හැට හත් වැනි නිදහස් දිනය සමරමින් කොල්ලුපිටිය පොල්වත්ත ධම්මතිත්තියාරාම විහාරස්ථානයේ දී අද උදෑසන විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්විණ.
1948 පෙබරවාරි මස 04 වැනි දා හිටපු අග්‍රමාත්‍ය ඩී ඇස් සේනානායක මහතා මෙම පන්සලට පැමිණ අඹ ගසක් සිටවූවේය.
කුඩා ළමෝ පිරිසක් අද එම ගස ඉදිරිපිට පහන් 67ක් දැල්වූහ.
හිටපු අමාත්‍යවරුන් වන රුක්මන් සේනානායක සහ කරුණාසේන කොඩිතුවක්කු මහත්වරු ද, ළමා කටයුතු රාජ්‍ය ඇමැති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට විහාරස්ථානය වෙත පැමිණය හැකි වන පරිදි පන්සල පිටුපස වන මාර්ගය විවෘත නොවේ. (නදී)
මේ අඹ රුක තව තවත් දළු දමා, කොළ දමා මුළු මහත් ජාතියටම නිදහසේ සෙවන දෙනවා ඇති බව අපේ උතුම් ප්‍රාර්ථනාව වෙනවා.! (ර)