නිධන් හැරීමේ සිද්ධියක සැකකරුවන්ට අත්අඩංගුවට ගැනීම වැළැක්වීයැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායකගේ නිල රථය බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ගාල් කර ඇතත් ඔහු සොයා ගැනීමට නැතැයි පොලිසිය පවසයි.
පොලිස් රියදුරා පවසා ඇත්තේ දින දෙකකට පෙර නියෝජ්‍ය පොලිස්පති මඩකලපුවේ සිට කොළඹට පැමිණි බවයි.
ඉන් පසු තමා ඔහු නුදුටු බව ද රියදුරා කියා ඇත.
දිසානායක 15 වැනි දා සිට අසනීප නිවාඩු වාර්තා කොට ඇති නමුත් නිවසේ හෝ පොලිස් රෝහලේ හෝ කිසිදු රෝහලක නොමැති බවත් පොලිසිය කියයි.
ඔහු සිටින තැනක් අද දැනගන්නට නොහැකි වුවහොත් වරෙන්තු ලබා ගැනීමට පොලිසිය සැරසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට ගියාවද්ද දන්නෙ නැහැ (නි)
මොකක්ද මේ සිද්ධවෙන්නේ? (නි)
වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)