බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රික කලාපයේ අවන්හලකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගැනුණු පිරිස අතර සිට බේරැණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා එම ප්‍රහාරයෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් මේවන විට ඩකා නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මොවුන් අඹු - සැමියන් වන අතර ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඔවුන් බැලීමට රෝහලට ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බව බංගලාදේශයේ වැඩබලන මහකොමසාරිස් සේසත් තාඹුගල මහතා දන්වා ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.
ඩකා හි සුප්‍රසිද්ධ අවන්හලකට ඇතුළුවු ත්‍රස්ත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (01) රාත්‍රී වෙඩි තබමින් සිදුකළ ඛේදවාචකයෙන් බංග්ලාදේශ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් 20කට අධික පිරිසක් මිය ගියහ. එම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය විසින් බාරගන්නා ලදී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඩකා නුවරදී ප්‍රාණ ඇපයට පත් ලක් යුවළ රෝහලේ
කසුන් Monday, 04 July 2016 08:09 AM
රට යන අත දැන් බලු විට අපිටත් එවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම සුළුකොට තකන්න බැහැ (කෞ)