නාරාහේන්පිට හා බොරැල්ලේ නිවාස හතනික් රුපියල් ලක්ෂ 35ක් වටිනා රන් බඩු, ලැප්ටොප්, ගෑස් සිලින්ඩර්, විද්‍යුත් උපකරණ හා මුදල් කලක් තිස්සේ සොරකම් කළැයි කියන ත්‍රිරෝද රථ රියදුරෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේට්ලන් පෙදෙසේ තාරවත්තේ අඩු බිමලට බඩු විකුණන තැනක් ගැන ලැබුණු තොරතුරක් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දෙල්ගහපිටිය මහතා සමග කණ්ඩායමක් එහි ගොස් සිදු කළ සෝදිසියේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත්, ඒ වන විට ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ද, බ්‍රිගේඩියර්වරයකුගේ ද ගෙවල් බිඳ ඇති බවත් පොලිසිය පවසයි.

ඉලක්ක කර ගත් නිවස අසළට ත්‍රිරෝද රියෙන් ගොස් එහි කාර්මික දෝෂයක් ඇති බව පෙන්වා අවසරලත් සැනින් ගෙට පැන සොරකමේ ගිය බව කියන මෙම පුද්ගලයා මතට ඇබ්බැහි වූයේදැයි සොයා බලන බව ද පොලිසිය පවසයි.

DSC05616