ඩෙන්මාර්කයේ රැකියා දෙන බව කියමින් කොටුගොඩ නැදගමුවේ කාර්යාලයයක් පවත්වාගෙන යමින් 50 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණ වංචා කළැයි සැකපිට ලක්ෂ්මී දීපිකා බාලසූරිය නම් කතක ගම්පහ මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ලබන 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඇය ළඟ තිබී විදේශ ගමන් බලපත් 46 ක් ද අත් අඩංගුවට ගැනිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ සේවා ඒකකය ඇය අධිකරණයට ඉදිරිපත් කළේය.
ඇයට එරෙහිව පැමිණිලි 19 ක් ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බටහිර රටවල රැකියා අවස්ථා ලබා දෙනවයි කියන ඒජන්සි වලට මුදල් දෙන්නේ බලා ගෙන.ඒ රටවල සුදුසුකම් නැති අයට රැකියාවක් ගන්න එක ඒජන්සි කාරයෝ කියන තරම් ලේසි නැහැ.මගේ මල්ලි 2009 කැනඩාවට යන්න කියලා රුපියල් ලක්ෂ 3 ක් දීලා තාම බලන් ඉන්නවා.ඒජන්සිකාරයා මොකක් හරි කරුණක් කියලා හැමවෙලාවෙම ලිස්සලා යනවා.(හේ)
රිමාන්ඩ් කරලා මදි.අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගන්නවාට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
හොර වැඩකරන සියලුදෙනාම අල්ලලා දඬුවම් දෙනවනම් අපේ රට තවත් කොච්චරනම් ලස්සන වෙයිද ...(දිල්)
ඔබේ මල්ලිගේ ඒජන්සියට ලියාපදිංචි අංකයක් නැද්ද ? හොඳට හොයලා බලන්න. කැනඩාවේ සංක්‍රමණයට විසා දෙනවා මිසක් රැකියාවන් දෙනවා කියලා මම අසා නැහැ. එවැනි විසා කාණ්ඩයක් ඕස්ට්‍රේලියාවේ නම් තිබෙනවා එම්ප්ලෝයර් ස්පොන්සර්ඩ් විසා කියලා. ඒජන්සි කාරය කියන දේවල් ඔක්කොම විශ්වාස නොකර වෙනත් විශ්වාස දැයි වෘත්තීය දැනුම ඇති කෙනෙක් ලවා මේ ගැන හොයලා බැලුවා නම් හොඳයි නේද ? කෙලින්ම අහන්න කියන්න යවපු ඉල්ලුම් පත්‍රයට අදාළ විසා කාණ්ඩයේ නම. ඒක ඒජන්සියට කියාගන්න බැරි නම් මේක ලොකු බොරුවක් . (හේ)
යුරෝපයේ රැකියා දෙනවා කියා ඒජන්සි පවත්වා මුදල් ගසා කන්නේ , ඒවාට අසුවන අයගේ නොදෙනුවත් කම නිසාය , අද වන විට යුරෝපයේ රෙකියා විරහිත ප්‍රමාණය බොහෝ අධිකය , යුරෝපයේ වාසය කරනා අයටත් රෙකියා නොමැති එකේ කොහමද මේ ඒජන්සි කාරයන් රැකියා දෙන්නේ කියා , පොඩ්ඩක් මුදල් ගෙවන්නට පෙර සිතා හෝ අසා දෙනුවත් වුනා නම් , මේ හොර ඒජන්සි කාරයන්ගේ මුදල් වංචා වලට අසුවන්නේ නැහැ (බ)
මෙයා හොද නැට්ටුක්කරියක්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සමග හොද සම්බන්දකම් තිබුන කෙනෙක්. එයා නටපු නැටිල්ලට මම හිතුවා මේ ටික ඉක්මනින්ම වේවි කියලා. මෙච්චර අද සමාජය දැනුවත්ව තිබියදීත් මේ වගේ වංචා කාරියන්ට රැවටෙන උන් තමා මෝඩයෝ. (හේ)
මුරුංග ඇත්තේ තියලා කතා කරද්දී අපේ මෝඩ මිනිස්සු ඉක්මනට අහුවෙනවා ඒ ගැටේට.මමත් ඔය කට්ට කැවා එක කාලයක් ඒ මෝඩ කමම කරලා.(අ)