් වුනොත් කොහොම ලංකාවට එන්න වෙයිද දන්නේ නැහැ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 14 January 2016 11:40 AM

ඩුබායි වල සුළු හොරකම් වලට ඇඟිලිත් මෙවැනි සැලසුම් සහගත සොරකම් වලට තමා කැමති අතක මැණික් කටුව අසලිනුත් කපනවා. මීට අමතරව සිර දඬුවම් දී එම කාලය අවසානයේ රටින් පිටුවහල් කරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site