මහද්වීපයක ලක් තානාපති කාර්යාලයකි. පාටියකි. බ්‍රැන්ඩි විස්කි ගලා ගියේය. රජයේ ඇතැම් ලොක්කෝ ලෝස් නැතුව බොන්නට වූහ. ඉහළ තැනක නිලධරයෙක් වතුර බොන ගණනට ස්කොච්, විස්කි බීවේය.
රාත්‍රී කෑම වේලාව වන විට ඔහු කැරකෙන්නට විය. මිතුරෝ කිහිප දෙනෙක් ඔහු අල්ලාගෙන කෑම මේසය ළඟට රැගෙන ගියහ. කට දෙපැත්තෙන්ම විස්කි ගලා ගියාලු. රට ජාතිය රකින්නේ මෙහෙමදැයි එතැන සිටි අය ඇහුවාලු.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩීපීඑල් පාටියේදී විස්කි නායි
සල්ගාදු පැරිස් Sunday, 17 April 2016 06:12 AM
1977 පසු කිසිම විටක ප්‍රංසයේ ශ්‍රී ලංකා තානාපති ධ ධූරයට කිසිම විටක විදේශ අමාත්‍යංශයේ පළපුරුදු තානාපති කෙනෙකු ආවේ නැත , අනික් සියලුම පත්වීම් දේශපාලන හෙන්චයියල , කිසිම දැනුමක් නැති , මහජන මුදල් කබාසිනයා පමණකි (අ)
අපොන්සු Wednesday, 13 April 2016 06:51 AM
හේවා, ඔයා කියන දේ හරියටම හරි (නි)
ධම්ම Wednesday, 13 April 2016 07:04 AM
පාකිස්තානේ අපේ එම්බසි එකේ අය නම් බොන්න වැඩි කැමැත්තක් නැහැ. (නි)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 14 April 2016 07:28 PM
ඩීපිඑල් හෙවත් තානාපති සේවයේ නිලධාරීන් බහුතරය අද එම සේවයට එන්නේ උගත්කමට හෝ එම සේවය ගැන වැටහීමක් ඇතුව නොව, හුදෙක් ඇමති නෑදෑ හිතවත්කම් උඩය. ආ දවසේ ඉඳලා රජයේ මුදලින් සියල්ල පිනට ලබා ගනිමින්, ජීවිත කාලයටම හම්බ කරගැනීම කර ගනී. නිකන් ලැබෙනවා නම් විස්කි නොව අසුචි වුණත් කන්න තරමේ කොටසක් අපේ අය (නි)
පසිදු Monday, 11 April 2016 09:02 AM
ලැජ්ජාවේ බෑ.(හේ)
රෝෂන් Sunday, 10 April 2016 06:03 PM
සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරද. වැරදිකාරයෝ අපි අපිමයි (නි)
කින් බෙනට් Tuesday, 12 April 2016 04:44 PM
ඕක ලංකාවේ මිනිසුන්ගේ ජන්ම පුරුද්ද. විශේෂයෙන්ම රජයේ සේවකයෝ. නිකන් දුන්නොත් කුණු කරෝල කෑල්ලත් කයි. නැත්නම් ගෙදර ගෙනියයි. හැමදේම උපරිමයෙන්ම ඕනෑ. පේනවනේ හරියට වැඩක් නොකළත් එක එක දේවල් ඉල්ලලා කරන උද්ඝෝෂණ (නි)
වින්සන්ට් Sunday, 10 April 2016 08:34 PM
ඇසළ මහතා ඉඳහිටවත් පක්ෂ භේදයකින් තොරව හොඳ අදහසක් පළකිරීම සතුටට කරුණකි. (නි)
හේවා Tuesday, 12 April 2016 06:18 PM
සමහර තානාපතිවරුන්ට තානාපතිගේ රියදුරාට තිබෙන දැනුම්වත් නැහැ. සත්තයි අත්දුටුවයි (නි)
සමන් නන්දලාල් Sunday, 17 April 2016 03:13 AM
මෙතැන කියන්නේ ඩීපීඑල් පාටියක් ගැන නේ. බීපු ලොක්කා ආරකෂාවට සම්බන්ධයි කියලත් කියැවෙනවා.(බ)
සෑම් Sunday, 10 April 2016 08:31 AM
වෙන මුකුත් නෙමෙයි පෙරේත කම.(හේ)
ටෙරන්ස් Tuesday, 12 April 2016 10:17 PM
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
නීතා Tuesday, 12 April 2016 10:18 PM
මම සිංගප්පූරු එම්බසියක වැඩකරන කෙනෙක්. ඒ නිසා මම පුද්ගලිකවම දන්නවා කොච්චර දේවල් මේ එම්බසිවල ලොකු ලොක්කෝ කියන සොක්කෝ කරනවද කියලා. ඔවුන්ට මත්පැන් ලැබෙන්නේ ඉතාමත් අඩු මුදලකට. විශේෂයෙන්ම දේශපාලන හයියෙන් ඔතෙන්ට එන අය තානාපති සේවය කනවා (නි)
ටිකිරි Tuesday, 12 April 2016 11:10 PM
කිසිම විනයක් නැති, උගත්කමක් නැති අය වෙන රටකට ගියාම ඔහොම තමයි. එ්කනේ සිංහලයෝ ජාතියක් වශයෙන් මේ තරමටම පිරිහෙන්නේ (නි)
අශිකා Tuesday, 12 April 2016 11:16 PM
මමත් ඔය කියන එම්බසියක තමයි වැඩකරන්නේ. ඒත් මම ඒ සඳහා ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඒ විෂයට අදාළ උපාධියක් අරන් නියම සුදුසුකම් වලට අාවත් අපිට බැහැ මේ දේශපලුවොත් එක්ක වැඩකරන්න. කවදා අපේ රට හදන්නද මන්දා? (නි)
විකී Monday, 11 April 2016 12:09 AM
ඔය වැඩේට ලොකු පොඩි බේදයක් නැහැ. අපේ අය හැම දෙනාම එහෙමයි. වෙන කෙනෙක් බීලා ඉවර කරයි කියලා වගේ ඉක්මනට බොනවා. ඒක ‘එන්ජෝයි කරන්න‘ දන්නේ නැහැ. (නි)
නලින් යහම්පත් Sunday, 10 April 2016 09:20 AM
අපේ ලාංකිකයන් කොහේ ගියත් මොන තරමේ ලොකු තනතුරු දැරුවත් , නිකන් කන්න බොන්න දෙන තැනකට ගියාම , ඔක්කොම අමතකයි , කාල එතන නාල යන්නේ , (හේ)
ගාල්ලගේ Wednesday, 13 April 2016 03:15 AM
ඔව් ඉතින් අපේකම රැකගන්න ඕනෑනේ. (නි)
දුමින්ද Monday, 11 April 2016 12:46 PM
ජනපති ගේ විදෙස් මුදල් ඉතිරිකිරීමේ ආදර්ශය මහපොළවේ නැද්ද (අ)
රංජිත් Sunday, 10 April 2016 11:25 AM
එරොප්පෙ ගියත් බලලා ඤාව් කියනවා (බ)
පෙරේරා Sunday, 17 April 2016 05:06 AM
වැදගත් තනතුරක් දැරූ පමණින් කෙනෙක් වැදගත් වෙන්නේ නැහැ. (නි)
ඇසළ Sunday, 10 April 2016 11:46 AM
කොහොමත් අවුරුදු පහට හම්බවෙන තනතුරු නිසා පැන්ෂන් යනකම්ම ඇති වෙන්න එක පාර බොන්න ඇති. ඕකට ලොකු පොඩි බේදයක් නැහැ, පක්ෂයක් පාටක් නැහැ, දේසපාලුවෝ වගේ නිකන් දෙනවනම් අසුචි වුනත් කයි. (බ)
ක්‍රිස්ටෝ ඕස්ට්‍රේලියා Friday, 15 April 2016 05:47 PM
අපේ රටේ තානාපතිවරුන් සහ තානාපති නිලධාරීන් එම තනතුරේ ගරුත්වය නැතිකරලා තියෙන්නේ. එ්කට හේතුව සුදුසුකම් නැතුව එම තනතුරු වලට පත්කිරීම (නි)
ලංකා Friday, 15 April 2016 08:06 PM
මම දන්නා ලංකාවට ළඟ තිබෙන එම්බසියක හිටපු විදේශ ඇමති කෙනෙක්ගෙ නංගි, පෙම්වතිය සහ රියදුරු යන තුන්දෙනාම වැඩ කරනවා. ඒත් රියැදුරු නම් හොඳට වැඩ කරනවා, අනික් දෙදෙනාටම වැඩ බැහැ (නි)