ගාල්ල කරාපිටිය රෝහල පරීශ්‍රයේදී කරන ලද සොයා බැලීම් වලදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන දහයක් සොයා ගත් බව ගාල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහතා කියයි. දැඩි සත්කාර ඒකකය අසල, ළමා වාට්ටු අසල, මෘත ශරීරාගාරය අසල මේ ආකාරයෙන් මදුරු කීටයන් දක්නට ලැබූණු බවත් මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බව ව්‍යෛ නිළධාරීවරයා පවසයි. මෙසේ සොයාගත් කීටයන් ඩෙංගු මදුරුවන් දැයි තහවුරු කිරීමට කීට විද්‍යාඥයන්ගේ සහාය ගන්නා ඔහු කියයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිස් නිලධාරීහු, සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීහු, රෝහල් කමිටු නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල් වල තත්වය මෙවැනි නම් ජනතාවට කාගේ පිහිටක්ද කෝ මේ පරිපාලන නිලධාරියෝ.(නදී)
සෞඛය අමාත්‍යංශයද පළාත් පාලනේද ? විවාදේ ඉස්සරහ, බඩු පිළිකන්නේ.(නදී)
නිලදාරීන්ට තනියම වැඩ කරන්න බැහැ. කම්කරුවො වැඩට ගන්නෙ දේශපාලකයන්ගෙ ලියුම් වලට. උන් පොත අත්සන් කරල මන්ත්‍රීලට කඩේ යනවා. නිලදාරීන්ට වඩා උන්ට පවර්.(නදී)
වැටත් නියරත් ගොයම් කානම් කාටද කියන්නේ. ගාලු ජනතාවට කියන්නේ උණක් හැදුනත් කරාපිටියට අරගෙන යන්න එපා. මොකද එතනින් ඩෙංගු හැදෙන්නත් පුළුවන් .ලංකාවේ රෝහල් ගැන අපිට හරි පිළිකුල් ඇමති වරු පුළුවන් තරම් පච කියන්නේ. තමන්ගේ ආයතනයවත් මේක හරියට පාලනය කරගන්න බැරුව මුළු රටේම කොහොමද කරන්නේ.(නදී)
රෝහලට යන්නේ ලෙඩ හොද කර ගන්න. නැතිව ලෙඩ අරන් එන්න නෙවේ.(නදී)
යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කිවුවලු (නි)
සියළු අවස්ථා වලදී දැනුවත් වුවත් වැඩකරන විට තමාට එම කාර්යය අයිති නැතැයි කියා සිතා සිටින මිනිසුන් දායාද කරන්නේ මේ වගේ දේවල් තමයි (නි)
අද මදුරු කොයිල් බාවිතය වැඩිවෙලා, ඒවාට මදුරුවන් විනාශ වෙන්නේ නැහැ. කොයිල් එකේ සැර දුමට අපිට නින්ද යනවා මිසක් මදුරුවෝ නොකා ඉන්නේ නැහැ. අනික ඒ දුම මදුරුවන්ට විෂ නම් මනුස්සයට හිතකර වෙන්නේ කොහොමද? මදුරු කොයිල් වලට අනවශ්‍ය වියදම් කරන එක වෙනුවට සාදාරන මුදලකට මදුරු දැල් ලබාදෙන්න කටයුතු කරන්න පුලුවන් නම් මදුරුවන්ගෙන් එන ලෙඩ රෝග බොහොමයක් වලක්වගන්න පුළුවන් වෙයි. වගකිවයුත්තන්ගේ අවදානය යොමුවේවා. (නි)
වැරදි කරන අයට දඬුවම් දීලා නීතිය ක්‍රියාත්මක කරන බව ඔප්පු කිරීම මේ රජය පැහැර හැර ඇත. දන ගස්සන එක ගස් බඳින එක වගේ රජයේ අයත් නිකම්ම පඩි ගන්නවා විතරයි. ඉතා ඉක්මනින් එල්ලුම් ගහ ගෙනත් නීතිය සනිටුහන් කරන්න. අස්වයා යන්න හදන්නේ. (නදී)
දැන් ඉතින් කාට නඩු දාන්නද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. මට පෙනෙන්නේ ඩෙංගු වෙළඳාමක් කරලා (නි)
ගරුකටයුතු මහත්වරුනි, ඔය පෙනෙන කෙසෙල් ගසේ පත්‍ර මුල එකතු වී ඇති වතුර වලත් පොල් ගස් වල පිති අතර එකතුවන වර්ෂා ජලයේත් ඩෙංගු කීටයන් බෝවෙනවා. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා අලුතින් නිපදවා ඇති මදුරු විකර්ශන පින්තාරු වර්ගය ලංකාවට හඳුන්වා දෙන්නේ නම් වඩාත් ප්‍රයෝගික වනු ඇත. (නි)
මේ ඉස්පිරිතාලෙ අයිති කාටද? මේ වගේ දේවල් වලට රජයෙන් විසඳුමක් දෙන්නෙ නැතුව අහිංසක මිනිසුන්ට දඩ ගහනවා. ආන්ඩුවෙන් ලංකාව පුරාම මේකට සුදුසු බෙහෙතක් විද්දා නම් මෙලහටත් ඕවා නතර වෙලා. (නි)
කරාපිටිය රෝහලේ පරිසරය අලංකාරවත් කර වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. රෝහල් පරිපාලනය මීට දැඩි අවදානය යොමුකළ යුතු වෙනවා. (නි)