මහජන අවශ්‍යතා අනුව පොලිසිය වෙනස් විය යුතු බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා සියලු පොලිස් නිලධරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරින් 14 දෙනෙකුට නියෝජ්‍ය පොලිස්පති පත්වීම් ලිපි ප්රදානය කරමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත උසස්වීම් ලැබූවෝ මෙවුහුය.
අජිත් රෝහණ (උතුරු කොළඹ), වසන්ත වික්‍රමසිංහ (වවුනියාව), පද්මලාල් සදුන්ගහවත්ත (ගම්පහ), චම්පික සිරිවර්ධන (කොළඹ මධ්‍යම), ප්‍රියන්ත ජයකොඩි (අපරාධ වාර්තා හා වැඩබලන මාධ්‍ය හා මහජන සම්බන්ධතා), නිමල් පෙරේරා (ප්‍රභූ ආරක්ෂක), මර්වින් වික්‍රමසිංහ (ප්‍රවාහන), ග්‍රෙගරි කුරේ (වෛද්‍ය), ආර්.එන්. වැලිකන්න (රාජ්‍ය බුද්ධි), ආර්.එල්. රණවිර (අම්පාර), එම් .බි .මහගෙදර (වෛද්‍ය), එම් .බි. ඇල්ලේපොල (මහනුවර), ඩේවිඩ් ගජසිංහ (පොලිස්පති පුද්ගලික සහකාර), පාලිත ප්‍රනාන්දු (රත්නපුර).




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති තුමනි, ඔබට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉස්සෙල්ලම ඔබගේ දෙපාර්තමේන්තුව ඇතුලේ ඉන්න නොහොබිනා පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්න. ඔබගේ දෙපාර්තමේන්තුව හදාගන්න.පොලිසිය ගැන කිසිම විශ්වාසයක් තබන්න බෑ. ප්‍රශ්න විසදනවා වෙනුවට කරන්නේ ප්‍රශ්න අවුල් කරන වැඩ. දේශපාලන කාරයින්ට යටත් නොවී කෙලින් වැඩ කරන, නීතිය හරියටම ක්‍රියාත්මක කරන හොඳ පොලිසියක් හදාගත්තොත් එය අප හැමදෙනාගේම ලොකු ජයග්‍රහණයක්. ඔබගේ නම සදාකල් මේ රටේ බබලයි. එත් වෙලාවකට හිතෙනවා එක හීනයක් විතරයිද කියලා.(හේ)
රජයේ සේවයේ නියැලෙන සියලු ශ්‍රී ලංකා පුරවැසියන් ගේ අයිතිය හා බලාපොරොත්තුව උසස්වීම්ය . එය නිසිකලට සුදුසු අයට ලබාදීම හා ලබාගැනීම රජයක හා ජනතාවගේ යුතුකම හා අයිතිවාසි කමකි .සියලුම රජයේ සේවකයන්ට මෙය පොදු න්‍යායකි. යහපාලනය යනු මෙයයි ....!!! (බ)
නව පොලිස්පතිතුමාගේ ක්‍රියා කලාපය ලක් වැසියෝ ඉතා ඉහළින් අගයති ඔබතුමාට චිරංජයතු ....!!! .(බ)
පොලිස්පති තුමාට හා ශ්‍රී ලංකා පොලිසියට යහපාලනයෙන් සුබ අනාගතයක් (බ)
අලුත් පොලිස්පති තුමාට සුබ අනාගතයක් .ජයවේවා (බ)
ඉස්සර උසස්වීම් ගන්න උසාවී ගියත් ලැබුනේ නෑ (බ)
ගිය රජයෙන් උසස් වීම් ගන්න නඩු ගියා අපි විශ්‍රාම ගියා නඩු උසාවී අපි ගෙදර ..(බ)
පොලිස්පතිතුමනි, ඔබතුමාට තව අවු. 4ක් පමණ කාලයක් ඇත. ඔබතුමා විශ්‍රාම යනවිට ගුණයහපත්, නීතිගරුක, ක්‍රියාශීලි පොලිසියක් නිර්මාණය කරලා රටට බාරදීලා යන්න. එය කළහැක්කේ ඔබතුමාට පමණි (නි)
සියලු දෙනාටම සුබපැතුම්.! (ර)
පොලිස්පතිතුමාට චිරං ජයතු....! (නි)
ඔබතුමා රටට මෙතුවක්කල් කළසේවය රටවැසියන්ට කිසිදා අමතක නොවේ (නි)
පොලිස්පතිතුමනි, ඔබතුමාටත් රටටත් සුබ අනාගතයක්! (නි)
රටේ සාමය ඔබේ අතේ.... බලයට ,නිලයට ,ධනයට ,අල්ලසට ,යටනොවන ඔබ තුමා ශ්‍රී ලංකාව යහපාලනයක් කරා ගෙනයනු නියතයි ...!!! (හේ)
මේ අය දැන්ම හදා ගන්න පොලිස්පති තුමනි.(හේ)
අලුත් පොලිස්පතිගේ කට වගේම වැඩත් ඇත .(බ)
වර්තමාන පොලිස්පතිතුමාගේ වැඩ එදත් අදත් හෙටත් වැඩ කෙලින් ..(බ)
පොලිස්පතිතුමාට චිරංජයතු....!!! (බ)
ගිය රජයෙන් නම් කීපදෙනෙකුට රජ සැළකිලි, අනික් අයට කුඩම්මාගේ සැළකිලිනේ දුන්නේ. (නි)
ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ කෙටිකලකදී පොලිස්පතිතුමකු ලබාදුන් වැඩිම උසස්වීම් ලබාදුන්නේ පුජිත් මහත්තයායි (නි)