මහද්වීපයක ලක් තානාපති කාර්යාලයකි. පාටියකි. බ්‍රැන්ඩි විස්කි ගලා ගියේය. රජයේ ඇතැම් ලොක්කෝ ලෝස් නැතුව බොන්නට වූහ. ඉහළ තැනක නිලධරයෙක් වතුර බොන ගණනට ස්කොච්, විස්කි බීවේය.
රාත්‍රී කෑම වේලාව වන විට ඔහු කැරකෙන්නට විය. මිතුරෝ කිහිප දෙනෙක් ඔහු අල්ලාගෙන කෑම මේසය ළඟට රැගෙන ගියහ. කට දෙපැත්තෙන්ම විස්කි ගලා ගියාලු. රට ජාතිය රකින්නේ මෙහෙමදැයි එතැන සිටි අය ඇහුවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 පසු කිසිම විටක ප්‍රංසයේ ශ්‍රී ලංකා තානාපති ධ ධූරයට කිසිම විටක විදේශ අමාත්‍යංශයේ පළපුරුදු තානාපති කෙනෙකු ආවේ නැත , අනික් සියලුම පත්වීම් දේශපාලන හෙන්චයියල , කිසිම දැනුමක් නැති , මහජන මුදල් කබාසිනයා පමණකි (අ)
හේවා, ඔයා කියන දේ හරියටම හරි (නි)
පාකිස්තානේ අපේ එම්බසි එකේ අය නම් බොන්න වැඩි කැමැත්තක් නැහැ. (නි)
ඩීපිඑල් හෙවත් තානාපති සේවයේ නිලධාරීන් බහුතරය අද එම සේවයට එන්නේ උගත්කමට හෝ එම සේවය ගැන වැටහීමක් ඇතුව නොව, හුදෙක් ඇමති නෑදෑ හිතවත්කම් උඩය. ආ දවසේ ඉඳලා රජයේ මුදලින් සියල්ල පිනට ලබා ගනිමින්, ජීවිත කාලයටම හම්බ කරගැනීම කර ගනී. නිකන් ලැබෙනවා නම් විස්කි නොව අසුචි වුණත් කන්න තරමේ කොටසක් අපේ අය (නි)
ලැජ්ජාවේ බෑ.(හේ)
සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරද. වැරදිකාරයෝ අපි අපිමයි (නි)
ඕක ලංකාවේ මිනිසුන්ගේ ජන්ම පුරුද්ද. විශේෂයෙන්ම රජයේ සේවකයෝ. නිකන් දුන්නොත් කුණු කරෝල කෑල්ලත් කයි. නැත්නම් ගෙදර ගෙනියයි. හැමදේම උපරිමයෙන්ම ඕනෑ. පේනවනේ හරියට වැඩක් නොකළත් එක එක දේවල් ඉල්ලලා කරන උද්ඝෝෂණ (නි)
ඇසළ මහතා ඉඳහිටවත් පක්ෂ භේදයකින් තොරව හොඳ අදහසක් පළකිරීම සතුටට කරුණකි. (නි)
සමහර තානාපතිවරුන්ට තානාපතිගේ රියදුරාට තිබෙන දැනුම්වත් නැහැ. සත්තයි අත්දුටුවයි (නි)
මෙතැන කියන්නේ ඩීපීඑල් පාටියක් ගැන නේ. බීපු ලොක්කා ආරකෂාවට සම්බන්ධයි කියලත් කියැවෙනවා.(බ)
වෙන මුකුත් නෙමෙයි පෙරේත කම.(හේ)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
මම සිංගප්පූරු එම්බසියක වැඩකරන කෙනෙක්. ඒ නිසා මම පුද්ගලිකවම දන්නවා කොච්චර දේවල් මේ එම්බසිවල ලොකු ලොක්කෝ කියන සොක්කෝ කරනවද කියලා. ඔවුන්ට මත්පැන් ලැබෙන්නේ ඉතාමත් අඩු මුදලකට. විශේෂයෙන්ම දේශපාලන හයියෙන් ඔතෙන්ට එන අය තානාපති සේවය කනවා (නි)
කිසිම විනයක් නැති, උගත්කමක් නැති අය වෙන රටකට ගියාම ඔහොම තමයි. එ්කනේ සිංහලයෝ ජාතියක් වශයෙන් මේ තරමටම පිරිහෙන්නේ (නි)
මමත් ඔය කියන එම්බසියක තමයි වැඩකරන්නේ. ඒත් මම ඒ සඳහා ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඒ විෂයට අදාළ උපාධියක් අරන් නියම සුදුසුකම් වලට අාවත් අපිට බැහැ මේ දේශපලුවොත් එක්ක වැඩකරන්න. කවදා අපේ රට හදන්නද මන්දා? (නි)
ඔය වැඩේට ලොකු පොඩි බේදයක් නැහැ. අපේ අය හැම දෙනාම එහෙමයි. වෙන කෙනෙක් බීලා ඉවර කරයි කියලා වගේ ඉක්මනට බොනවා. ඒක ‘එන්ජෝයි කරන්න‘ දන්නේ නැහැ. (නි)
අපේ ලාංකිකයන් කොහේ ගියත් මොන තරමේ ලොකු තනතුරු දැරුවත් , නිකන් කන්න බොන්න දෙන තැනකට ගියාම , ඔක්කොම අමතකයි , කාල එතන නාල යන්නේ , (හේ)
ඔව් ඉතින් අපේකම රැකගන්න ඕනෑනේ. (නි)
ජනපති ගේ විදෙස් මුදල් ඉතිරිකිරීමේ ආදර්ශය මහපොළවේ නැද්ද (අ)
එරොප්පෙ ගියත් බලලා ඤාව් කියනවා (බ)
වැදගත් තනතුරක් දැරූ පමණින් කෙනෙක් වැදගත් වෙන්නේ නැහැ. (නි)
කොහොමත් අවුරුදු පහට හම්බවෙන තනතුරු නිසා පැන්ෂන් යනකම්ම ඇති වෙන්න එක පාර බොන්න ඇති. ඕකට ලොකු පොඩි බේදයක් නැහැ, පක්ෂයක් පාටක් නැහැ, දේසපාලුවෝ වගේ නිකන් දෙනවනම් අසුචි වුනත් කයි. (බ)
අපේ රටේ තානාපතිවරුන් සහ තානාපති නිලධාරීන් එම තනතුරේ ගරුත්වය නැතිකරලා තියෙන්නේ. එ්කට හේතුව සුදුසුකම් නැතුව එම තනතුරු වලට පත්කිරීම (නි)
මම දන්නා ලංකාවට ළඟ තිබෙන එම්බසියක හිටපු විදේශ ඇමති කෙනෙක්ගෙ නංගි, පෙම්වතිය සහ රියදුරු යන තුන්දෙනාම වැඩ කරනවා. ඒත් රියැදුරු නම් හොඳට වැඩ කරනවා, අනික් දෙදෙනාටම වැඩ බැහැ (නි)