
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කළාය.
ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින් ඇය දික්කසාද පණිවුඩය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තබා ඇත. "මා ආදරණිය සැමියානෙනි" ලෙස ආරම්භ වෙන එම පණිවුඩය "මම ඔබව දික්කසාද කරනවා, දික්කසාද කරනවා, දික්කසාද කරනවා" ලෙස අවසන් වේ. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ෂෙයිකාට අනුගාමිකයන් ලක්ෂ 4 කට වඩා සිටී. ෂෙයිකා මාහ්රා වර්තමාන ඩුබායි පාලකයාට සිටින දරුවන් 26 දෙනාගෙන් එක් අයෙකි.
ඉස්ලාම් ආගමට අනුව සැමියන් තෙවරක් දික්කසාද කරන බව පැවසීමෙන් සිය බිරිඳව දික්කසාදය ලබා දෙන අතර එය ට්‍රිපල් තලාක් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම පණිවුඩය තහවුරු කර ගැනීමට ඩුබායි පාලකයා සහ ෂෙයිකාගේ සැමියා සම්බන්ධ කර ගැනීමට බී.බී.සී පුවත් සේවය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී ඇත.
ෂෙයිකා තැබූ පණිවුඩය සත්‍ය නම් සමාජ මාධ්‍ය ඔස්සේ දික්කසාද වූ ප්‍රථම රාජකීයයා ඇය වනු ඇති බවද පැවැසෙයි.30 හැවිරිදි ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සහ ෂෙයික් මනා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මනා අල් මක්ටුම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විවාහ දිවියට එළඹී අතර සිය ප්‍රථම දරුවා මීට මාස දෙකකට පෙර ෂෙයිකා බිහි කළාය.

COMMENTS
මේ තුන්වරක් "තලාක්" කියලා දික්කසාද කිරීම සම්බන්ධ ඉරාකයේ භාවිතාවන අපූරු චාරිත්‍රයක් ගැන මම අහලා තියනවා. ඒ තමයි හලාල් ගණිකා වෘත්තිය. මෙහදි අදාළ ගනුදෙනුකරු හා වෛශ්‍යාව පැය කීපයකට පමණක් විවාහකර දෙනවා. අදාළ කාල වේලාවෙන් පසුව මේ ක්‍රමයට දික්කසාද කරනවා. ඇත්ත නැත්ත දන්නේ නෑ. මම මේක කතාවක් විදියට අහලා තියනවා. මට හොඳටම විශ්වාසයි මේක කබරගොයා තලගොයා කරගෙන කෑමක් මිසක් ආගමට අනුකූල දෙයක් නම් නෙමේ කියලා. මුස්ලිම් අය බොහෝවිට දරුවන් ගණනාවක් සමඟ සතුටින් පවුල් ජීවිතයක් ගෙවනවා. මේ දික්කසාද ට්‍රේන්ඩ් එක නම් එච්චර සුබ දෙයක් නෙමේ...
ඔයා ඔහොම වුණාට කුමරියනි, අනිත් අය නම් ගෝනිබිල්ලෝ වගේ අඳින්නේ.
සැප වැඩිවුණොත් ඔහොම දේවල් වෙනවා
සෞදි අරාබියේ කාන්තාවකට මෙහෙම සෙල්ලම් දැන්න පුළුවන්ද? මට අමතක වුණා මේ රජතුමාගේ දුවෙක් නේ..
කුමරියගේ කැමැත්තට ඉඩ දෙන්න
ඒයා මාව බදින්න දික්කසාද වෙන්නේ
මුස්ලිම් ගෑනියෙක්ට මුස්ලිම් ආගමේ විදිහට තියෙන්න ඕනී කිසිම වැදගත් ගති පැවතුම් තිබ්බෙ නෑ. රජගෙ දුව නිසා කැමති කැමති විදිහට හිරට ඇඳගෙන පුක නටව නටව හිටිය. මං නම් කියන්නෙ මේ වගේ ගොසිප් අපිට වැඩකුත් නෑ පත්තරේකවත් දාන්න හොඳ නෑ වෙන එවුන්ගෙ කුණු. දරුවෙකුත් ඉද්දි සල්ලි ඇති තරම් තියන නිසා ඔහේ බල්ලු බලල්ලු වගේ හැසිරෙන ගෑනු කොහොමත් අයින් වෙලා යන එක තමයි හොඳ.