ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්යෙන් පැවැත්විණි.
ස්කැන්ඩිනේවියානු රටවල ශ්‍රී ලංකා බෞද්ධ විහාරයන්හී ප්‍රධාන සංඝ නායක සහ ස්වීඩනයේ ස්ටොක්හොලම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන, ලූණුකඩවැල්ල රජමහ විහාරයේ භාරකාර කිරිඳිගල්ලේ ඥාණරතන, යු. සෝබන හිමි, ජර්මනියේ මින්ඩ්ස් සරසවියේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන, ඡිනීවා බෞද්ධ මධ්‍යස්ථානයේ හාලියාලේ විමලරතන, පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල, ඔස්ලෝ බෞද්ධ විහාරාධිපති මාර්තුගොඩ මනිරතන යන හිමිවරුද පිංකමට සහභාගි වූහ.
මෙම පිංකමට ඩෙන්මාර්ක්, ස්වීඩන්, නොර්වේ ඇතුළු රටවල් කිහිපයකම දායක දායිකාවන්ගේද දායකත්වය ලැබිණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් බුද්ධ ධර්මය ලොව තුල පැතිරේවා.(හේ)
උතුම් බුදුදහම ලොව සෑමතැනම පැතිරේවා! (නි)