(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිල සුනඛයින් යොදවා ඩෙංගු කීටයන් ඇති ස්ථාන හඳුනා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මහනුවර නිළ සුනඛ අංශයේ ජොනී සහ රොමා යන සුනඛයින් මේ සඳහා පුහුණු කර ඇති බවද හෙතෙම කීය.
මෙම පුහුණුව සාර්ථක බවත් ඔවුන් හරහා ඩෙංගු කීටයන් හඳුනා ගැනීමට හැකි වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය
ඉදිරියේ දී මේ සඳහා තවත් නිල සුනඛයින් පුහුණු කර ඩෙංගු කීටයින් හඳුනාගැනීමේ හඳුනාගැනීමේ මෙහෙයුම්වල සහභාගි කරගන්නා කර ගන්නා බව ද හෙතෙම කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අගමැති තුමා ගිය අවුරුද්දේ ඩෙංගු නැති කරන්න කීටයෝ මුදාහරින ප්‍රොජෙට් එකක් පටන් ගත්තා නේද ? දැන් කෝ ඒක ? කවුරුවත් අහන්නේ නැහැ එකට මොකද උනේ කියල.
මිනිස්සුන්ට කරන්න බැරි දේවල් බල්ලන් ලව්වා හරි කරනවා... ජයවේවා...!!
ඔන්න මල්ලි බල්ලො දාලා මදුරුවෝ අල්ලන්නයි යන්නේ...