පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනකුට ලබන ජනවාරි 18 වැනිදා දින චෙන්නායි අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
දේවානන්ද ඇතුළු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ සාමාජිකයන් 1986 වසරේදී දිපවාලී උත්සවයක් අතරතුර චෙන්නායි වැසියන්ට වෙඩි තබා ඇතැයි චෙන්නායි පොලිසිය ප‍්‍රකාශ කරයි. සැකකරුවන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයේ රඳවා ගෙන සිටි අතර ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව ඔවුන් පැනගොස් ඇතැයි ද චෙන්නායි පොලිසිය ප‍්‍රකාශ කර සිටියි.
නඩු විභාගය දෙකට බෙදා ඩග්ලස් දේවානන්ද මන්තී‍්‍රවරායට වෙනම නඩු විභාගයක් ද දැනට අතුරුදන්ව සිටින සැකකරුවන්ට වෙනම නඩු විභාගයක් ද පවත්වන්නැයි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා ඇත. මන්තී‍්‍රවරයා මෙම නඩු විභාගයේ තෙවැනි සැකකරු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු රජයෙන් ලිඛිත ඉල්ලීමක් කළොත් අපට නොසළකා හැරිය නොහැක. (නි)
නිල්මිණි සේපාල එකනයකට දඬුවම් දුන්නේ ලංකාවේ නීති රාමුව ඇතුලේ මිසක් ඉතාලි නීති රාමුවෙන් නොවේ! නිහාල් ඔයාගේ කතාව හරි ! දේවානන්ද ඉන්දියා පුරවැසියෙක්ද? නැත්නම් ලාංකිකයෙක් ද? (ම)
රටකට ගිහිල්ලා එරට නීතිය අනුව වරදක් කළොත් එරට උසාවියකින් නඩු අසන්න පුළුවන්. අරාබියේදී නඩු දමා දඩුවන් දුන්නු අවස්ථා සමහරුන්ට මතක නැතිවා වගෙයි. (ම)
ඇයි එහෙනම් චෙන්නායි වලදී අපේ හාමුදුරුවන්ටත් ගැහුවේ වීඩියෝ ත් තියෙන්නේ එහෙනම් අල්ලාගෙන වරෙල්ල. (බ)
ඒ පාර මොකාටද එන්න හදන්නේ ..? (ර)
කාර්තිනි නීතිය ඉගෙනගෙන එන්න.. මොහු වරද කරලා තියෙන්නේ ඉන්දියාවේ චෙන්නායි වලනම් නඩුව වැටෙන්නේ ඒ රටේ.. දැන් සුද්දෙක් අපේ රටේ වරදක් කළොත් අපි ගිහිල්ලා එංගලන්තයේ නඩු දාන්නෙ නෑ.. අන්න ඒ වගේ..(බ)
බම්බු ගහන්න කියන්න, එහෙනම් ජයලලිතාට අපි සිතාසි කියක් යවන්න ඕනද (බ)
අපේ රටේ ඉන්න කිසිම කෙනෙකු ඉන්දියාවට නඩු වලට බාර දිය යුතු නැහැ. ඉන්දියවට පුළුවනි අපේ උසාවියකට ඇවිත් නඩුවක් ගොනු කරන්න !! (බ)
හෙට අනිද්දා ඇවිල්ලා අත්අඩංගුවට ගන්න බැරිකමකුත් නැහැ. ළඟදීම පාලමත් හදලා ගිවිසුමත් ක්‍රියාත්මක වෙනකොට අපිත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි ඉතින් (නි)
නිතිය කාටත් පොදු වුණාට රටකින් රටකට බලපෑම් කරන නීතියක් කොහෙද තියෙන්නේ. රටකට ස්වෛරී බාවයක් තියෙනවා. (ම)
නීතියට සැවොම යටයි (නි)
නීතියට එරෙහිව යන්නන්ට දඬුවම් දියයුතුයි (නි)
මම මෙය දැනගන්නයි අහන්නේ. දේවානන්ද ඉන්දියානු පුරවැසියෙක්ද?
එතකොට ඉන්දියන් කෙනෙක් ලංකාවට ඇවිල්ලා මෙහෙම දෙයක් කරලා ඉන්දියාවට පැනලා ගිහින් නම් එතකොට කාර්තිනි කියන විදියටම කරන්න ඕනෑද? ඉන්දියාවට ගිහින් ලංකාවේ අය ඉන්දියානු උසාවියකට නඩු දාන්න ඕනෑද? (නි)
නිල්මිණි, ඔයා මොනවද දන්නේ? අපේ නීති පද්ධතිය හොඳටම ඇති වරදකරුවන්ට දඬුවම් දෙන්න. ලාංකිකයෙකු ඉන්දිංයන් අධිකරණයට යා යුතු නැහැ (නි)
මම මොකුත් දන්නේ නැහැ අනේ. නිකම් කටට ආවට කිවුවේ. සමාවෙන්න කාර්තිනී. (නි)
කවුරු කොහොම මෙතන අදහස් දැක්වුවත් නීතිය කාටත් පොදුයි (නි)
මේවා දකිනකොට මටත් හරි ආසයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න. (නි)