ඩෙංගු මදුරු කීටයන් සහිත අපිරිසිදු පරිසරයක් පවත්වාගෙන ගිය බවට නඩු පැවරූ 25 දෙනකුට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද (10) රුපියල් 2000 බැගින් දඩ නියම කළේය. කෝට්ටේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් නාවල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ හා වැලිකඩ සෝදිසියකින් මේ පිරිස සොයා ගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ හොදට වැස්සට පස්සෙ අපේ පැත්තෙ ගෙදරක බල්ලට කන්න දෙන කෝප්පයෙ වතුර පිරිල තිබ්බා කියල ඒකට රුපියල් 5000ක් දඩ ගහල ගිහිල්ලා.. මේවා නම් රජයට සල්ලි නැතිවද කොහෙද අපට ආදරේට කරන වැඩ නෙවෙයි..
රෑ හොදටම වැහි.. උදේ ආපු පරික්ෂකවරැ කෙසෙල් පිත්තක තිබුණු වතුර ටිකක් අරගෙනගියා.. ඊට පස්සෙ අද උසාවි දැම්මා.. මදුරුවොා හැදෙනවානම් වැරදියි..ඒත්.. කෙසෙල්පිත්ත...
ඩෙංගු මර්දනය කිරිල්ල කෙසේ වෙතත් දුප්පතාගේ බොටුව මිරිකලා සල්ලි ටික නම් ගන්නවා දඩ විදියට
අපිට පුළුවං මදුරැවො බෝවෙන එක පාලනය කරන්න පමණයි.. සම්පූර්ණයෙන් විනාශ කිරීමට පියවර ගන්න ඕන රජය.. අර බැක්ටීරියා කොහෙද?
මිනිස්සු පෙල ගැහෙන්න ඕන. අපේ පළාතෙ නම් ලඟදිම ඩෙංගු මදුරු ප්‍රශ්නය ගැන ගත යුතු පියවර ගැන ජනතාව එකතු වෙලා රැස්වීමක් තියලා මේ අසාධාරණයට විරුද්දව පෙල ගැහෙන්න ඉන්නේ. මේ මිනිස්සු 'වැරදිකරු' කියලා වරද පිළි අරන් යන්නෙ අසරණ කමට. දිගටම නඩු කියන්න පෙරකදෝරුවන්ට ගෙවන්න සල්ලි නැති නිසා එක පාර දඩයක් ගෙවලා අයින් වෙනවා. ඒක හොඳට ප්‍රයෝජනයට අරන් සල්ලි හම්බ කරනවා. මං මේ බලං ඉන්නේ සෞඛ්‍ය ඇමති රුපවාහිනි සංවාදෙකට එනකන්. කෝ පෙරටුගාමියෝ ????
මේ අසාධාරණ වැඩ තවදුරටත් සිද්ධවුනොත් මෝල් ගහෙන් ගැහුව වගේ තවත් බරපතල සිද්ධි වේවි. මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාවක් තියෙනව. අඩුගානෙ විපක්ෂය වත් මේ ගැන කටක් අරින්නෙ නෑනෙ.
ගොඩක් PHI මහත්වරු තමන්ට ලැබුණු බලතල ප්‍රයෝජනයට අරගෙන ඩෙංගු වලට කියල අසාධාරණ විදිහට නඩු දානවා. මමත් එහෙම දෙයකට මුණ දුන්න කෙනෙක්. ඩෙංගු කීටයෝ තියා, වත්තේ වතුර බින්දුවක්වත් නැතුව තියෙද්දී නඩු දැම්ම. කොච්චර ආයාචනා කළත් වැඩක් උනේ නැහැ. මේ අයත් එක්ක අපිට රන්ඩු කරන්නත් බැහැ. මොකද නීතිය තියෙන්නේ මෙයාලගේ අතෙනේ. ඇත්ත තත්වේ මේකයි. ඩෙංගු නැතිකළ යුතුයි. ඒ ගැන කිසි තර්කයක් නැහැ. එත් සමහර PHI නිලධාරීන් ඇත්තටම ඩෙංගු කීටයන් ඉන්න තැන්වලට හෝ බෝවිය හැකි තැන්වලට නැතුව, අහිංසක මිනිස්සුන්ට බොරුවට නඩු දානවනම් ඒක හරි නරක දෙයක්.
"මදුරුවොා හැදෙනවානම් වැරදියි..ඒත්.. කෙසෙල්පිත්ත..." අයියෝ, අපි තව කෙසෙල් පිත්තක් හොයා ගමුකෝ.දුක් නොවී ඉන්න.
BTI බැක්ටීරියාවත් විකුණලාද දන්නෑ කාටහරි?
ඉදිරියෙදි විදේශ ණය ගෙවන්න පුළුවං ඩෙංගුමදුරැවට පිං සිද්ධවෙන්න..
අර බැක්ටීරියාව දාලා ඩෙංගු සම්පූර්ණයෙන් විනාශ කිරීමට පියවර ගන්න ඕන රජය. ඒත් මට නම් හිතෙන්නේ ඩෙංගු ප්‍රශ්නය නිසා ඉදිරි දේශපාලනය ට ගැටලු ඇති වෙන බවයි. අර කථාවක් තියනවා "උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහක දමන්නත් බැහැ" ඒ කථාව තමයි මට පුද්ගලික අදහසක් ලෙස මේ කාරණාව නිසා කියන්න තියෙන්නේ
අයියෝ දෙන්න තිබ්බෙ මෝල් ගහක් අරං..