IMG-LOGO

ඩීඅයිජී සඳුන්ගහවත්ත ගඳ වැඩකට හවුල්දැයි ප්‍රශ්න කරයි

උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටියදී 2014 දී පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ නවීකරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 21.5ක් වංචා කළැයි ඔහු හා තවත් තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.

පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධිකාරී තිලක් වසන්ත කුමාර සැරයන් ක්‍රිස්ටෝපර් සීමන් තමෙල් හා පොලිස් කොස්තාපල් රාජපක්ෂ ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා යටතේ පවත්නා පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා ඇත්තේ මෙම හිටපු පොලිස් අධිකාරී සඳුන්ගහවත්ත ව්‍යාජ ලේඛනවලට අත්සන් තැබීමෙන් එම වංචාවට ආධාර හා අනුබල දී ඇති බවයි.

කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සඳුන්ගහවත්තගෙන් අද (18) පැය 8ක් පමණ ප්‍රශ්න කළ අතර සිකුරාදා ද ප්‍රශ්න කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

ඩීඅයිජී සඳුන්ගහවත්ත ගඳ වැඩකට හවුල්දැයි ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site