ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඔක්තෝබර් මස 24 හා 25 වැනි සෙනසුරාදා ඩෙන්මාර්ක්, ස්විඩන් නෝර්වේ ඇතුළු අනෙකුත් අසල්වාසි රටවල දායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට යයි.
ස්කැන්ඩිනේවියා රටවල ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරයන්හී ප‍්‍රධාන සංඝ නායක සහ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමි ලූණුකඩවැල්ල රජමහ විහාරයේ භාරකාර කිරිඳිගල්ලේ ඥානරතන, යු. සෝබන හිමි, ජර්මනියේ මින්ඞ්ස් සරසවියේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරත්න ජීනීවා බෞද්ධ මධ්‍යස්ථානයේ හාලියාලේ විමලරතන හිමි, පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි පිංකමට සහභාගි වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd