ඩෙංගු බෝකරන මදුරුවන් වැසිකිළි වළෙන් ද හමුවන බව ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මුංජුල පුංචිහේවා මහතා පවසයි. ඩෙංගු මදුරුවන් බෝවූයේ පැහැදිලි ජලයේ පමණි. අපිරිසිදු ජලයේ බරවා බෝකරන මදුරුවෝ බෝ වූහ. වෛද්‍ය පුංචිහේවා මහතා පවසන්නේ ඇල්පිටිය, අහංගම සහ වැලිගම ප්‍රදේශවල කරන ලද පරීක්ෂණයකින් වැසිකිළි වළවල් වල ද ඩෙංගු මදුරුවන් බෝවන බව තහවුරු වූ බවයි. මදුරුවන් ඉතා ඉක්මණින් අනුවර්ථනය වීමේ හැකියාවකින් යුතු සත්ත්වයෙකි. වෛද්‍ය පුංචිහේවා මහතා පවසන්නේ ඩෙංගු මදුරුවා වැසිකිළි පෝච්චියේ අලවන බිත්තර ජලය සමග වළ ඇතුලට ගොස් මදුරුවන් බිහිවන්නට ඇති බවයි. මෙය මදුරුවාගේ අනුවර්තනයක් විය හැකි බව ද හෙතෙම පවසයි. වැසිකිළියේ ඩෙංගු මදුරුවා බෝවි එළියට ඒම වැළැක්විමට නම් වැසිකිළි වල හොදින් මුද්‍රා තැබීම අවශ්‍ය බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඩෙංගු වලට සාර්ථක පිළියමක් සොයා ගත්ත වෛද්‍ය නෝනා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් මම දැක්කා. ඒ නෝනට වෙදකමට රජයෙන් උදවු කළා නම් ඩෙංගු කියනකොට ඔය හැටි වෙවුලන්න ඕනෑ නැහැනේ. (නි)
වැසිකිළි වළවල් වල ඩෙංගු මදුරුවෝ බෝවෙනවා කියලා දැන්ද දන්නේ? අපි නම් කලින් ඉදලම දැනගෙන හිටියා. (නි)
මිනිස්සු කන බොන දේවල් වල තිබෙන වස විස හැම දෙයක්ම යන්නේ වැසිකිලිවලට. මම නම් හිතුවේ මොනම පන තිබෙන පර පොසිතයකුට වත් මේ වලේ ඉන්න බෑ කියල බැලින් නම් ඩෙංගු මදුරුවා වැසිකිලි වලත් වලංගුයි නේ. (අ)
කෝ අර කොටි ගානක් දීලා ගෙන්වපු බි ටි අයි බැක්ටිරියව (අ)
මේක හැම ගෙදරකටම පොදු වෙන්නත් පුළුවන් (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණක් වෙන්න පුළුවන්. (නි)
මී උණ කියලා ලෙඩක් තියෙනවාලු....එය ආසාධනය වෙන්නේ මීයන්ගෙන් කියලා කියන්නේ.....එතකොට කුඹුරට ගහන කෘමි නාශක නිසා හැදෙන රෝගය කුමක්ද? එසේම ඩෙංගු කියලා රෝගය මදුරැවන්ගෙන් හැදෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා නේද? (ස)