හම්බන්තොට පල්ලෙමලලදී පුද්ගලයෙකුට පහර දුන් බව කියන දකුණු පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන මහතා නියෝග කළේය.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වු බහින් බස් විමක් දුරදිග යාමෙන් පසුගිය 15දා ඩී.වී.උපුල් ඇතුළු තිදෙනකු පුද්ගලයකුට පහර දී ඇතැයි හම්බන්තොට පොලිසියට පැමිණිලි කර තිබිණි.
මීට පෙර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහැර තිබුණු අතර ඩී.වී.උපුල් සෙනසුරාදා (25) පොලිසියට බාරවූ පසු අධිකරණයට ඉදිරිපත් කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහට එකෙකුට ගහන්න බැරිවද තව තුන් දෙනෙක් එකතු කර ගත්තේ? (බ)
රජතුමාගේ දස මහා යෝධයෝ (බ)
මෙයාට තව වරක් ඡන්දය දෙන්න. එතකොට ඡන්දදායකයන්ගේ නහයත් විදිවි (බ)
මෙවැනි අය පත්කර යවන ජනතාවට මොනවා හිතෙනවද දන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට ඇතුළෙදීම පුළුවන් නම් අපිට පිටදිවත් පුළුවන් වෙන්න එපායැ කියලා මේගොල්ලෝ නම් හිතනවා ඇති. (නි)
පෙනුමින්ම පෙනෙනවා ගොඩක් දේවල් අපිට (නි)
කළ අපරාධ වලටත් හිරේ නොගොස් තවත් අපරාධ කරමින් නිදැල්ලේ සිටින්නේ කොහොමද? කෑමට රොටියක් පුච්චාගන්න දර කෑල්ලක් කැලෙන් කඩන අහිංසක ගැහැණු උදවිය ඇපත් නැතුව හිරේ (නි)
පෙනුමින්ම පෙනෙනවා ගැළපෙන්නේ වෙලයි නගුලයිද, පැලයි පැදුරයිද කියලා (නි)