වව්නියාව කුඩාකච්චිකුඩියේ නිදන් හෑරීයැයි කියන ව්‍යාපාරිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම ආපසු කැඳවී යැයි කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක වව්නියාව අතිරේක මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සෙසු සැකකරුවෝද යළි රිමාන්ඩ් කෙරුණාහ.
නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති අසනීපයෙන් සිටින හෙයින් ඔහුට ප්‍රතිකාර ගැනීම සඳහා ඇප දෙන ලෙසයි.
මහේස්ත්‍රාත් පැවසූයේ බන්ධනාගාරයේද රෝහලක් හා වෛද්‍යවරුන් සිටින හෙයින් නියෝජ්‍ය පොලිස්පතිට බන්ධනාගාරයේ ප්‍රතිකාර ලැබිය හැකි බවයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණ වහගෙන ගියාට වැඩක් නැහැ, ඕක කලින් හිතන්න තිබුණා (ම)