පසුගිය මාස හතේ දී ඩෙංගු රෝගීන් 22800 ක් පමණ වාර්තා වී ඇතැයිද ඉන් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, ගාල්ල හා මාතර වසංගත තත්වයෙන් ඩෙංගු පැතිරී යන බව අමාත්‍යංශය කියයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7400 ක් පමණ වාර්තා වී ඇත.
ජූලි මාසයේ පළමු දින 8 දී රෝගින් 1056 දෙනෙකු සොයාගෙන ඇත. අයි.ඩී.එච්, දකුණූ කොළඹ, බොරැල්ලේ ආර්යා ළමා රෝහල, මීගමුව ජාතික රෝහල හා මහනුවර රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇතැයි ද කියති.
COMMENTS
මේ වසංගතයට කවුරුත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනෑ. මිනිසුන්ටත් තමන් අවට පරිසරය ගැන හැඟීමක් නැහැ. පළාත් පාලන ආයතනත් බොරුවට සංදර්ශන තියනවා විතරයි. කාණුවල වතුර බහින්නේ නැහැ. අනික ලෙඩේ ගැනත් මිනිස්සු දැනුවත් මදි. මම මේක කියවන කාගෙනුත් ඉල්ලන්නේ කාටහරි මේ දවස්වල උණක් හැදුනොත් ඒක "ඩෙංගු" කියා හිතාගෙන වැඩකරන්න. අර ඩෙංගු පරීක්ෂණය මුල් දින දෙක ඇතුළත කරන්න. රෝගියා ළඟම තියන රජයේ රෝහලකට ගෙනියන්න. මොකද ඕක හරියට කළමනාකරණය කරගන්න පුළුවන් අය ඉන්නේ එහෙ විතරයි. (නි)
පවු අනේ! බිත්තර දාන මදුරුවන්ට මොකුත් කරන්න එපා. එ්ත් ඉඩම් හිමියන්ට දඩ ගහන්න. (නි)
රටේ හැමදෙයක්ම අඩපන වෙලා තියෙන්නේ. වෙනදා වගේ ඩෙංගු මදින්න ගෙවල් ගානේ එන අය කාලෙකින් දැක්කේ නැහැ. (නි)