ඩෙන්මාක් හී කෝපන්හේගන් විහාරස්ථානයේ කඨින පිංකම එහි විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර මස 26 වෙනි දින දවස පුරා පැවැත්විණි.
ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන හිමි, මාතලේ ධම්මකන්‍ධ හිමි, බුරුම ජාතික සෝභන හිමි, බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, ඹස්ලෝ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ජර්මනියේ බොන් බෞද්ධ විහාරාධිපති සුජාත හිමි යන හිමිවරු ඊට වැඩම කළහ.
ඩෙන්මාක්, ස්වීඩන්, නොර්වේ හා ජර්මනිය යන රටවල බෞද්ධයෝ රාශියක් සහභාගි වුහ.
කඨින පිංකමේ ප‍්‍රධාන දායකත්වය දේවිකා හොල්බෙක් මහත්මිය විසින් දැරිණි.
අවසානයේ අටවිසි බුද්ධ පුජාවක් පවත්වා පැමිණි සැමට මහා සංඝ රත්නය විසින් ආශිර්වාද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු..සාදු..සාදු...!! (නි)
මට මේ සදහා ආරාධනා කිරීම ගැන ධම්මරතන නායක හිමියන්ට ස්තුති කරන අතර ඒ සදහා සහභාගිවිමට නොහැකි වීම ගැන කනගාටුවෙමි. උන්වහන්සේලා සියලු දෙනාටම තව තවත් කාලයක් මෙම කටයුතු කරගෙන යාමට දීර්ඝායුස ප්‍රර්ථනා කරමි.(නදී)
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කර ගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කඨින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න. 00393341227517 (ස)
මේක නම් බලන්න ලස්සනයි (නි)
කඨින පිංකම ගැනයි මේ... http://dahamvila23-1.blogspot.com/2013/10/blog-post_21.html (ස)
ලස්සනට කළ කඨින පින්කමක්. පින්වතුන්ගේ පින්පාට හරියට පේනවා. (නි)