වව්නියාව, කුඩාකච්චිකුඩියේ නිධන් හැරූ ව්‍යාපාරිකයන් පිරිසක් අත් අඩංගුවට නොගෙන පරීක්ෂණ යටපත් කළැයි වව්නියාව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන වීරසිංහ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා වරද පිළිගත් සෙසු සැකකරුවන් 6 දෙනකුට රුපියල් ලක්ෂය බැගින්ද තවත් සැකකරුවකුට රුපියල් 1,75,000කද දඩ නියම කළේය.

2015 ජූලි 9 වැනිදා වව්නියාව කුඩාකච්චිකොඩිය වැව අසළ බර යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ගල් තලාවක නිධන් හෑරූ බවට වරද පිළිගත් ජාඇල ව්‍යාපාරික ඩබ්ලිව්.ජී.ජානක සම්පත් පෙරේරා ඇතුළුකෝට්ටේ ව්‍යාපාරික සුජිත් සුසාර විජේතුංග, පූගොඩ ව්‍යාපාරික එච්.පී.ජී.තිසාර නලින්ද තිලකරත්න, පහළ ඉඹුල්ගොඩ සඳුන් චාමර විතානගේ ත්‍රී රෝද රියදුරු මැදවච්චිය ඇටවීරගොල්ලෑවේ ඩී.බී.සරත් බණ්ඩා, මැදවච්චිය කනදරාවේ එස්.එම්.ජී.වීරවිජය අයට රුපියල් ලක්ෂය බැගින්ද හා කුඩාකච්චිකොඩියේ ජේ.ඒ.රොහාන් ජයකොඩිට රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක ඇපයක්ද නියම විය.

පුරාවිද්‍යා භූමියක් වැනසීමට ඉඩ දුන්නැයි නියෝජ්‍ය පොලිස්පති හා ප්‍රධාන පොලිස් පරීක්ෂක චෝදනා 4කට මුහුණ දෙති. තමන් නිවැරදිකරුවන් බව ඔවුහු කීහ.

තෝනිගල සෙල් ලිපිය ඇත්තේද නිධන් හෑරූ මෙම ගල්තලාව සමීපයේය.

dig)_20159301 dig)_20159302 dig)_20159303 dig)_20159304