කොළඹ කැප්පිටිපොළ මාවතේ පොලිස් නිලධාරි නිවස්නය අසල දී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ ගැටී ගසක ද වැදී වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ජනාධිපති ආරක්ෂක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්වරුන්ගේ වාහන මෙසේ අනතුරට ලක්විය.
වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ නිව්යෝර්ක් ගොස් සිටියි.
අජිත් රෝහණ මහතා වාහනයේ සිටිය දැයි දැනගන්නට නැත.
මෙම අනතුරින් පසු පොලිසිය එම ප්‍රදේශයේ පාර දෙපැත්තෙම වසා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නීති උල්ලංඝනයක් නිසා වැරැද්ද කාගේදැයි සොයා බලා වැරදිකරුට වහාම නීති ප්‍රකාරව දඬුවම් දිය යුතුයි.(ම)
අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවීමද වරදක්. මොවුන්ට දඬුවම් කළයුතු බව මගේ අදහසයි (නි)
බලමු බලමු නීතිය ක්‍රියාත්මක කරන ආකාරය, නීතිය සැමටම පොදුද කියලා (නි)
ඇයි පොලිසියේ අය ගැටෙන්නේ? අර්බුදයක් නැහැනේ. පොලිසියට වුණත් මාර්ග නීති කඩන්න බැහැ. (නි)
මේකේ වැඩි විස්තර ජනතාවට දැනුම් දෙන්න.(හේ)
එකම දෙපාර්තමේන්තුවේ වාහන දෙකක්? වාහන දෙක භාවිතය හිමිකමට නි.පොලිස්පතිවරු දෙදෙනෙක්. ගසකට නම් තුවාලව ඇති බව පෙනේ. වාහන දෙකටම අලාභහානියි නේද? රියදුරන් හා දෙපාර්තමේන්තුව අවශ්‍ය කරුණු කටයුතු ගැන වගබලාගනියි නේද? පාර දෙපැත්තම වසාදැමීම නම් ගැටළුවක් තමයි. (නි)
තොරතුරු දැනගැනීමේ පනතට අනුව පොලිසියේ ඉන්න විශේෂ පොලිස් නිලධාරියගෙන් මේක දැනගන්න පුළුවන් වෙයි නේද? (නි)
පාර වහලා මේ සිද්ධිය ගොඩින් බේරාගන්න හැදුවට ආරක්ෂිත කැමරා වලට බොරු කරන්න අමාරුයි (නි)
නියෝජ්‍ය පොලිස්පතිවරු මේ වාහන වල නොසිටිය නිසා මේක එතරම් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. රියදුරු මහත්වරු මෙයට වගකිවයුතුයි. (නි)
මොකද වුනේ පොලිස්පති තුමා කිව්වා විදියට නීතිය නවන්න ගිහින් ද හප්පා ගත්තේ. කමක් නැහැ. අපි තව ටිකක් වැඩියෙන් බදු ගෙවන්නම්, හැප්පුන පරණ එක වෙනුවට අලුත් එකක් අරන් දෙන්න.හොඳයි නේද ?(හේ)
ඒ රියදුරු වරු දෙන්නම එකම ප්‍රමිතියේ හින්ද කවුරුවත් අයින් කරලා ඉඩ දෙන්න කැමති නැති වෙන්න ඇති .. මම හිතන්නේ ඒක තමයි හේතුව (බ)