වව්නියාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (දැන් මඩකලපුවේ නියෝජ්‍ය පොලිස්පති) ඒ.එන්.දිසානායක ගැන අධිකරණයට වාර්තා කර ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා සිටීමට පොලිසිය සැරසෙයි.
මේ අතර සිටින තැනකින් පොලිසියට පැමිණ කටඋත්තරයක් දෙන්නැයි නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මගින් ඔහුට පණිවිඩයක්ද ලබාදී ඇත.
දිසානායක එතෙර ගොස් නැති බවටද තොරතුරු ලැබී තිබේ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමටද ක්‍රියා කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාරණා කිහිපයක් පැහැදිලියි. පළමුවැන්න, ඔන්න අල්ලනවා මෙන්න අල්ලනවා කිවුවට තවම වරෙන්තුවක් ගන්න සැරසෙනවා පමණයි. ඒ කලින් සද්දේ දාපුවම රට පැනල යන්න හරි හැංගෙන්න හරි අවස්ථාව ලබාදීමේ යටි අරමුණ ඇතිවයි. දෙවැන්න, පොලිස් කණ්ඩායම් පිටත් කර හැරිය, පරික්ෂකලා, ආදී වචන පාවිච්චි කලාට දැනට සිටින තැන නැගෙනහිර ජ්‍යෙෂ්ඨ පොලිස්පති හොඳින් දැන සිටින වගයි. මොකද පණිවුඩේ දෙන්න ඇත්තේ රජකාලේ වගේ අඬබෙරයක් ගහ ගහ පාරේ ගිහිල්ලවත්, ඉස්සර පිච්චර් හෝල් කාරයෝ කොළ බෙදාගෙන යනවා වගේ ඉස්පිකර් ගෙන කිය කිය ගිහිල්ලවත් වෙන්න බැහැනේ? මේ කට්ටිය කාවද මේ රවට්ටන්න හදන්නේ? (අ)