පසුගිය 6 මාසයේදී රටපුරා ඩෙංගු රෝගීන් 20731 දෙනකු වාර්තා වී ඇති බවත් එයින් 4761 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
පසුගිය හය මාසය ඇතුළතදී ඩෙංගු රෝගීන් 31 දෙනකු මිය ගිය බවද අමාත්‍යංශය පවසයි.
පසුගිය ජල ගැල්මත් සමග කැලණි නිම්නයේ ගොඩ ගැසුණු කුණු කසල ඉවත් කිරීම පමාවීමත් මදුරුවා බෝවන ස්ථාන ඇතිවීමත් නිසා මේ තත්ත්වය හටගෙන ඇතැයි වාර්තාවේ.
ඩෙංගු රෝගය බස්නාහිර පළාතේ අධි වසංගත තත්ත්වයක් ලෙස නම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත කියන්නේ බලු නගුටක් වගේ දෙයක්. මොන ජගතා ආවත් එ්කේ ඇද අරින්න බැහැ (නි)
ඔව් ඉතින් සංඛ්‍යා සමඟ ප්රවෘත්ති මාධ්‍ය වල පළකරනවා. මිනිස්සු ඒවා බල බලා හූල්ලනවා, නායකයෝ බලධාරියෝ තමුන්ගේ ඇඟ බේරාගන්න මොන මොනවාහරි සුරංගනා කතා ටිකක් කියනවා. තවලම ඔහේ යනවා. ඕක තමයි එදත් වුණේ, අදත් වෙන්නේ, හෙටත් වෙන්නේ. (නි)
දැන්නම් සමහර කට්ටිය බබාලා වගේ නේද? පහුගිය කාලේ කරපු වැඩ වලට එයාලවම තමයි මදුරුවො කන්න ඕනෑ. (නි)
ඩෙංගු ව්‍යාප්තවීම සම්බන්ධයෙන් වගකීම අපිම දරන්න ඕනෑ. මොකද මේ පරිසරය විනාශ කරන්නේ අපිම නේද? බලන්න අපිම පරසරයට කොච්චර කියලා හානි කරනවද කියලා. උදාහරණයක් විදියට යෝගට් කෝප්ප , ප්ලාස්ටික් බෑග් වගේ දේවල් අපිම තැන තැන විසිකරන්නේ නැද්ද කියලා. (නි)
ඇමතිවරු කයිය ගහනවා මිසක් මේවා හොයන්න වෙලාවක් නැහැනේ (නි)
මිනිසුන්ගේ නොසැළකිල්ල නිසාමයි මේ ලෙඩ පැතිරෙන්නේ (නි)
පසුගිය 30 වසරක් පුරා යුද්ධය පැවති සමයේ කොළඹ පාරවල් කුණු වලින් පිරුනා. කුණු බහාලුම් බෝම්බ බිය නිසා ඉවත් කළ නිසා ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. දේශපාලකයන් අද පියවර නොගන්නේ මදුරු කොයිල් සමාගම් වල බලපෑම් නිසා (නි)
මිනිසුන්ගේ ගතිගුණ නරක වෙනවිට ලෙඩ රෝග පැතිරෙනවා. ධර්මයේ හැසිරෙනවා නම් මේ ප්‍රශ්න නැහැ (නි)